අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල සමෝධානීකරන ජංගම කොන්සියුලර් සේවාවන් පවත්වයි
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2019 අගෝස්තු මස 17 සහ 19 යන දිනවල පිළිවෙලින් අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල සමෝධානීකරන ජංගම කොන්සියුලර් සේවාවන් පැවැත්වීමට නියමිතය.
පාසල් නිවාඩු සමයේ බදුල්ලට විශේෂ දුම්රිය සේවයක් අද සිට
පාසල් නිවාඩු සමයේ සංචාරයේ යෙදෙන මගීන් සදහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් අද (අගෝස්තු 08දා) සිට ධාවනයේ යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරී රංජිත් පත්මලාල් මහතා පවසයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ලබා දෙන 15% පොලි අනුපාතයේ කිසිඳු වෙනසක් නැත - මුදල් අමාත්‍යාංශය
මහ බැංකුව,වාණිජ බැංකු මගින් ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාතය අඩු කර ඇති නමුදු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 15% විශේෂ පොලී අනුපාතයන් ලබා දීමේ ක්‍රමවේදයේ කිසිඳු වෙනසක් සිදු කර නොමැත.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අගෝස්තු 15 සිට 20 දක්වා
මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු 2019 අගෝස්තු මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා දැනුම් දෙයි.