
Editor
අකුණුවලින් බේරෙන්නැයි අනතුරු හඟවයි
දිවයිනේ පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (31) දිනයේදී පවතින වැසි තත්වයේ වැඩි වීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ඟිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
අවුරුදු 9කට පසු කෝච්චි පාර්සල් ප්‍රවාහන ගාස්තුව50% කින් ඉහළට
2008 වසරේ සිට පාර්සල් ප්‍රවාහන ගාස්තුව ඉහළ නංවා නොමැති අතර වසර නවයකට පසුව මෙලෙස ගාස්තු වැඩිවීමක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සවස් කාලයේ දී ගිගිරුම් සහිත වැසි
අන්තර් නිවර්තන අභිසාරි කලාපය දිවයිනට දකුණු දෙසින් පවතින අතර දිවයින හරහා අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වී ඇති බැවින් සවස් කාලයේ දී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වනාන්තර විනාශ කරන්නන්ට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කරනවා - ජනපති
වනාන්තර සහ කැලෑ විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. රටේ වන සම්පත රැක ගැනීම සඳහා රජය සුවිශේෂී අවධානයක් යොමුකර කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට රජය ප‍්‍රමාදයකින් තොරව කටයුතු කරන බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජාතික රෝහලේ ජාතික අපස්මාර මධ්‍යස්ථානය ජනතා අයිතියට
කොළඹ ජාතික රෝහලේ ඉදි කළ ජාතික අපස්මාර මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (24) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි. ශ්‍රී ලංකා රජයේ සහ සංවර්ධනය සඳහා වන සවුදි අරමුදලේ ආධාර මත මේ සඳහා වැයකර ඇති මුදල් රුපියල් බිලියන 4.5 කි.
සුදුසැරයටි දින ජාතික සැමරුම් උත්සවය හෙට
දිවයිනේ සිව්දෙසින් පැමිණෙන සුදු සැරයටි දරන්නන් 400ක් දෙනා සහභාගී වන සුදු සැරයටි දින ජාතික සැමරුම් උළෙලේ පාගමන හෙට (25)දා බත්තරමුල්ල අපේ ගම ආසන්නයේ දී පැවැත්වේ. සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන මෙම ජාතික සැමරුම් උත්සවය පෙ.ව.8.30 ට බත්තරමුල්ල අපේ ගම දෙසින් ඇති පාර්ලිමේන්තු පිවිසුම දෙසින් ආරම්භ වේ .
රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය ලබන 28 දා
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය - 2017 ලබන 28 වන දින පැවැත්වීමට නියමිතය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 63 කදී සිංහල / දෙමළ - I / II / III / IV වන මට්ටම් යටතේ පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ 7878ක් පෙනී සිටිති.
සයිටම් ආයතනය පිළිබඳව රජයේ ස්ථාවරය තව දින කිහිපයකින් – ජනපති
සයිටම් ආයතනය පිළිබඳ ව රජයේ ස්ථාවරය තව දින කිහිපයකින් ප‍්‍රකාශයට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
බෞද්ධ ධර්මාචාර්ය විභාගය ලබන 28, 29 සහ නොවැම්බර් 05 යන දිනවල
බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2016 (2017) ලබන 28, 29, සහ නොවැම්බර් මස 05 වන දින පැවැත්වීමට නියමිතය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 148 කදී පැවැත්වීමට නියමිත මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ 21,760 ක් පෙනී සිටිති.
වර්ජනය වෙනුවට සමථකරණය
වැඩ වර්ජන ගැන රට පුරා පුලූල් අවධානයක් යොමු වී ඇත. නිතිපතා වර්ජන සිද්ධි වාර්තාවෙයි. වැඩ වර්ජනය කරන පිරිස තම අතියිවාසිකම් ඉල්ලා බල කරති. ඉල්ලන දේ වලින් දෙන්නට හැකි සීමාවක් තිබේ. ඉල්ලීම් දෙන තුරු වැඩ වර්ජනය කරන පිරිස කරන තර්ජනයෙන් විපතට පත් වන්නේ සාමාන්‍ය ජනතාව බව සදහන් කළ යුතුය. නොබෝදා දුම්රිය වැඩ වර්ජනය කළේය. එයට කලින් විදුලිය බල මණ්ඩලයේ සේවකයක්ය. වෛද්‍ය ක්ෂේත‍්‍රය ද වර්ජනය කළේය. වර්ජනය කරන අවස්තා වල දී අත්‍යාවශ්‍ය සේවා බිඳ වැටෙන අතර එය ආර්ථික සහ සමාජ ප‍්‍රශ්න ඇති කරයි.