බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
මේ සඳහා ත්‍රෛනිකායික අති පූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය ද ලැබෙන බව ඇමතිවරයා පැවසීය.
මීට අමතරව එදින පෙරවරුවේ බොරැල්ල කනත්තේදි ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැම්පත් කර තිබෙන ස්මාරකයට උපහාර දැක්විමක් ද සිදු කෙරේ.දැහැමි සමාජයක්,දැහැමි පවුලක් බිහිකිරිමේ අරමුණින් එතුමාගේ ආදර්ශ සමාජ ගත කිරිම මෙහි අරමුණ බව ඇමතිවරයා කිය.
මෙරට නිදහස,බෞද්ධ අධ්‍යායනය,බෞද්ධ පාසල් හා දහම් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරිමේ පුරෝගාමියා වු ධර්මපාල තුමාගේ ජාතික මෙහෙවර පිළිබඳව වර්තමාන දරුවන් දැනුම්වත් කිරිමේ අභිලාෂයෙන් මෙම උළෙල සඳහා පාසල් සිසුන් 800ක් හා අනගාරික ධර්මපාල තුමාගේ වෙනුවෙන් පවත් වනු ලැබු රචනා හා කථික තරඟවලින් ජයග්‍රහණය කරනු ලැබු ළමුන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රධානය සිදු කිරිමට නියමිතය.ධර්මපාල චින්තනය ප්‍රචලිත කිරිම මෙම උළෙලේ අරමුණ බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.