මුං ඇට රටකජු ගෙන්වීම ඉදිරියේදි සම්පුර්ණයෙන් නවත්වනවා - කෘෂිකර්ම අමාත්‍ය
මුං ඇට ආනයනය ඉදිරියේදි සම්පූර්ණයෙන් නවත්වන බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
පොසොන් උත්සවය තිස්සමහාරාම රජමහා විහාරය හා සිතුල්පව්ව රජමහා විහාරය කේන්ද්‍රකරගනිමින් මෙවරත්
2019පොසොන් උත්සවය මෙවර ද ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරය හා ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය කේන්ද්‍ර කර ගෙන පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.
නිරිත දිග කොටසේ වැසි වැඩි වීමක්-කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රාජ්‍ය සේවකයන්ට රු. 2500/- මාසික දීමනාව ගෙවීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මගින් යෝජිත පරිදි රු. 2500/- ක මාසික අන්තර් දීමනාව ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් හට ගෙවනු ලැබේ.
රාජ්‍ය සේවය ගමට ගෙනයන විශේෂ වැඩසටහන 23 ඇරඹෙයි
රාජ්‍ය සේවය ගමට ගෙනයන විශේෂ ජනතා සේවා වැඩසටහන පිළිබඳ නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ දී 23 වෙනි දින පෙ.ව. 9.00ට පැවැත්වේ.