කොටහේන - රාමනාදන් මාවතේ වාහන ගමනාගමනය සීමා කරයි
කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දිය සිට ඉබ්බගේවත්ත හන්දිය දක්වා රාමනාදන් මාවතේ අද (11) රාත්‍රී 9.00 සිට ලබන 14දා පෙරවරු 5.00දක්වා වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
වැඩි මිලට පොහොර අලෙවි කළහොත් දැඩි පියවර
විවෘත වෙළෙඳ පොලේ පොහොර මිටියක් රු. 1500ට වඩා මිලකට අලෙවි කළහොත් ඔවුන් එරෙහිව දැඩි පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
නොබෙදුණු, නොබෙදිය හැකි රටක් අවශ්‍යයි - ආණ්ඩු වෙනස් කරනවාට වඩා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතුයි
නොබෙදුණු, නොබිදිය හැකි රටක් අවශ්‍ය බවත් ආණ්ඩු වෙනස් කරනවාට වඩා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු බවත් විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
කළුතර මහ රෝහලටත් හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්
නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක ප්රතිලාභ ජනතාව වෙත ළඟා කිරීමේ අරමුණ ඇතිව රුපියල් මිලියන 800 ක වියදමින් කළුතර මහ රෝහලේ ඉදිකරන ලද හදිසි අනතුරු ඒකකය සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරු 3.00 ට එම රෝහල් භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
වසවිෂ නැති කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට ගොවීන්ට මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට සැලැසුමක්
නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු පළමු වරට කෘසිකර්ම අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඉළක්ක කරගනිමින් ලබන සතියේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.