2019 ජාතික සම්මාන උළෙල අගෝස්තු 19 වනදා
මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ටයන්ව ජාතික සම්මානයෙන් පුදනු ලබන ජාතික සම්මාන 2019 උළෙල 2019 අගෝස්තු මස 19 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.
වන අලි සංගණනයක් සැප්තැම්බර් 13 හා 14 දිනවල
වන අලි සංගණනයක් සැප්තැම්බර් 13 සිට 14 වෙනිදා දක්වා පැවැත්විමට කටයුතු යොදා ඇති බව වන ජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් පිරිස් මහතා රජයේ නිල වෙඩ් අඩවියට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.
ඇසළ පෙරහැර සාර්ථකව නිමකළ බවට වූ සංදේශය ජනපතිට පිළිගැන්වීම අදයි
මහනුවර ඇසල පෙරහර පෞරාණික චාරිත්‍රවලට අනුව සාර්ථකව නිම කළ බව සදහන් පෙරහර සංදේශය දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරු අද (15) පස්වරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට මහනුවර ජනාධිපති මන්දිරයේදී පිළිගැන්වීමට නියමිතයි.
මයිලිඩ්ඩි ධීවර වරායේ පළමු අදියර නිමකර ජනතා අයිතියට පැවරීම අගමැති ප්‍රධානත්වයෙන්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යාපනය සංචාරයට සමගාමීව මයිලිඩ්ඩි ධීවර වරායේ පළමු අදියර නිමකර ජනතා අයිතියට පත් කිරීම අද (15) සිදු කෙරේ.
73 වැනි ඉන්දීය ජාතික දිනය සැමරේ
ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ සියලු පළාත් තුළ සංවර්ධන සහ සහයෝගීතා ව්‍යාපෘති 70කට අධික සංඛ්‍යාවක් ආරම්භ කර ඇති බවත්, ඒ සියලු ව්‍යාපෘතීන් සකස් කොට ඇත්තේ ශ්‍රී ලාංකේය ජනතාවගේ ප්‍රමුඛතාවයන් අනූව බවත්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සින්ධු මහතා පැවසීය.