Sunday, 02 October 2022
දිරිය මිනිස්සු
දිරිය මිනිස්සු

දිරිය මිනිස්සු (20)

"මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එක ම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. මගේ වයස අවුරුදු 65 යි. මේ 65 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණු ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්. එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයක ම යි. අවුරුදු 60 ක් තරම් කෙටි කාලයක දී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලුගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන. ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට නො පෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා. ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්‍ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේ ම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනව ද? ඒ කාලේ අපි කැලේ හැම තැනක් ම, හැම දෙයක් ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝ ම ඇති වුණා. අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි. අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. අපි දඩයම් කළෙත් ක්‍රමේකට කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක් ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳ ම දඩයම. අපි දන්නවා කැලේ තියෙන කිසි ම දෙයක් අපිට අයිති නැති බව. ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ. වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසි ම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපි ව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්. අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේ ම සිරිත් විරිත් තිබුණා. ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා. මට ඒ වචනේ ඇහෙනකොට ත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප්‍රතිඵලවලින් මිදෙන්න ක්‍රමයක් හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ. "දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අත පාලා ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලුව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ. ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන් ව හුරතල් කළා. උන් ව ආරක්‍ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේර ම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා. මිනිස්සු දැන් මුලු ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා. පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප්‍රකෝටි ගානක් මරනවා. මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන් ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙ ම දෙමාපියන් මහළු වුණා ම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොම ද විශ්වාස කරන්නේ. මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. කහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු. දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලුත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි. මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු. අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකු ම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු. අපි කරපු මෝඩකම් නො කර තමන් කවුද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු. මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එක ම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගඟට, ඇළට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු. එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු." දිලාන් පංචන ජයසිංහ
Posted On Saturday, 31 October 2020 06:16 Written by

ඔව් ඇය ආශ්චර්යයකි....!
‘ලෝකයේ එකම දෘශ්‍යාබාධිත මෝස්තර නිර්මාණ ශිල්පිනිය’ ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත කාන්තාවන් 100 අතරට.....!!

ලෝක ජනගහනය මේ වන විට කෝටි 500 ඉක්මවා තිබේ. කෝටි 500ක් අතරින් කවරකුට හෝ තමා ජීවත් වන සමාජයට, රටට මෙන් ම ලෝකයට බලපෑම් කළ හැකි අයකු වන්නට ලැබෙන්නේ නම් එය ආශ්චර්යයක් ම නොවේ ද? ලෝකයෙන් ම තේරා ගන්නා එවැනි සිය දෙනකු අතරින් එක් අයකු වන්නට කවරකුට හෝ හැකි වන්නේ නම් එයත් ආශ්චර්යයක් ම නොවන්නේ ද? ලෝක ප‍්‍රකට බී.බී.සී. නාලිකාව 2019 වසර සඳහා තෝරා ගන්නා ලද ලෝකයේ වඩාත් ම බලපෑම්කාර කාන්තාවන් 100 දෙනා අතර මේ පුංචි ශ‍්‍රී ලංකාවේ කාන්තාවක් සිටිනවා යැයි කීම ඔබට විශ්වාස කළ හැකි ද? ඔව්. පසුගිය දා බීබීසීය නිකුත් කළ 2019 ලෝකයේ වඩාත් බලපෑම්කාර කාන්තාවන් සිය දෙනාගේ නාම ලේඛනයේ ඇයගේ නම සඳහන් වූයේ ‘ශ‍්‍රී ලංකාවේ නයනා ආශ්චර්යා ජයකොඩි පීරිස්’ යනුවෙනි.

ආශ්චර්යාගේ ජීවිතය ඇත්තෙන් ම ආශ්චර්යයක් සේ විස්මයජනක ය. ඈ මෝස්තර නිර්මාණ ශිල්පිනියකි. පෞරුෂ සංවර්ධන උපදේශිකාවකි. ඒ සියල්ලටමත් වඩා ධෛර්ය සම්පන්න ගැහැනියකි. මේ කිසිවක් විස්මයජනක විස්තර නොවන බව ඔබට පෙනෙනු ඇත. සැබැවින් ම මේ විස්තරය තුළ විස්මයක් නැත. විස්මය ඇත්තේ ඇයගේ දෑස ම නොපෙනෙන නිසා ය. ආශ්චර්යා ජයකොඩි මේ වන විට ‘ලෝකයේ සිටින එක ම දෘශ්‍යාබාධිත මෝස්තර නිර්මාණ ශිල්පිනිය’යි.

සුරූපී ආශ්චර්යා පීරිස් මීට වසර 19 කට පෙර සිය දෙනෙතින් ලෝකය දකින බැංකු නිලධාරිනියක් ව සිටියා ය. 2000 වසරේ කොළඹ කාසල් වීදියේ දී පුපුරා ගිය ක්ලේමෝ බෝම්බයට හසු වී ජීවිතය රැක ගන්නට වාසනාව තිබුණත් ඇස් දෙකේ පෙනුම රැක ගන්නට ඇයට නොහැකි විය. ජීවිතයේ හිරිමල් වියේ බැංකු නිලධාරිනියගේ සුන්දර ජීවිතය එක් වර ම නැවතී ගියේ ය. අනාගත ලෝකයක් ගොඩනඟන්නට ආශ්චර්යා මැවූ සිහින දෑසේ පෙනුමත් සමඟ ම බොඳ වී යන අයුරු බලා සිටින්නට ඇයට සිදු වූයේ ඒ තමන්ට ජීවිතය දුන් දෙමවුපියන් සමීපතමයන් ලෝකය ගොඩනඟන්නට සපථ කළ ඇයගේ හවුල්කරුවා ඇය හැර ගිය බැවිනි. එතැන් සිට ඈ ලෝකයෙන් වසං වූ නන්නාඳුනන තැනැත්තියක් බවට පත්

වූවා ය. වසර 14ක් ම ඇය ජීවත් වූයේ ඇයට ම පමණක් සීමා වූ අඳුරු හුදෙකලා ලෝකයක ය. ඒ හුදෙකලා ලෝකයේ ඇය හැර වෙනත් කිසි කිසිවකු සිටියේ නැත. ඈ පමණි.

හරියට ම වසර 14කට පසු ව ආශ්චර්යා, දෑසේ පෙනුම අහිමි වී ගිය කිසිවකුත් තෝරා ගනිතැයි නොසිතන මෝස්තර නිර්මාණ ශිල්පය ඔස්සේ තමා සිටි අඳුරු හුදෙකලා ලෝකයෙන් මිදී පොදු සමාජයට ආවා ය. 2014 වසරේ නව්‍යකරණ විලාසිතා සඳහා වඩාත් ම කැපවීමෙන් වැඩ කළ මෝස්තර නිර්මාණ ශිල්පිනිය ලෙස සම්මානයට පාත‍්‍ර වූවා ය. ඒ වන විට ලෝකය පුරා දෑස් නොපෙනෙන මෝස්තර නිර්මාණ ශිල්පීහු තිදෙනෙක් වූහ. මේ වන විට සිටින්නේ ආශ්චර්යා පමණි.

2017 වර්ෂයේ ලංකාවේ විශිෂ්ටතම කාන්තාවන් දසදෙනා අතරින් එක් අයකු ලෙස සම්මානයට පාත‍්‍ර වන ඈ ඉන් ඉක්බිති සිංහ සමාජයෙහි විසි වන සංවත්සරය නිමිත්තෙන් ලංකාවේ විශේෂිත වූ කලාකරුවන්ට සම්මාන පිරිනැමූ උළෙලේ දී මෝස්තර නිර්මාණය හා සමාජයීය විෂයන් කෙරෙහි ඇය දක්වන සුවිශේෂතාව හේතුවෙන් එකී කලාකරුවන් අතර ද සම්මානලාභිනියක් වූවා ය.

අපි ඇයට සවන් දෙමු. මේ ඇයගේ අතීත කතාවයි.

‘මගේ තාත්තා ගුවන්යානා ඉංජිනේරුවරයෙක්. ඔහු හරිම ධනවත් කෙනෙක්. මගේ අම්මට තිබුණා අල්මාරි තුනක් පිරෙන්න කිසිම දවසක නොඇඳපු සාරි. මම ඒ සාරි ඇඳ ඇඳ බලනවා ඒ දවස්වල. මම හිතනව මේකෙන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. අලූත් විදියට දෙයක් කරන්න පුළුවන් කියලා. මට ඒ කාලෙ එහෙම ආසාවක් තිබුණා. මම මගේ පළමු සාරිය නිර්මාණය කරන්නෙ මගේ පාසලේ දේවී බාලිකාවෙ ‘මිස් දේවි‘

තරගයට. ඒ සාරියෙන් සැරසිලා තරගයට ඉදිරිපත් වුණා. මම ‘මිස් දේවි‘ තරගයෙන් ජයග‍්‍රහණය ලැබුවා. ඒ තමයි මගේ පළමු නිර්මාණය....’

