කළු ගගෙහි ජල මට්මට පිටාර මට්ටමට-ගංගා ධාරා ප්‍රදේශයට ගංවතුර අනතුරු ඇගවීම්
කලු ගංගා ධාරා ප්‍රදේශයට මෙවන විය ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගගෙහි ජල මට්මට රත්නපුර පුදේශයෙන් පිටාර මට්ටමට ඇසන්න වෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව ඉදිරි පැය කීපය තුළ ද වැසි තත්වය මෙලෙසම පවතී යැයි අනාවැකි පලකර ඇත.
5 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 4 දා - අ.පො.ස උසස් පෙළ විභාගය අගෝස්තු 5 ඇරඹෙයි
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 දින සිටි අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු යොදා ඇත.
දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි සහ සුළං
දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය ජූලි මස 20 වන දා දක්වා තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
රත්නපුර, බලංගොඩ යන ප්‍රදේශ සදහා නායයාම් අනතුරු ඇගවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අධික වැසි තත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.
කතරගම පූජා නගරයේ මහජන සුවසෙත පතා විශේෂ මෙහෙයුම් රැසක්
කතරගම පූජා මංගල්‍ය නිමිත්තෙන් මේ දිනවල කතරගම ආශ්‍රිතව විශාල ජනකායක් ගැවසෙන බැවින් එම ජනයාගේ සුවසෙත පතා විශේෂ මෙහෙයුම් රැසක් ජූලි 02 වනදා සිට 17 වනදා දක්වා කතරගම නගරය සහ ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්.බාලසූරිය මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.