සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි
විශේෂ ආරක්ෂාවක්- දෙවන පාසල් වාරය අද ඇරඹේ
පසුගිය අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා ආරම්භ වීමට තිබූ දෙවනවරයේ පාසල් ආරම්භ කිරීම නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේය.
මුහුදු රළ ඉහළයාම අවධානමක්
පවතින කාලගුණික තත්වය තුළ මැයි මස 02 දින සිට මැයි මස 04 දින දක්වා මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 ක් දක්වා (මෙය ගොඩබිමට පැමිණිය හැකි රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
ළමයා සහ තරුණයා යන්න අර්ථ නිරූපණය කිරීමට අදාළ පනත් සංශෝධනයට
අවුරුදු 18 දක්වා වු තැනැත්තන් ළමයින් ලෙස අර්ථ නිරූපනය කිරීමට ළමයින් සහ තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමට හා අවුරුදු 18 සිට 22 දක්වා වු තැනැත්තන් තරුණයින් ලෙස අර්ථ නිරූපණය වන පරිදි තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥා පනතට සංශෝධන ගෙන ඒමට පියවර ගෙන ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
“ඖෂධ මිලදී ගත්පසු ෆාමසිවලින් පාරිභෝගිකයින්ට බිල්පත් නිකුත් කිරීම අනිවාර්යයි”- සෞඛ්‍ය අමාත්‍ය
පාරිභෝගික ජනතාව ඖෂධ මිල දී ගත් පසු සියලුම ෆාමසි වලින් බිල් පතක් නිකුත් කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.