‘ලංකාවෙ ගොඩක් පවුල් වගේ සාම්ප‍්‍රදායික පවුලක තමයි මමත් ඉපදුණේ. මගේ සිහින ගැන තියා මගේ දක්ෂතාවක් දියුණු කරගන්න වත් මට අවසරයක් ලැබුණෙ නැහැ. මම හොඳට චිත‍්‍ර ඇන්ද කෙනෙක්. මගේ චිත‍්‍ර ගුරුවරයා තැපැල්පත් 50 කට එහා එවුවා අපේ ගෙදරට කරුණාකරලා මේ ළමයව චිත‍්‍ර අඳින්න එවන්න කියලා. හැබැයි අම්මා මාව යැව්වෙ නැහැ. මම පියානෝ වාදනයට දක්ෂයි. මගේ අම්මා මට පියානෝ වාදනය කරන්න දුන්නෙ නැහැ. අම්මා බය වුණා මම කලාවට ලැදි වෙලා කලාකාරියක් වෙයි කියලා. වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් කියන වෘත්තින් ටිකක් විතරයි එයාලගෙ සාම්ප‍්‍රදායික මානසික වපසරිය තුළ තිබුණෙ. එයාලගෙ නම්බුව රකින පවුල් මටට්ම ඉහළ දාන රැුකියාවක් කළ යුතුයි කියල එයාල හිතුවා. ඒ අනුව මම කොළඹ විශ්වවිද්‍යාලයට නීතිය හා ජනමාධ්‍යකරණය ඉංගී‍්‍රසි මාධ්‍ය පාඨමාලාවට තේරෙනවා. නමුත් මම විශ්වවිද්‍යාලයට යන්නෙ නැහැ. එවකට මගේ තිබුණ ආදරය වෙනුවෙන් මම ඒක අතහැරියා. ඒ වෙනුවට 97 වසරෙ බැංකු ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙනවා. මම විශ්වවිද්‍යාලයේ ගියා නම් අද මට ඇස් දෙක පෙනවා. මම ඒ වෙලාවට මේ ගමන යන්නෙ නැහැ. එහෙම වුණා නම් මම අද නීතිඥවරියක්. හැබැයි මම දැන් ඒ පුද්ගලයා ගැන කතා කරන්න කැමති නැහැ.’

සුරූපී බැංකු නිලධාරිනිය අනපේක්ෂිත දෛවෝපගත අත්දැකීමට මුහුණ දෙන්නේ ඉන් පසු ව ය.

‘...2000 වසරෙ දවසක මම රැුකියාව කළ බැංකුවෙන් පිට වෙලා මගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිනා අතරතුර බොරැුල්ල කාසල් වීදියේ දි ක්ලේමෝ බෝම්බයක් පුපුරා ගියා. ඒ බෝම්බයෙන් අනතුරට ලක් වෙලා මගේ දෑසේ පෙනීම නැති වුණා. ගඳ සුවඳ දැනීමත් අහිමි වුණා. ඒත් එක්ක ම මගේ ජීවිතය ම මම කවදා වත් නොහිතපු විදියට වෙනස් වුණා. ගෙදර අය මගේ කනට ඇහෙන්න නොක්කාඩු කියන්න ගත්තා. ඒ කාලෙ මම විඳවන අවධිය. මම පොඩි කාලෙ ඉඳන්ම මම විශ්වාස කළ මගේ ඥාතීන් මගේ පුංචි අම්මල මාමලා තමයි මට ඒ විදිහට කළේ. අපි මොන වරද කළත් අපි යන්නෙ අම්මා තාත්තා ළඟට නෙ. මොන වැරැුද්ද කළත් අම්මා තාත්තා දරුවන්ව

බාරගන්නවා. මම හිතුව ඇයි මට මෙහෙම කරන්නෙ? මම සමාජ විරෝධී, නීති විරෝධී දෙයක් හරි පවුලේ නම්බුව නැති වෙන දෙයක් කරලා නෙවෙයි. මට බෝම්බයක් වැදිලා. මේ රටේ යම් සමාජ තත්ත්වයක් නිසා මට මුහුණ දෙන්න වුණ අනපේක්ෂිත අනතුරකින් මගේ පෙනීම නැති වෙලා විතරයි...’

‘මේ වෙලාවෙ මම විශ්වාස කරපු මගේ අය එකිනෙකාට මගේ වගකීම පවරලා නිදහස් වෙන්න බලනවා. මම ඔහේ කල්පනා කර කර ඉන්න කොට ළඟට ඇවිත් කියන්නෙ මෙයාට දැන් පිස්සුද දන්නෙ නැහැ කියලා. මම ටිකක් බලන් හිටියා මෙයාලා මොකටද මේ ලෑස්ති වෙන්නෙ කියලා. මට සමීප යාළුවො ටිකක් හිටියා. මම එයාලට මේ ගැන කියනවා. අනේ බලන්නකො මම මොන දේ කිවුවත් මට පිස්සු කියනවා. මෙයාලා මට මොනවද කරන්න හදන්නෙ කියලා. මට එක්කෙනෙක් කිව්වා මට තේරෙනව මෙයාලා කරන්න හදන දේ. අනිවාර්යයෙන් මෙයාලා ඔයා වහ බීලා මැරෙන තත්ත්වයට දායි. තව ටික කාලයකින් ඔයා ජීවිතය එපා වෙලා වහ බොයි කියලා. මට මිනිස්සු ගහද්දි ගහද්දි ටිකක් ගහන්න දිලා බලන් ඉන්නවා. මට සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්නට පස්සෙ ආපහු හැරිලා බලන්නෙ නැහැ. ඒක බොහොම දරුණු තත්ත්වයක්. අවසානෙ මම ඒ තීරණය ගත්තා. මම මට මානසිකව වධ දුන්න ගෙදරින් එළියට බැස්සා. ආපහු මම පස්ස හැරිලා බැලූවෙ නැහැ...’

ඇයගේ හුදෙකලා ජීවිතය ඇරඹෙන්නේ ඒ තීරණයත් සමඟ ය.

‘...ඔබ පොඞ්ඩක් හිතන්න මට එතකොට අවුරුදු 20 යි. මාව ආරක්ෂා කරන්න යාළුවො හරි හිටියෙ නැත්නම් මම ¥ෂණයට ලක් වෙලා මැරිලා. මම තනියම ගෙයක් කුලියට අරන් ජීවත් වෙන්න පටන් ගත්තා. මගේ තාත්තා ධනවෙතෙක්. ඒ නිසා යම් මුදලක් මගේ බැංකු

ගිණුමේ තිබුණා. ඒකෙ පොලියෙන් තමයි මම ජීවත් වුණේ. මම ඒ දවස්වල ගෙවල් තෝර ගනිත් දි තෝර ගත්තෙ උඩ තට්ටු. හොරෙක් ආවොත් පල්ලෙහාට ඇවිත්නෙ එන්න ඕන. මම කවදාවත් ජනේලයක් වත් ඇරියෙ නැහැ. ගෙවල් අයිතිකාරයො හැර කිසි කෙනෙක් දැන ගෙන හිටියෙ නැහැ මම එතන ඉන්න බව. සමහර වෙලාවට ගෙවල් කුලිය

ගෙව්වම කන්න සල්ලි නැහැ. මනුස්සකමක් තිබ්බ මිනිස්සු විතරයි මාව දැක්කම ගෙවල් දුන්නෙ. ඉතින් මම ගේ ඇතුළට වෙලා බලාගෙන ඉන්නව කොහෙවත් යන්න සල්ලි නැහැ. දවසටම බිස්කට් එක්ක කෙසෙල් ගෙඩියත් විතරයි සමහර දවස්වල කෑවෙ. ඒ නිසා තමයි මම කියන්නෙ මම ගෙවපු කාලෙ අසීරුයි කියලා...’

‘...මගේ යාළුවො උදේට වැඩට යන ගමන් ඇවිත් මට එයාලගෙ බත් එක දීලා ගියා. සමහරු හවසට කෑම එකක් ගෙනත් දුන්නා. මට සද්දයක් ඇහුණා බයයි කිව්වම වාහනේ අරගෙන ආවා මාව බලන්න. යාළුවො කිව්වෙ අපිට හැමවෙලාවෙම ඔයා ළඟ ඉන්න බැරිවෙයි ඔයා මේ තත්ත්වයට හුරු වෙන්න කියලා. එයාල උදව් කළා. මම ඒ උදව්වෙන් නැඟිට්ටා. මම ගෙදරින් එළියට බැස්ස දවසෙ ඉඳන් මගේ අම්මා මට කවදාවත් කෝල් කරලා වත් කතා කරලා නැහැ. මමත් දැන් අම්මා කෙනෙක්නෙ. මට ඒක දැනෙනවා...’

ආශ්චර්යා ජයකොඩි නම් මෝස්තර නිර්මාණ ශිල්පිනිය බිහි වන්නේ එවන් පසුබිමක දී ය. ඈ ඒ ගැන කියමින් යළිත් කතාව ආරම්භ කළා ය.

‘...මම විලාසිතා නිර්මාණයට පිවිසෙන්නෙ මට තිබුණ අභියෝගයක් නිසා. මට ඇඳුම් ගන්න සල්ලි තිබුණෙ නැති කාලෙ මට තිබුණ සොච්චම් මුදලෙන් රෙදි ටිකක් අර ගෙන නිර්මාණයක් කරලා කාටහරි කියලා ඒ ඇඳුම මස්සවගෙන අඳිනවා. ඒක දකින ගොඩක් අය ලස්සනයි කොහෙන්ද ගත්තෙ කියලා අහත්දි ඒක මමයි කළේ කිව්වම මට තේරුණා මිනිස්සු ඒක වෙන්න බැරි දෙයක් කියන හැඟීමෙන් මගෙ දිහා බැලූවා කියලා. ඒක මගේ මනසේ රැුඳී තිබුණා. මට දැනුණා මම වෙනස් දෙයක් කරනවා හැබැයි මම දෑස් නොපෙනෙන කෙනෙක් නිසා ඒ ගැන අවතක්සේරු කරනවා කියලා. මගෙ නිර්මාණ කුසලතාව ජනතාව ඉදිරියේ ඔප්පු කර දක්වන්නෙ විලාසිතා නිර්මාණ තරගයෙන්. මම කොහොමටත් අභියෝගවලට කැමති කෙනෙක්. මම කුඩා අවධියේ ඉඳන් කෙනෙක් මට යමක් කරන්න බැහැ කියලා අභියෝග කළොත් මම ඒ දේ කරලා පෙන්වන කෙනෙක් . ඔයා පේන්නෙ නැති කෙනෙක්නෙ කියපු අයට මම තමයි මේ දේ කළේ කියලා මට ඔප්පු කරලා පෙන්වන්න ඕන වුණා...’

