Editor

Editor

ඔස්ට්‍රියානු සහන ණය යටතේ රෝහල් 33 ක ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක වැඩිදියුණු කිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පසුගියදා සිදු කෙරිණි.
 

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දුම්රිය මඟී සේවාව අඩාල නොකරන ලෙසත් එසේ නොමැති වුවහොත් දුම්රිය මඟී සේවාව පවත්වාගැනීමට දැඩි පියවර ගැනීමට සිදු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අද දිනයේ දී දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

යූරෝ මිලියන 39 ක ණය ආධාර යටතේ නුවරඑළියේ ඉදිකරන නව දිස්ත්‍රික් මහරෝහල පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ  නිරීක්ෂණයට ලක් විය.

වසර 2020 වනවිට ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග 1/3 ක් පාලනය කිරීමට සැළසුම් දියත් කර ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලෝක  සෞඛ්‍ය සමුලුවේ දී කියයි.
ලෝක සෞඛ්‍ය සමුලුව ජර්මනියේ බර්ලින් නුවර දී පසුගිය 15 දින සිට 17 දින දක්වා පැවැත්විනි.
 

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයතව දුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතටගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තු වන අතර දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තරමක් තද සුළං ද අපේක්ෂා කළ හැක.

දිවයිනට ඊශාන දෙසින් පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර එය තවදුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් ඉදිරි දිනවලදී මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සිට වයඹ දෙසට ගමනු කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 15 වන දා පෙ.ව. 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.