ලොව මිලියන 216ක් මැලේරියාවට ගොඳුරු වෙයි - මැලේරියාවෙන් තොර ශ්‍රී ලංකාවක්- ලෝක මැලේරියා දිනය අදයි
ලෝක මැලේරියා දිනය අදට (25)යෙදී තිබේ. ජගත් ප්‍රජාව මැලේරියා රෝගයෙන් මුළු මහත් මිනිස් සමජය ගලවා ගැනීම උදෙසා පියවර රැසක් ගෙන තිබෙන අවස්ථාවක අද දින ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක මැලේරියා දිනය ලෙස නම් කර තිබේ.
දන්සැල්වල ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පියවර ගැනේ
වෙසක් සහ පොසොන් පෝය සමයේ දිවයින පුරා පවත්වාගෙන යනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් ප්‍රධාන ආහාර බලධරයා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
හෙට සිට කාලගුණයේ වෙනසක්
අප්‍රේල් මස 25 වන දින සිට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, වයඹ,ඌව, සබරගමුව,දකුණ, මධ්‍යම සහ උතුරු මැද පළාත් වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වැසි ඇති වේ.
නව පාසල් වාරයට පෙර සියලු පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහන්
නව පාසල් වාරය ආරම්භවීමට පෙර දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට සියලු පාසල් දැනුවත් කර තිබේ.
උත්සවය සමය තුළ රට පුරා සුරාබදු වැටලීම් 3555ක්
උත්සවය සමය තුළ සිදු විය හැකි සුරාබදු අපරාධ වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වූ විශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ සාර්ථක වැටලීම් 3555ක් සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව ඇත. අප්‍රේල් මස 09 වැනි දා සිට 15 වැනි දා දක්වා මෙම විශේෂ අධීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.