ඇය සම්මානලාභිනියක බවට පත් වන්නේ ඒ අධිෂ්ඨානයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.

‘... මම අලූත් නිර්මාණ කළත් සම්මානයක් දක්වා යන්න බලාපොරොත්තු වුණේ නැහැ. කෙසේ වුණත් මේ අභියෝගය කෙළවර වෙන්නෙ මම 2014 වසරේ නව්‍යකරණ විලාසිතා සඳහා වඩාත් කැපවීමෙන් වැඩ කළා වූ නිර්මාණ ශිල්පිනිය බවට පත් වෙලා. ඔයාට පේනව ද මෙහි විශේෂත්වය මම අවුරුදු දහයකින් කිසි දෙයක් දැකලා නැහැ.

නමුත් මම ජයග‍්‍රහණය කරන්නෙ නව්‍ය නිර්මාණ අංශයෙන්. ඒ තරගාවලියට ආපු අය අහපු දෙයක් තමයි මෙයා දැකල නැත්නම් අලූත් ප‍්‍රවණතාවන් හඳුනා ගන්නෙ කොහොමද කියන කාරණය. මම ඒකට හොඳ පිළිතුරක් දුන්නා. මම මේ කරන්නෙ කෙනෙක් ඇති කළා වූ ප‍්‍රවණතාවක් ඉදිරියට ගෙන යෑමක් නෙවෙයි නව ප‍්‍රවණතාවක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා මට තවත් කෙනෙක් කරපු දෙයක් දකින්න අවශ්‍ය නැහැ කියන කාරණය කිව්වා. ඒ තරගෙ දි මම අයත් වුණේ ‘ප‍්‍රවණතාවක් නිර්මාණය කරන්න’ කියන ගණයට. එහිදී මට ලැබුණ මාතෘකාව ‘අත්යන්ත‍්‍ර රෙදිපිළි ඇසුරෙන් නව නිර්මාණ ඉදිරිපත් කිරීම’යි. අත්යන්ත‍්‍ර රෙදි කියන්නෙ බොහොම සුලබ රෙදි වර්ගයක්. මට තිබුණ අභියෝගය වුණේ අත්යන්ත‍්‍ර රෙද්දෙන් කොහොමද අලූත් දෙයක් කරන්නෙ කියන කාරණය.

මේ ඇය ඒ අභියෝගය ජය ගත් ආකාරය.

‘...මම හැදුවා අලූත්ම වර්ණ. නිල්මහනෙල් මගේ වර්ණය. මොනර නිල අළු කියන වර්ණය. මම මගේ තාක්ෂණ දැනුම මගින් ඒ වර්ණ හදාගත්තා. පොල්කටුවලින් සාදාගත් නෙළුම් මල්වලින් සාරියේ ඉදිරිපස පල්ලූව හැට්ටයේ අත හා ගෙල පළඳනාව නිර්මාණය කළා. අත්යන්ත‍්‍ර රෙදිවලින් එතෙක් ලෝකයේ කිසිවෙක් ක‍්‍රීඩා ඇඳුමක් නිර්මාණය කරලා තිබුණෙ නැහැ. මම අත්යන්ත‍්‍ර රෙදිවලින් ක‍්‍රීඩා ඇඳුමක් නිර්මාණය කළා. අපිට අත්යන්ත‍්‍ර රෙදි කිව්වොත් සාරිය, ලූංගිය, සරම, කමිසය විතරයි දකින්න ලබෙන්නෙ. මම කොක්ටේල් ඩෙ‍්‍රස් එකක් මේ රෙදිවලින් නිර්මාණය කළා. මට තිබුණ අභියෝගය තමයි සාමාන්‍ය දෙයක් අතරින් අසාමාන්‍ය දෙයක් එළියට ගන්නෙ කොහොමද කියන එක. මේ සඳහා මට ලැබුණ කාලය මාසයයි. මේ මාසය තුළ මගේ පියා මියගියා. මම ගොඩාක් ආදරය කළ මගේ ආච්චි අම්මා මියගියා. ඒක මගේ සිතුවිලිවලට නරක විදිහට බලපෑම් ඇති කළ මාසයක් වුණා. ආච්චි අම්මා මට ඔයාව දකින්න ආසයි කිව්වම මම එයා බලන්න ගියා. ආයෙ එත්දි නෙළුම් සුවඳ තියෙන සෙන්ට් එකක් ආච්චි අම්මට අරගෙන එන්න පොරොන්දු වුණා. ඊට පස්සෙ මට ආරංචි වුණෙ ආච්චි අම්මගෙ මරණය. මට අන්තිමට තීරණය කරන්න වුණා තරගයට යනවද ආච්චි අම්මගෙ මරණයට යනවද කියලා. ඒක හරිම අමාරු මොහොතක්. මම තරගාවලියට ගියේ නැත්නම් මට තරගාවලිය අහිමි වෙනවා. ආච්චි අම්මගෙ අවසන් මොහොතට ගියේ නැත්නම් ඒ මගේ ආච්චි අම්මගෙ අවසන් මොහොත. ඔය අතරෙ මගේ දරුවට මාස එක හමාරයි මම දරුවට පැය තුනෙන් තුනට කිරි දෙන්න ඕන. මම අවුරුදු හයක් වෙනකම් දරුවට කිරි දුන්න අම්මා කෙනෙක්. මම ළඟ නොහිටියොත් දරුවා කෑ ගහලා අඬනවා. ඒව ඔක්කොම අභියෝග තමයි. මම ඒ තත්ත්වය කළමනාකරණය කරගත්තා. මට මතකයි ආච්චි අම්මගෙ අවසන් මොහොතට ගිහින් තරගයට පරක්කු වෙලා ගිහින් එතැනදිත් බැණුම් අහගත්තා. මොකද මගේ ඇස්දෙක පේන්නෙ නැහැ කියන කාරණය එයාලට සමාවට කාරණයක් නෙවෙයි...’

ලෝකයේ බලපෑම් කළ හැකි කාන්තාවන් සිය දෙනා අතරින් එක් අයකු වන්නට ආශ්චර්යා සමත් වන්නේ එවන් දීර්ඝ දුෂ්කර ගමනක අවසානයේ දී ය. ඒ ගැන ඇයගෙන් ඇසූ විට කීවේ මෙවන් කතාවකි.

‘ඔය ප‍්‍රශ්නයට මම දෙවිදිහකින් පිළිතුරු දෙන්න ඕනෑ. මම විලාසිතා නිර්මාණකාරිනියක පැත්තෙන් මාව ගත්තාට ඒ විදිහට නම්කරලා තිබුණාට බීබීසී සේවය විලාසිතා නිර්මාණයට පමණක් මුල් තැන දෙන්නෙ නැහැ. මම මගේ සමාජයේ කරන කාර්යයන් පවා ඔවුන් සොයා බලනවා මොනවද කරන්නෙ කියලා. ඔවුන් බලන්නේ මගේ විලාසිතා නිර්මාණවල විශේෂත්වයත් වඩා මගෙන් සමාජයට කෙරෙන කෙරිලා තියෙන බලපෑම මොන වගේ ද කියලා. සමාජයට එයින් ලැබෙන ප‍්‍රයෝජනය මොකක් ද කියලා. සමාජයට කොතරම් සේවයක් කරලා තියෙනවද, අපේ සේවය හරහා සමාජයට කොතරම් බලපෑමක් වෙලා තියෙනවද, අවුරුද්ද පුරාවට ඒ සේවය කොතරම් ප‍්‍රචලිත වෙලා තියෙනවද කියන කාරණා ඔවුන් සොයා බලනවා. මම දැනුම්වත් වෙලා තියෙන විදිහට ලංකාවේ තවත් කාන්තාවන් මේ සඳහා නිර්දේශ වෙලා තිබුණත් ඒ අය තරගයේ නීති රීතිවලදී ප‍්‍රතික්ෂේප වුණා. ඔවුන්ගේ මණ්ඩලයක් මඟින් අපි ගැන සොයාබැලීමකින් පසුවයි ඔවුන් තීරණය කරන්නේ. තීරණය ගන්නා තුරු කිසිවකු දැනුවත් කරන්නෙ නැහැ. ඒ වගේ බොහොම වගකීම් සහගතව කරන දෙයක්. මට පමණක් නෙවෙයි අනිත් කාන්තාවන් 99 දෙනාමත් තෝරා ගන්නෙ ඒ විදිහට. ඔවුන්ගේ පරීක්ෂණ මණ්ඩය මඟින් තමයි සියල්ල තීරණය කරන්නෙ....’

