මූලික පිරිවෙන් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2017 දෙසැම්බර් 26,27,28,29,30,31 සහ ජනවාරී 6,7 දිනයන්හි පවත්වන ලද මූලික පිරිවෙන් අවසාන විභාගය - 2017 හි ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉදිරි දිනවල මුහුදු වටා වැසි වැඩිවීමක්
ඉදිරි දිනවලදී දිවයිනේ දකුණු අර්ධයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොරියානු රැකියා නිපුණතා පරීක්ෂණය හෙට ඇරඹේ
කොරියානු රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා 2018 වර්ෂයට අදාළව පැවැත්වුණු විභාගයෙන් සමත්වූ රැකියා අපේක්ෂිතයින් සඳහා නිපුණතා පරික්ෂණ මැයි මස 16 හා 17 යන දෙදින පැවැත්වීමට නියමිතව ඇත.
400කට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට පියවර
විදෙස් රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයින් 400 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදනය කිරීම හෙට (16) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරේ.
වර්ෂාවෙන් ගාල්ලේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වෙයි
පසු ගිය දින රාත්‍රියේ ඇති වු අධික වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.