බිළිඳු මරණ අඩුකිරීම අතින් ශ්‍රී ලංකාවට විශිෂ්ට තත්ත්වයක්-පවුල් සෞඛ්‍ය කාර්යාංශය
ගර්භණී කාලයේ සති 28 න් පසු කුස තුළ මිය යන දරුවන් (මළ දරු උපත් ) සහ උපතින් දින 7 ක් තුළ සිදුවන බිළිඳු මරණ අඩුකිරීම අතින් ශ්‍රී ලංකාව විශිෂ්ට තත්ත්වයක් ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.
වැසි වැඩිවීමක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
ඉදිරි දිනවල දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇත- අනියත බියකින් තොරව ඔබගේ දරුවන් පාසල්වලට යවන්න...
ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව ඔබගේ දරුවන් පාසල්වලට යැවීමට කටයුතු කරන ලෙස යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
ජනාධිපති පරිසර සම්මාන - 2019 අයදුම්පත් කැඳවිම ජුනි 14 දින දක්වා දීර්ඝ කෙරේ
මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරන ජාතික මට්ටමේ ප්‍රධාන වැඩසටහනක් වන ජනාධිපති පරිසර සම්මාන 2019 වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය 2019 ජුනි මස 14 දින දක්වා දීර්ඝ කර තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
කිසිදු අඩුපාඩුවක් නොමැතිව වෙසක් උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇත- කතානායක
කිසිදු අඩුපාඩුවක් නොමැතිව වෙසක් උත්සවය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.