ඇය මේ සා විසල් ගමනක් එද්දී ඇයට ශක්තියක් වූ චරිතය චන්දන සේසත් ජයකොඩි. ඇයගේ ආදරණීය සැමියා. ඔහු ගැන ඇය කී වදන් ඒ අයුරින් ම මෙසේ ය.

‘මගේ මහත්තයව මම හඳුන ගන්නකොට එයා හොඳ ව්‍යාපාර තියෙන කෙනෙක්. මම බොහොම සාමාන්‍ය ඇස් පේන්නෙ නැති ඔක්කොම අතහැරපු චරිතයක්. මම බොහොම අහංකාර කෙනෙක්. මට කන්න නැතිනම් මම මගේ පාඩුවෙ හිටියා. කාටවත් අතපාන්න ගියෙ නැහැ. එයා මේ දේවල් බලාගෙන හිටියා. දවසක් එයා මට කිව්වා ඔයා හරි වෙනස්. ඔයා කාටවත් අතපාන්න කැමැති නැහැ කියලා. මම කිව්වා ඒ මම තමයි. එයා මගේ සමහර වචනවලට ආදරය කරන්න ගත්තා. මම ගොඩක් අය හඳුනනවා. ඒත් ඔයා වගේ කෙනෙක් හමු වෙලා නැහැ. ඒ ගතිගුණම නිසා තමයි එයාට මං ගැන ආදරයක් ඇතිවෙන්නෙ. රූපය නෙවෙයි. මට සම්මානයක් ලැබෙන තැන එයා ඉන්නෙ කාටවත් නොපෙනෙන තැනක. මගේ ජයග‍්‍රහණයක දී එයා කියන්නෙ මේක මම ලබපු දිනුමක් නෙවෙයි. ආශ්චර්යා ලබපු දෙයක්. ඉතින් ඇයි මම ඉදිරියට එන්නෙ. මම එයා පසුපසින් ඉඳන් එයාව ආරක්ෂා කරන කෙනා විතරයි කියලා. ඒ නිසයි මේ ගතිගුණ එක්ක අපි බොහොම ආදරයෙන් ඉන්නෙ.’

ඇය කතා කරන්නේ ඉතා සැහැල්ලූවෙනි. ලෝක මට්ටමේ සම්මානයක් දිනූ ආඩම්බරය හෝ අහංකාරය ඇයගෙන් දිස්වන්නේ නැත. අපේ කතාබහ අවසන් කරන්නට මත්තෙන් ඒ ගැන ද ඇසුවෙමි.

‘මම මේක කියන්නෙ ඔබට මාව තේරුම් ගන්න. මම අදටත් පාවිච්චි කරන්නෙ රුපියල් 4500 ක ජංගම දුරකථනයක්. මගෙ ජීවිතේ හරිම සරලයි. මම විශ්වාස කරන්නෙ මට පේන්නෙ නැති නිසා මට දුරකථනයක් ඕන කරන්නෙ කෝල් එකක් ගන්න විතරයි. හැබැයි මම හිතුවොත් මම ආශ්චර්යා. මම ජාත්‍යන්තරයට ගියා. කවුරුවත් දැක්කොත් මේ පොඩි ෆෝන් එක ලැජ්ජාවක් කියලා. ඒක වැරැුදියි. මම එහෙම සරල ව හිතපු නිසා තමයි මෙච්චර දුර ආවෙ. පහුගිය දවසක මම බකමූණෙ සම්මන්ත‍්‍රණයකට ගියා. ඒ හරිම දුෂ්කර ගම්මානයක්. හැබැයි එතැන හිටිය හැම ළමයෙකුගෙම අතේ තිබුණෙ ඇපල් ෆෝන්. ඒත් රිලොර්ඞ් එකක් දාගන්න අතේ රුපියල් සීයක් නැහැ. ඒ අපේ මිනිසුන්ගෙ මානසිකත්වය. මම යන්නෙ ඒ මිනිසුන්ගෙ ඒ මානසිකත්වයට අභියෝග කරන්න. අපි රටක් හැටියට දියුණු වෙන්න නම් අපේ ආකල්ප පරිවර්තනයක් ඇති කර ගත යුතුයි. මම උත්සාහ කරන්නෙ මගේ ශක්තියෙන් අපේ රටේ මිනිසුන් මේ තත්ත්වයෙන් ගොඩ ගන්න මට හැකි තරමින් දායක වෙන්න.’ 

උපුටා ගැනීම 

ධම්මිකා සුරංජි පතිරණ
දිවයින ඉරිදා සංග්‍රහය

Posted On Tuesday, 27 October 2020 04:02 Written by
 
ඔහුගේ නම මහාචාර්ය සම්බාජි බීඬේ. පරමාණුක භෞතික විද්යාවට රන් පදක්කම් දිනූ අසහාය විද්යාඥයෙක්. පූන් හී ෆගියුසන් ආයතනයේ මෙන්ම රටේ කීර්තිමත් සරසවි රැසක දශක ගණනාවක් ඉගැන්වීම් කළ විද්වතෙක්. ඔහු සිදුකළ පශ්චාත් අධ්යයන ප්රමාණය අසමසමයි. 67කට වැඩි මේ අධ්යයන නිබන්ධන වලට මේ මහාචාර්යවරයා භාරතීය හා ජගත් තලයේ සම්මාන සියයකට වැඩි සංඛ්යාවක් හිමි කරගෙන තිබෙනවා.
13-10-2020_Pr_01.png
ඇමෙරිකාවේ නාසා ආයතනයේ හා පෙන්ටගනයේ උපදේශකත්වයට පත්වූ එකම ඉන්දියානුවා ඔහු පමණයි.
මේ සියලු කටයුතු අවසානයේ ඔහු මහාරාෂ්ඨ ප්රාන්තයේ තරුණයන් මිලියනයක් සමග භාරතය වෙනුවෙන් සමාජ ක්රියාකාරකම් වල නිරත වෙනවා. ලෝකයේ ඉහළම සැප සම්පත් විඳින්නට තරම් උගත්කමක්, ධනයක් තිබුණත් ඔහුගේ ජීවිතය ගෙවෙන විදිහ විශ්මයජනක ලෙස සරළයි. ඔහු අඳින්නේ දළ රෙදි පමණයි. සපත්තු තබා සෙරෙප්පුවක් වත් දාන්නෙ නෑ. අනුභව කරන්නේ සරළ ආහාර. මහනෙත්පාමුල කල්යාණමිත්ර ඔබ මදක් සිතා බලන්න ජාතියේ අසහාය නායකයා හා එක්ව කටයුතු කරන්නට ලැබෙන අවස්ථාවක් අපි ප්රයෝජනයට ගන්නේ කොහොමද? අපට තිබෙන හොඳම ඇඳුම, හොඳම සපත්තු යුගලය, හොඳම ඔරලෝසුව. ඒත් මහාචාර්ය සම්බාජි බීඬේ........ !
13-10-2020_Pr_02.png
උගත්කමට මනුෂ්යයෙකු තුළ ඇති කෙතරම් පරිවර්තනයක් ඇති කළ හැකිද යන්නට මහාචාර්ය සම්බාජී බීඬේ ජීවමාන සාක්ෂියක්.
මෙහෙම මිනිසුන් මේ මහ පොලවෙමයි......!!!
Posted On Tuesday, 13 October 2020 05:39 Written by

 

වාර අවසාන විභාගයේ ප්‍රගති වාර්තාව නිවසට රැගෙන ආ නිලුෂි, ඒ මොහොතේ සිට සිටියේ තම කාමරයට වැදීගෙනය. ප්‍රගති වාර්තාව පුරාම පොල් ගෙඩි අකුරුවලින් ලියා ඇති බිංදු ගණන් අම්මාට පෙන්නන්නට බියේ ඇය එදා දවසම සිටියේ හොර ගල් අහුලමින්ය.

 

නිලුෂි රණවීරගේ මව ගම්පහ යශෝදරාවේ ගුරුවරියක් නිසා පාසලේ විදුහල්පතිතුමිය නිලුෂිගේ නිවසට පැමිණියේ ඒ අතරතුරේදිය. විදුහල්පතිනිය තම නිවසට එනවා දුටු නිලුෂිගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා වූ මහේෂිත්, විදුෂිත් ප්‍රගති වාර්තා රැගෙන පිම්මේ දුවගෙන යන්නේ පන්තියේ පළමුවැනියා වීමේ හපන්කම ප්‍රින්සිපල් මැඩම්ට කියන්නටය.

ප්‍රගති වාර්තාව අම්මාටවත් පෙන්විය නොහැකිව ලතවෙන නිලුෂිට හීන් දාඩිය දාන්නේ අක්කලා දෙදෙනා වටකර ගෙන ලකුණු විමසන ප්‍රින්සිපල් මැඩම් දැකීමෙන්ය.

අක්කලා දෙන්නාම ​පේන්නට සිටි නිසා විදුහල්පතිතුමිය නිලුෂි කොහේදැයි මවගෙන් අසන්නේ ඔය අතරතුරේදීය.

‘‘නිලුෂි පේන්නවත් නැත්තෙ මොකද? ගේන්න බලන්න රිපෝට් එක බලන්න?’’

නිලුෂිට වුණේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වාගේ වැඩක්ය. අන්තිමේ කරන්නට දෙයක් නැතිව විදුහල්පතිතුමියට ප්‍රගති වාර්තාව පෙන්වන්නට නිලුෂි කාමරයෙන් එළියට ආවේ මූණ හොඳටම බෙරිකරගෙනය.

