සියලු ම පාසල්වල ආපන ශාලා මේ මාසය තුළ දී පරික්ෂාවට
ශ්‍රී ලංකාවේ සියලු ම පාසල්වල පවතින ආපන ශාලා මේ මාසය තුළ දි පරික්ෂාවට ලක් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ රේණුකා පිරිස් මෙනෙවිය පවසයි.
ලෝක දුම්වැටි විරෝධී දිනය අද (31)ට යෙදී ඇත.
මෙවර ලෝක දුම්වැටි විරෝධී දිනයේ තේමාව වන්නේ "tobacco and lung health." යන්නයි. බෝ නොවන රෝග වන අධි රුධිර පීඩනය, පෙනහළු පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව, ස්වසන රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපානුයේ දුම්වැටි භාවිතයයි. අතුරු ආබාධ රැසකටද මෙය හේතු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. දුම්කොළ අඩංගු දුම් වැටි භාවිතය හේතුවෙන් සෑම තත්පර 4කට වරක් පුද්ගලයකු මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
විදෙස් ගමන්බලපත්‍ර ගාස්තු ජුනි 01 දා සිට සංශෝධනය කෙරේ
විදේශ ගමන් බලපත් ගාස්තු 2019 ජුනි මස 01 වැනිදා සිට සංශෝධනය කොට ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.
ඝණ හා අර්ධ ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම ජුනි මස 01 දා සිට
ඝණ හා අර්ධ ඝණ ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුලත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය ජුනි මස 01 දා සිට බලාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.