පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය නුවරඑළියේ ඉදිකිරීම් ආරම්භ කෙරේ
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය ඉදිකිරීම් කටයුතු අද (15) නුවර එළියේ දී අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක්
දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවලදී (ජූලි මස 16 වන දා සිට),විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.
ඩෙංගු බෝ කරන ස්ථාන සහ ආයතන ප්‍රසිද්ධ කර නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර
නිවෙස් වලට අමතරව පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර සහ කර්මාන්ත ශාලා ඩෙංගු මදුරුවන් බෝ වීමේ වැඩි අවධානම් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර දිගින් දිගටම මදුරු කීටයන් බෝ වන සේ එවැනි පරිශ්‍ර පවත්වාගෙන ගියහොත් එම ආයතන වල නම් ප්‍රසිද්ධ කර නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කොවිලේ වාර්ෂික පුජා උත්සවය පැවැත්වීමට නාවික හමුදාව සහය වෙයි
නයිනතිව් දූපතේ පිහිටි ‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කෝවිලේ වාර්ෂිකව පවත්වනු ලබන පූජා උත්සවය 2019 ජූලි මස 02 වන දින සිට ආරම්භ වූ අතර, මෙම පූජා උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ආරක්‍ෂක හා සනිපාරක්‍ෂක සේවාවන් සපයමින් සහය ලබා දෙයි.
චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය නැවතත් චිත්‍රපට සංස්ථාවට -අයිතිය උදුරාගන්න හදනවා නම් එයට එරෙහිව නැඟී සිටිය යුතුයි- කලාකරුවෝ
චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය නැවතත් චිත්‍රපට සංස්ථාව ලැබීම සම්බන්ධයෙන් සිනමා කලාකරුවන් රැසක ගේ ප්‍රසාදයට හේතු වී තිබෙන බවත් මෙම අයිතිය නැවත උදුරාගැනීමට හදනවා නම් එරෙහිව නැගී සිටිය යුතු බවද කලාකරුවෝ පවසති.