හැම වාරයකම පන්තියේ අන්තිමයාගේ තැන නිතරගයෙන් හිමිවෙන්නේ නිලුෂිටය. පන්තියේ ළමයි ඇයට කිව්වේ අන්තිමයාගෙන් පළවැනියා කියාය. නිලුෂිගේ ප්‍රගති වාර්තා පොත්වල රතු පෑනෙන් ලියූ බිංදු ගණන් ඕනෑවටත් වඩා සොයාගන්නට පුළුවන.

නිලුෂිගේ ප්‍රගති වාර්තාව පරීක්ෂා කළ විදුහල්පතිතුමියට මඳ සිනාවක් ආවේ නිලුෂිව තව තවත් අපහසුතාවට පත්කරමින්ය.

‘‘දරුවො, මේ නිසාද හැංගුණේ? පන්තියේ අන්තිමයා නිසාද?’’

විදුහල්පතිනිය ඇසූ ප්‍රශ්නයට නිලුෂි පිළිතුරු දුන්නේ ආයාසයෙන් ඔළුව සොලවමින්ය.

‘‘පුතේ, මේ හරි සුළු දෙයක්නෙ. පන්තියෙ පළවැනියාලත් ඉන්නවා, අන්තිමය ගන්න අයත් ඉන්නවා. ඕක නම් සාමාන්‍යයිනේ. අපි දිනනවා පරදිනවා තමයි. හැබැයි ඔයා අධිෂ්ඨානයක් ඇතිකර ගන්න ඕන පුළුවන් හැම වෙලේම මහන්සි වෙලා දිනන්න. ලබන වාරේ පුතා ඒක කරයි. මට පුතාව විශ්වාසයි. පුතා ඊළඟ පාර ලකුණු ගනීවි.’’

නිලුෂිගේ හිස අතගාමින් විදුහල්පතිනිය මහා කරුණාවෙන් පැවසූ රත්තරන් වටිනා වචනවල බලය, අද ලෝකයේ බලවත්ම රාජ්‍යයේ ලොකු පුටුවක වාඩිවෙන්නට තරම් හයියක් ලබාදී ඇත.

 


nilu_05.jpg

එදා පන්තියේ මුල්ලක් අල්ලාගෙන කොනකට වී බුම්මාගෙන සිටි නිලුෂි අද සිටින්නේ ලංකාවේ පළමු වතාවට ඇමෙරිකානු ප්‍රාන්තයක සහකාර නීතිපතිනියක් ලෙස පත්වීම පිළිබඳව උතුරා යන ප්‍රීතියෙනි.

ගම්පහ, සිරිකුරුස විදුහලෙන් අධ්‍යාපනය ලැබූ නිලුෂිට පොත්පත්වල වැඩවලට වඩා ඒ කාලයේ තිබුණේ ගස් නැගීමේ පිස්සුවය. පන්තියේ අනෙක් ළමයි කකුල් බේසමේ දමාගෙන විභාගයට පාඩම් කරද්දී නිලුෂි සිටියේ කොහේ හෝ ගහක් මුදුනකට වී අවට සිරි නරඹමින් හරිම විනෝදයෙන්ය. ඇයට පාසල් කාලයේ හත අට වසර වනතුරුම තිබුණේ අත පය දිගහැර දැඟලීමේ ආසාවය.

පන්තියේ කොනකට වී ඇයගේම ලෝකයක සිටි නිලුෂිට පහේ ශිෂ්‍යත්වය පෙනුණේ ගිනි පිඹින මකරෙක් වාගේය. ඇය ඒ නිසාම ශිෂ්‍යත්වය ලියන්නට ගියේ නැත. නිලුෂිගේ දෙමාපියන්ද ඒ සඳහා ඇයව යොමු කිරීමට මහන්සි නොවුණේ ඇය තුළ ඉගෙන ගැනීමට වැඩි උනන්දුවක්​ නොමැති නිසාය.

ශිෂ්‍යත්වයට ටොන් ගණන් බර පොත් කියවමින් දවස් හතේම ටියුෂන් පන්ති ගාණේ දුවන නිලුෂිගේ යහළුවන් අතරේ ඒ කිසිවක් නොකරන ඇය සිටියේ මහත් සැහැල්ලුවෙන්, සතුටින්ය.

නිලුෂිගේ ‘බ්‍රේන් වොෂ්’ වන්නට පටන් ගත්තේ ශ්‍රද්ධා මැඩම්ගේ වචනවලට පින් සිදුවන්නටය. ඒ ලැබුණු හයිය නිසාම 1993 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ගම්පහ සිරිකුරුස විදුහලින් හොඳම ප්‍රතිඵල ලබාගන්නේ පන්තියේ අන්තිමයා යැයි හංවඩු ගැසූ නිලුෂිය.

සාමාන්‍ය පෙළින් විශිෂ්ට ලෙස සමත්වන නිලුෂි, උසස් පෙළ විභාගයෙන්ද විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තාය. ඒ ලැබූ ජයග්‍රහණය කොළඹ නීති විද්‍යාලයේ නීති පීඨයට තේරීමට තරම් වටිනා එකක් විය.

වසර හතරකට පසු නිලුෂි නීති පීඨයෙන් එළියට එන්නේ දෙවැනි පෙළ පන්ති සාමාර්ථයක්ද සහිතවය. නීතිඥවරියක වීමට හීන දුටු ඇයගේ ඒ හීනයන් විනාශ වී යන්නේද විශ්වවිද්‍යාල ජීවිතයේම ඇය ලැබූ අත්දැකීමක ප්‍රතිඵලයක් ලෙසය.

‘‘තුන්වැනි වසරෙ අන්තිම වෙනකොට අපිව යොමු කරනවා ප්‍රසිද්ධ නීතිඥයො ළඟට පුහුණු වෙන්න. මාවත් යොමු කළේ ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ නීතිඥවරයෙක් ළඟට.’’

නිලුෂිට එම නීතිඥවරයා සමගින් වැඩ කටයුතු කිරීමේදී ලැබුණේ කර්කෂ අත්දැකීම් ගොන්නකි. ඔහු තම සේවාදායකයාට පවා කතා කරන්නේ කිසිදු ගෞරවයක් ලබාදී නොවේ.

ඔහුගේ ඒ ගති පැවතුම් නිසාම නීතිඥවරියක් වීමට තිබූ ආසාව එක රැයින්ම නිලුෂිට එපා විය. නීතිඥවරුන්ගේ රැස් බැලීමට අකැමැති වූ නිලුෂි, ‘මානව සම්පත් කළමනාකරණය’ පිළිබඳව හදාරන්නට යොමුවන්නේ ඒ ඔස්සේ ලබාගත් දැනුම මත ඇය එක්තරා පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකාරවරියක් ලෙස සේවයට බැඳුණේ ආයේ නම් ලංකාවේ උසාවියක පැත්ත පළාතේවත් යන්නේ නැති බව සිතාගෙනය. ඇයට එම ආයතනයේ වැඩ කරන්නට තිබුණේ බොහෝ තරුණ ළමයි සමගින්ය.

 

‘‘මම අදටත් වැඩියෙන්ම සතුටු වෙන්නේ ඒ ආයතනයේ වැඩ කළ කාලය පිළිබඳව. එතැන හිටියේ ලංකාවෙ එහා කොනේ ඉඳන් මෙහා කොනේ අහිංසක, දුප්පත් ළමයි. සමාජය ඔවුන්ව හඳුන්වන්නෙ ‘ජුකී ගර්ල්ස්ලා’ කියලා.nilu_04.jpg

 ඔවුන්ට නිසි ගෞරවයක් දෙන්නේ නෑ. නමුත් ලංකාවට වැඩිම විදේශ විනිමය ගෙනැත් දෙන්නෙ ඒ අහිංසක ගෑනු ළමයි. ඒ කාලේ මම එතැන වැඩ කරද්දි ඒ ළමයින්ගෙ දුක දැක්කා, ඔවුන් එක්ක සමීප වුණා.’’

නීතිඥ රස්සාවේ ඇතිවුණු කලකිරීමත්, ලංකාවේ සමාජ ක්‍රමය තුළ හිරවුණු මිනිසුන්ගේ දුක්ඛිත කතාවනුත් සමගින් හොඳටම හෙම්බත් වී සිටි නිලුෂි විවාහ දිවියට පත්වන්නේ ඒ අතරතුරදීය. මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන එරන්ද ලියනපතිරණ සමගින් අතිනත ගත් ඇය, විවාහයෙන් පසු 2006 වසරේදී ඇමෙරිකාවට ගියේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තබාගෙනය.

විවාහය ඇයට තම අධ්‍යාපනය නවතා දමන්නට කිසිසේත්ම බාධකයක් නම් වූයේ නැත. ඒ නිසාම පදිංචියට ගිය ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ හොඳම විශ්වවිද්‍යාලය වන හැමිලීන් විශ්වවිද්‍යාලය ඇය තෝරාගන්නේ ශාස්ත්‍රපති උපාධියට මුහුණ දෙන්නටය.

ලංකාවේදී නීති පොත් වසා දමා පැත්තකින් තැබූ ඇය, ඇමෙරිකාවේදී නීතිය යළි හදාරන්නට පටන් ගත්තේ දැඩි විශ්වාසයකින්ය. ඒ විශ්වාසය සහ කැපවීමේ ප්‍රතිඵලය ඇය සිය ශාස්ත්‍රපති විභාගයෙන්ද උසස් ලෙස සමත් කරවීමට තල්ලුවක් විය.

