ආයුර්වේද ඔසුසල් නවීකරණයට නව නීති - සෞඛ්‍ය අමාත්‍ය
ආයුර්වේද ඖෂධ අළෙවිසල් ප්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යාම සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
උඩරට එළවළු මිල ගණන් ඉහළ යාම ජුලි මාසයේ දී යථා තත්ත්වයට - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
මේ දිනවල උඩරට වගා කරන එළවළු මිල ඉහළ යාමට හේතුව මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හා අධික සුළං තත්ත්වය හේතුවෙන් එළවළු කොටු විනාශ වීම නිසා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
ඛනිජ තෙල් මිල ගණන් යාවත්කාලීන කිරීමට කමිටුවක්
ඉන්ධන මිල සූත්‍රය වඩාත් විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම පිණිස මහාභාණ්ඩාගාරයේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත නිල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
රාජ්‍ය ආයතනවල අතිරික්ත සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රධානීන් වගවිය යුතුයි
රාජ්‍ය ආයතනයන්හි අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් එහි වගකීම් භාරගත යුතුයැයි රජය තීරණය කර ඇත.
වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න
අද (18) සිට ලබන 25දා දක්වා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දිවයිනෙන් බැහැරව ඇති බැවින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කරනු ඇත.