සක්‍රීය පාසල් පද්ධතියක් පවත්වා ගනිමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ගුණාත්මක ව සංවර්ධනය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මෙහෙයවීමෙන් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ වැඩසටහන් රැසක් මෑතකාලීන ව ක්‍රියාවට නැංවෙමින් ඇති අතර, විදුහල්පති තනතුරුවල පුරප්පාඩු සහිත ජාතික පාසල්වලට සුදුසුකම් ලත්, විදුහල්පතිවරුන් බඳවාගැනීම සම්බන්ධයෙන් ද, අමාත්‍යවරයාගේ ප්‍රමුඛ අවධානය යොමුව තිබේ.

රැකියා විරහිත උපාධිධාරින් 16,800 ක් අභ්‍යාසලාභින් පුහුණු නිලධාරින් ලෙස බඳවා ගැනිමේ පත්විම් ප්‍රදානය හෙට (30) දින පෙ.ව 11.30 දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දි සිදු කිරිමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හා ක්‍රියාමාර්ග අතර පළාත්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට කුසලතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3888ක් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල් පද්ධතියට බඳවාගැනීමේ වැඩපිළිවෙළ සුවිශේෂ ක්‍රියාමාර්ගයකි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

දුම්රිය මඟින්ගේ පහසුව සඳහා 2019/08/01 සිට නව දුම්රියන් හා පැවැති දුම්රියන් සංශෝධනයට ලක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පහතින් එම සංශෝධන දක්වා ඇත.