එයිනුත් නොනැවතුණු නිලුෂි නැවත පාඩම් කරන්නට පටන් ගත්තේ පශ්චාත් උපාධිය ලබාගැනීමේ අරමුණින්ය. ඒ අනුව 2016 වසරේ ඇයට එම හිමිකමද ලබාගැනීමට භාග්‍යය උදාවිය.

දැන් ඇය දැනුමෙන් සන්නද්ධය, ළඟා කරගත යුතු ඉලක්ක සියල්ලටම ඇය අවසානයේ ළඟාවුණේ හරි සීරුවටය.

එයින් පසු ඇමෙරිකානු රජයේ විනිසුරුවරියක යටතේ අපරාධ නීතිය පිළිබඳව ඇය වසර කිහිපයක් තිස්සේ ඉතා වුවමනාවෙන් හැදෑරුවාය. මෙමගින් ලබාගත් අත්දැකීම් සහ දැනුම ‘ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති තනතුරට’ ඉල්ලුම් කිරීමට ඇයට රුකුල් සැපයුවාය.

ලෝක බලවතාගේ රටේ සහකාර නීතිපති වන්නට එහෙමත් කෙනකුට බැරිය. ඒ පුටුවට යන්නට නම් විශේෂිත විනිසුරු මඬුල්ලක් හමුවේ තම දක්ෂතා නිපුණතාවන් පෙන්විය යුතුය. ඒ විශේෂිත විනිසුරුවන්ගේ නිර්දේශය නොමැතිව කිසිම පුද්ගලයකුට හොර රහසේ නීතිපති දෙපාර්තමේන්තුවේ පුටුවල ඉඳගන්නට නොහැකිය.

එපමණක් නොව, අවුරුදු තුනක සිවිල් නඩු පළපුරුද්දක් මෙන්ම පරිපාලන විනිශ්චය සභාවන් දිස්ත්‍රික් උසාවි සහ අභියාචනාධිකරණ ඉදිරියේ රජය වෙනුවෙන් නඩු විභාග කරන්නට ඇති උනන්දුවද මෙම තනතුරට යම් පුද්ගලයෝ තෝරා ගැනීමට පෙර සලකා බලන වැදගත් කාරණයන්ය.

නිලුෂි රණවීර සහකාර නීතිපති ධුරයට අයැදුම් කළේ පසුගිය ජනවාරියේය. ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අටක කාලයක් විශේෂ ජූරි සභාවක් විසින් ඇයගේ ක්‍රියාපටිපාටිය නිරීක්ෂණයට ලක් කළහ. ඇමෙරිකාවේ ආවාට ගියාට දේශපාලන හයියට, මුදලේ බලයට තනතුරු ලබාදෙන්නේ නැත. තනතුරේ නියම සුදුස්සාට මිස නුසුදුසුස්සාට ඒ ස්ථානය ඇමෙරිකාවේ නම් ලබාදෙන්නේ නැත.

මාස 08ක නිරීක්ෂණයක ප්‍රතිඵල උදාවූයේ පසුගිය අගෝස්තු 23 වැනිදාය. පන්තියේ මුල්ලකට වී ඈලි මෑලි ගතියෙන් සිටි නිලුෂි රණවීර ලංකාවේ වාර්තාවක් තබමින් ඇමෙරිකාවේ මිනසෝටාහි සහකාර නීතිපති ධුරයට පත්වන්නේ ඉතිහාසය අලුත් කරවමින්ය.

ඇය ඇමෙරිකා​වේ සහකාර නීතිපති ධුරයට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ලෙස වාර්තා පොත් අතරට එක්වන්නීය. ඇමෙරිකාව වැනි පැහැදිලිවම විනිවිද පෙනෙන අධිකරණ පද්ධතියක් හිමි බලවත් රාජ්‍යයක නීතිය හසුරුවන්නට ලැබීම වචනයෙන් විස්තර කළ නොහැකි හපන්කමකි.

ඇමෙරිකාව ප්‍රාන්ත 50කින් සමන්විත විශාල රාජ්‍යයකි. ඒ ප්‍රාන්ත 50ට වෙන වෙනම ස්වෛරී රාජ්‍යයන් ලෙස ඒ හැම ප්‍රාන්තයකටම ඔවුන්ගේම ව්‍යවස්ථා, ආණ්ඩුක්‍රම සහ අධිකරණ ඇත.

යම් නීතිඥවරයකුට ඔහුගේ සේවාදායකයාගේ නඩුව දිනන්නට නොහැකි වුවහොත් ඒ නීතිඥවරයා සේවාදායකයාගෙන් මුදල් අය කරන්නේ නැති නමුත් යම් හෙයකින් නඩුව දින්නොත් සේවාදායකයා සහ නීතිඥයා හවුලේ මුදල් බෙදාගන්නා අපූරු ක්‍රමයක් ඇමෙරිකාවේ ඇත.

ඇමෙරිකාවේ නීති පද්ධතිය ඒ තරමටම විනිවිද භාවයකින් යුක්තය. යම් ප්‍රාන්තයක අධිකරණයක තීන්දුව ලබාදීමට සිටින විනිසුරුවරයා එම නඩුවේ විත්ති පාර්ශ්වය සමග පෞද්ගලික හිතවත්කමක් ඇත්නම් ඒ නඩුවට තීන්දුව දෙන්නට ඒ විනිසුරුවරයාට නොහැකිය.nilu_03.jpg

එපමණක් නොවේ, ඇමෙරිකාවේ නීතිඥවරයකු තම සේවාදායකයන්ට යහපත් ලෙස සැලකිය යුතුමය. ඒ සේවාදායකයන් නොමැතිව නීතිඥයාට පැවැත්මක් නොමැති නිසාය.

‘නීතිඥයා සිටින්නේ සේවාදායකයාට වැඩ කිරීමට පමණක් බවත්, සේවාදායකයා නීතිඥයාට කිසිසේත්ම වැඩ නොකළ යුතු බවට’ යන ක්‍රමවේදය මූලික වී ඇත.

ඇමෙරිකාවේ යම් නීතිඥයෙක් තම වෘත්තියට අගෞරවයක් වන ලෙස හැසිරෙනවා නම් සිදුවන්නේ ඔහුට තමන්ගේ නිදහසට කරුණු නොකියාම ලෝගුව ගලවා ගෙදර යන්නටය. ඒ තරමටම ඒ රටේ නීතිය සවිමත්ය. මේ පද්ධතිය පිළිබඳව කලකිරුණු නිලුෂිලා වගේ තවත් බොහෝ උගතුන් රට හැරයන්නේ මේ නිසාමය.

‘‘අපේ ලංකාවෙ මිනිස්සු තවමත් නීතිය නවන්න හදනවා දේශපාලන බලයෙන්, සල්ලිවල බලයෙන්. කිසිම විනිවිද පෙනෙන භාවයක් නීතිය තුළ නැහැ අපේ ර​ටේ. අසරණයකුට සහනයක් ලබාගන්න නීතියේ පිහිට විතරයි තියෙන්නේ. එතැනිනුත් ඔවුන්ට වෙන්නේ අසාධාරණයක් නම් ඇත්තටම නීතියක් මොකටද ලංකාවට?’’

නමුත් තවමත් නිලුෂි ලංකාවට ආදරය කිරීම නවතා නැත. ඇය උපන් රටට සේවය කිරීමට ඇමෙරිකාවේ සිට හෝ ඇය කැපවන්නේ ඒ නිසාය. ලංකාවේ නීති විද්‍යාලවල නීතිය හදාරන ආර්ථික අපහසුතාවලින් දුක් විඳින ශිෂ්‍යයන් කිහිප දෙනකුටම ඇය අනුග්‍රහය ලබාදෙන්නේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමටය.

‘‘මම නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත්තෙ. මම ඇමෙරිකාවෙ ජීවත් වුණත් මගේ රට මට අංක එක. ඒ නිසයි මම ලංකාවේ දරුවන්ට උදව් කරන්නෙ. ඒ කාලෙ මමත් ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. මටත් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න අමාරු වුණා. ඒත් මම උත්සාහය අතහැරියෙ නැහැ.’

වර්තමානයේ බොහෝ දරුවන් අධ්‍යාපනය අතරමග නතර කර දමන්නේ එක්කො විභාගවලට බියෙන්ය, නැතිනම් ඉංග්‍රීසියට බියෙන්ය.

නිලුෂි මේ සියල්ල හරි අපූරුවට ජයග්‍රහණය කළේ දරුවන් දෙදෙනාද සමගින් යුද්ධයක් කරන අතරතුරේය. ඇයගේ ලොකු පුතාට තවමත් වයස අවුරුදු 11කි. පොඩි පුතාට අවුරුදු 06කි. පුංචි දරුවන් දෙදෙනකුගේ වැඩ රාජකාරි බොහෝමයක් මැද ඉඩ ලැබෙන වෙලාවට තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දිවා රෑ නොබලා ඈ වෙහෙසුණාය.

ඒ වෙහෙසේ ප්‍රතිඵල අද ඇය භුක්ති විඳින්නේ ශක්තිමත් ගැහැනියක් වීමේ ආඩම්බරයද අතැතිවය.

විශ්‍රාමික කම්කරු කොමසාරිස්වරයකු වූ සරත් රණවීර සහ ගම්පහ යසෝදරාවේ විශ්‍රාමික ගුරුවරියක වූ ඉන්ද්‍රාණි රණවීර නොසිටින්නට නිලුෂිට මේ සා විශාල දුරක් එන්නට නොහැකිය. ඒ ආදරණීය දෙමාපියන් දෙදෙනා ඇයගේ සාර්ථකත්වයේ සාඩම්බර හිමිකරුවන්ය. නිලුෂිගේ සැමියාටද ඒ ගෞරවය නිබඳව හිමිවන්නේ ඇගේ ගමන යන්නට අවශ්‍ය නිදහස් වටපිටාව සකස් කරදුන් නිසාය.

ලෝක බලවතාගේ රාජ්‍යයේ ලොකු පුටුවක අද ඉඳගෙන සිටින්නේ එදා පන්තියේ අන්තිමයා වූ නිලුෂිය. ඇයට එදා ජීවිතය දිනන්නට තියා පන්තියේ පළමුවැනියා වන්නටත්, හීනයක් තිබුණේ නැත. නමුත් එක්තරා අහම්බයක් ඇයව ජීවිතයේ සාර්ථකත්වයේ හිණිපෙත්තට රැගෙන යන්නට සමත් වූවේය. අද ඇය ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපතිවරියය. ඒ ගෞරවය ලැබෙන්නේ ඇයට පමණක් නොව, ලෝක බලවතාගේ රාජ්‍යය හමුවේ කුරා කුහුඹුවකු සේ පෙනෙන ශ්‍රී ලංකාවටද ඇය ගෞරවයක්ය.

අශිකා ජයවීර
-Aruna-

Posted On Friday, 11 September 2020 05:32 Written by

නදියා_මුරාද් ඉපදුණේත් හැදී වැඩුණේත් කෝචෝ ගම්මානයේය. කෝචෝ, උතුරු ඉරාකයේ සිනිජාර් කදුවැටියේ තිබුණු දුෂ්කර ගම්මානයකි. මේ ගම්මානයේ උන් බහුතරය යසිදි ජාතිකයින්ය. යසිදි ජාතිකයින්ගේ ආගමික ඇදහීම සාම්ප්‍රදායික සුන්නි මුස්ලිම් ඇදහීම් වලට වඩා වෙනස්ය. එනිසා ඉරාකයේ මුස්ලිම්වරුන්ගෙන් නිතරම යසිදි ජාතිකයින්ට විදින්නට වූයේ අවමන් හා වෙනස්කම්ය. වරින් වර පැමිණි ඉරාක රජයන්ගෙන් යසිදි ජාතිකයින්ට සාම්ප්‍රදායික මුස්ලිම් ආගම වැලදගන්නැයි බලපෑම් කෙරිණ. එහෙත් ඔවුන් තමන්ගේ ආගමට දැඩි සේ ගරු කළහ. සුන්නි මුස්ලිම් ජාතිකයින්ගේ කෙණහිලිත්, දැඩි දුප්පත්කමේ පීඩාවත් මැද ගෙවූ නදියාගේ ගම්මානයේ මිනිසුන් ගෙවූ ජීවිතය සුව පහසු එකක් නොවීය. ඒ දුෂ්කර ජීවිතයත් තවත් බියකරු අඩියකට ඇද වැටුණේ 2014 වසරේදීය. ඒ වන විට නදියාගේ වයස අවුරුදු විසි එකකි. 2014 අවුරුද්දේදී අයි එස් ත්‍රස්තයින් විසින් සිනිජාර් කදුවැටිය වටලන ලදී. සුන්නි මුස්ලිම් ආගමික අන්තවාදීන් වූ අයිි එස් ත්‍රස්තයෝ කදුවැටියේ ගම්මාන වල උන් සුන්නි මුස්ලිම් නොවන මිනිසුන්ව ඝාතනය කළහ. නදියාගේ ගමේ මිනිසුුන්ද ඔවුන්ගේ ග්‍රහණයට හසුවුහ. “මේ යසිදි මිනිස්සු සුන්නි මුස්ලිම් නෙවෙයි.. ඒ ගොල්ලො අපේ දෙවියන්ව නෙවෙයි අදහන්නෙ.. මිථ්‍යාදෘෂ්ඨිකයෝ..” නදියාගේ ගම්මානයේ උන් සුන්නි මුස්ලිම් අරාබීන් මෙතුවක් කල් තමන් සමග එකට ජීවත් වූ යසිදි අසල්වැසියන්ව අයි එස් ත්‍රස්තයින්ට පාවා දුන්හ. අයි එස් ත්‍රස්තයින් විසින් අල්ලා ගත් කෝචෝ ගම්මානයේ යසිදින්වද එක් තැනකට ගෙන එන ලදී. “උඹලා ඔක්කොම දැන් මුස්ලිම් ආගමට හැරෙන්න ඕන..” අයි එස් ත්‍රස්තයෝ යසිදින්ට නියෝග කළහ. ගම්මානයේ මිනිසුන් නිහඩව උන්නා මිස කිසිවක් කීවේ නැත. ඉන්පසුව එළඹුණු මොහොත බිහිසුණු විය. අල්ලාගෙන උන් මිනිසුන්ව ගැහැණු පිරිමි ලෙස කොටස් දෙකකට බෙදන ලදී. නදියාගේ වැඩිමල් සොයුරන් හය දෙනාද පිරිමි ගොඩට යන හැටි නදියා බලා උන්නේ ඊලගට වෙන්නට යන දේ ගැන හාංකවිසියක්වත් නොදැනය. ඊලගට.. ගැහැණුන් විලාප දෙමින් බලා සිටියදීම, අයි එස් ත්‍රස්තයින් විසින් යසිිදි පිරිිමි සියලු දෙනාම වෙඩි තබා සහ හිස ගසා මරා දමන ලදී. තමන්ගේ අයියලා හය දෙනාම විනාඩි කිහිපයක් ඇතුලත බිහිසුණු අයුරින් තමන්ගේ ඇස් ඉදිරිපිටම මරා දමන හැටිි නදියා බලා උන්නේ බිියෙන්ද ශෝකයෙන්ද ගල්ගැසී ගොසිනි. ඉන්පසු අයි එස් ත්‍රස්තයෝ යසිදි ගැහැණු කණ්ඩායම දෙසට හැරුණහ. තවත් බෙදීමක් ආරම්භ විය. කුඩා දැරියන් හා තරුණ යුවතියන් වෙන ගොඩකටය. මැදිවියේ ගැහැණුන් වෙනමය. මහලු ගැහැණුන් තවත් ගොඩකටය.. වයසින් මහලු නොවුණත් ජීවිතය පුරා විදි දුක් කම්කටොලු වලින් මහළු පෙනුමක් ලැබූ නදියාගේ අම්මාට යන්නට සිදුවූයේ “මහලු ගැහැණුන්” ගොඩටය. ඊලගට.. මහළු ගැහැණුන්ට වෙඩි තබා මරා දැමිණ. මහලු ගැහැණුන් අයි එස් ත්‍රස්තයින්ට කරදරයකි. බරකි. ඔවුන්ගෙන් ගත හැකි වැඩක් නැත. ඉතින් මහළු ගැහැණුන් සියල්ලන්මද වෙඩි තබා මරා දැමිණ. නදියාට අඬන්නට තරම්වත් පියවි සිහියක් තිබුණේ නැත. ඇගේ මුළු ලෝකයම එකම දිනයක අහිමිව ගොසිනි. අයියලා හය දෙනාත් අම්මාත් එකම දවසක, ඇගේ ඇස් ඉදිරිපිටම මරා දමා තිබිණ. සිදුවෙන්නට මීටත් වඩා නරකක් ඉතිරිව තිබේද..? ඔව්.. ඔවුන් වෙනුවෙන් ඉතිරිව තිබුණේ ඊටත් වඩා නරක ඉරණමකි. මරණයටත් වඩා නරක ජීවිතයකි. මැදිවියේ ගැහැණුන් අයි එස් ත්‍රස්තයින්ගේ කදවුරු වල මෙහෙකාර කමටය. තරුණ කාන්තාවන් ට්‍රක් රථ වල පටවා තවත් දෙසකට පිටත් කරනු ලැබිණ. ඔවුන්ව ගෙන ආවේ වෙළඳ පොලකටය. එය වහල් වෙළඳ පොලකි. වහල් වෙළඳපොල පැවැත්වෙන්නේ රෑටය. වහල් වෙළඳපොලේ ශාලාවන් වල එක් එක් වයස් කාණ්ඩ වල යසිිදි හා කුර්දි යුවතියන් බිම ඉදගෙන සිටිති. අයි එස් සොල්දාදුවෝ එති.. ඒ බිම ඉදගෙන සිටින යුවතියන් දෙස හොදින් බලා තමන්ට කැැමති යුවතියක් තෝරාගනී.. එහෙම නිකන්ම පෙනුමෙන් පමණක් ඔවුන් යුවතිියක තෝරාගන්නේද නැත. තෝරාගත් යුවතිය නැගිට්ටවා ඇගේ කලවා, පියයුරු, ශරීරය අතගාමින් පරික්ෂා කරයි. ඒ සියලු අවයව ගැන සෑහීමකට පත් වෙන්නේ නම් ඇයව මිලදී ගනියි. ඉන්පසු ඒ යුවතිය මිලදී ගත් තැනැත්තාගේ ලිංගික වහලියයි. “ඒයි.. ඔය රෝසපාට කබාය ඇදගෙන ඉන්න කෙල්ල.. නැගිටලා වරෙන්..” නදියා තිගැස්සී හිස එසවූවාය. කවුදෝ තමාවද තෝරාගෙන තිබේ. නදියා හිස ඔසවා හඬ ආ දෙස බැලුවාය. රාක්ෂයෙකු මෙන් බිහිසුණු බැල්මෙන් තමා දෙස බලා සිටින අයි එස් සොල්දාදුවෙකි. අම්මාවත් අයිියලා හය දෙනාවත් මරා දැමූ මිනිසුන් ඇදගෙන උන් කළු නිිල ඇඳුමම ඇදගත් තවත් මිනිසෙකිි. නදියා බියෙන් ලතෝනි දුුන්නාය. තමාව ඇදගෙන යන්නට ඉඩ නොදෙන්නට පොලවේ වකුටු වෙමින් ගුලි ගැසෙමින් ඇඹරෙමින් දැගලුවාය. පලක් වූයේ නැත. ඒ මිනිසා නදියා වෙනුවෙන් මුදල් ගෙවා තිබිණ. එතැන් පටන් නදියාගේ ජීවිතය අපායක් විය. උදේ පටන් රෑ වන තුරු නදියාගේ දින චරියාව වූයේ දූෂණයට ලක් වීමය. ඇය දූෂණයට ලක් වූයේ තමාව මිලදීී ගත් මිනිසාගෙන් පමණක් නොවේ. ඔහු ඔහුගේ මිතුරන්ට සන්තෝසම් ලෙස ලබා දුන්නේද ඇයවය. පාවිච්චි කර ඉවත දමන “ලිංගික වහලියන්ට”” තවත් මිලක් ඇති බව නදියා දැන ගත්තේ සති කිහිපයකට පසුවය. ඒ් මුල් ගැනුම්කරුවාට ඇයව එපා වී ඇයව දෙවන වර විකුනන්නට යලිත් ලිංගික වෙළඳ වහල්පොලට ගෙන ගිිය පසුවය. නදියා පැන යන්නට උත්සාහ කළාය. අවාසනාවකට ඇයව නැවතත් අසු විය. පැන යන්නට උත්සාහ කර හසුවුණු පසු තත්වය තවත් දරුණුය. එසේ පැන යන්නට උත්සාහ කරන්නේ දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වන අයයි. ඒ නිසා ඔවුන්ට දෙන දඩුවම සැරය. ඔවුන්ට දෙන දඩුවම එවෙලේ ඒ භූමියේ සිටින සියලුම පිරිමින්ගෙන් දූෂණයට ලක් වෙන්නට සිදු වීමය. ඒ දඬුවමට නමක්ද ඇත. ඒ “ලිංගික ජිහාඩය”යි. මාස තුනක් තිස්සේ ලිංගික වහලියක් ලෙසින් ගෙවූ ජීවිතය තුළ නදියා දෙතුන් වතාවක්ම මේ දඬුවමද අත්වින්දාය. එහෙත් ඇය පැන යාමේ උත්සාහය අත් ඇරිියේද නැත. වතාවක් එය සාර්ථක විය. අයි එස් වහල් කදවුරෙන් පැනගත් ඇයට මුස්ලිම් පවුලකින් රැකවරණ ලැබිණ. ඒ මුස්ලිම් පවුලේ අය ඇයට පැනගන්නට උදව් කළහ. ඇයට ඉරාක කුර්දිස්ථානයට පැන ගන්නට හැකි විය. ඇය එහි වූ යසිදි සරණාගත කදවුරකට යවනු ලැබිණ. එහිදී ඇය බොහෝ දේ දුටුවාය. අයි එස් ත්‍රස්තයින්ගේ හිංසන වලට ලක් වන කතෝලිකයින් ගැන කතා කරන්නට සංවිධාන ගොඩකි. රටවල් ගොඩකි. අයි එස් ත්‍රස්ත පීඩාවට ලක් වෙන කුර්දින් වෙනුවෙන් පෙනී සිටින්නට පෙශ්මර්ගා හමුදාවකි. මුස්ලිමුුන් වෙනුවෙන්ද බොහෝ අය සිටිති. එහෙත් යසිදින් වෙනුවෙන් කවුරුවත්ම නැත. ඇය තමන්ගේ ජාතිය වෙනුවෙන් තනිව හෝ පෙනී සිටින්නට තීරණය කළාය. ජර්මනියට යන්නට මග පාදාගත් ඇය තවමත් අයි එස් ග්‍රහණයේ සිටින යසිදි ගැහැණුන් ගැන කතා කරන්නට පටන් ගත්තාය. ජාතියක් වශයෙන් යසිදින්ට සිදුවන ගැහැට ගැන කතා කරමින් ඉරාකයේ සුළු ජාතිකයින්ට වෙනමම කලාපයක් නම් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ට බල කළාය. අයි එස් ග්‍රහණයේ සිටින ගැහැණුන් ගැන ඇය ගෙන යන සටනත්, යසිදි ජාතිකයිින් වෙනුවෙන් ඈ කරන අරගලයත් වෙනුවෙන් 2016 වසරේදී යුරෝපා කවුන්සිලයෙන් ඇයට Vaclav Havel මානව හිමිකම් සම්මානය ප්‍රදානය කරන ලදී. ඒ වසරේම ඇයට යුරෝපියානු පාර්ලිමේන්තුවෙන් Sakharov Prize for Freedom සම්මානයද පිරිනැමිණ. යසිදි ජාතිකයින් වෙනුුවෙන් නොනවතින අරගලයක් කරන නදියා මිනිස් ජාවාරම් වලට එරෙහිව නගන හඩ නිසා ඇය මානව ජාවාරම් වලට එරෙහි එක්සත් ජාතින්ගේ ප්‍රථම තානාපතිවරිය බවට පත් වූවාය. මේ සියල්ල අතරතුර තමාගේ අවාසනාවේ කතාව ඇැය පොතකට නැගුවාය. “The last Girl – My Story of Captivity and My Fight Against the Islamic State ඇය විසින් ලියූ ඒ ග්‍රන්ථයයි. 2018 වසරේ නදියාගේ ඒ පොත “නොබෙල් සාම ත්‍යාගය” දිනාගත් පොත විය. ප්‍රාථමික පන්ති වලට පමනක් පාසැල් ගිය සිනිජාර් කදුවැටියේ දුප්පත් යසිදි කෙල්ල “නදියා මුරාද්.” නොබෙල් තෑග්ග දිනූ ඉරාකයේ පළමු පුරවැසියා බවට පත් වූවාය නිම්මි මුදිතා හේරත් Nimmi Muditha Herath සති අග අරුණ

Posted On Wednesday, 02 September 2020 03:40 Written by

මනෝජ් මල්ලි තමයි අපේ පවුලේ බඩපිස්සා. සුදුම සුදුයි. කැරලි කොණ්ඩෙ. අපේ අම්මගෙ ලස්සන එහෙම පිටින්ම ගිහින් තිබුණේ මල්ලිට. ඒ නිසාම පවුලේ අපි විතරක් නෙවෙයි දකින අයත් ඒ ලස්සන හුරතල් දරුවට ගොඩක් ආදරේ කළා. මට අවුරුදු 18ක් විතර වෙනකොට අපේ ගෙදරට අමුත්තෙක් යන්න එන්න ගත්තා. ඒ මගේ අනාගත සහකරු සනත් නන්දසිරි. මහත්තයත් මල්ලිට ගොඩක් ආදරේ වුණා. මල්ලිත් එහෙමයි. ඒ දවස්වල මහත්තයා අම්පාරේ උහන මහා විද්‍යාලයේ උගන්වනවා. එයාගේ තබ්ලාව නුගේගොඩ අපේ ගෙදර තියලා යන්නේ. මට ඒක හරිම වටින වස්තුවක්.

 

මම තබ්ලාව හොඳට වහලා හඳුන්කූරු දුම් අල්ලලා තමයි කාමරේ තියන්නෙ. අපේ දඟකාර බඩපිස්සා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආව ගමන් හොරාට ඒ කාමරේට රිංගලා දඩබඩ දඩබඩ ගාලා තබ්ලාවට ගහගෙන ගහගෙන යනවා. මට ඉතින් හරිම කේන්තියි. මහත්තයා සති අන්තයේ ගෙදර ආවම මම එයාට කිව්වා මෙයා ගහලා තබ්ලාවට මොනව හරි වෙයිද දන්නෙ නෑ කියලා. මහත්තයා තරහ ගත්තෙ නැහැ. ආදරෙන් මල්ලිට ළඟට අඬගහලා “ඔයා තබ්ලා එක ගහන්න ආසයිද ” කියලා ඇහුවා. මල්ලි ගත් කටටම “හා” කිව්වා. මල්ලි තබ්ලාව කඩයිද කියල මට බයත් හිතුණා. මහත්තයා අපේ මමී එක්කත් කතාකරගෙන මල්ලිට තබ්ලාව පුරුදු කරන්න ලෑස්ති කරගත්තා.

ඊළඟ සතියේ සිකුරාද දවසක මහත්තයා වේලාසන ගෙදර ආවා. මමී කිරිබත් හදලා කෙසෙල්, කැවිලි ලෑස්ති කරලා තිබුණා. සුවඳ දුම් අල්ලලා තිබුණ තබ්ලාව ළඟ මල්ලි හරිම ආසාවෙන් ඉඳගත්තා. මහත්තයා පාඩමක් කියලා දීලා ඇක්සයිස් පොතක ලියන්නත් දුන්නා. ඉස්කෝලෙ ඇරිලා ඇවිත් හොඳට ප්‍රැක්ටිස් කරලා ලබන සතියේ ආවම ගහලා පෙන්නන්න කිවුවා. එදා හා පුරා කියලා මහත්තයා අපේ හුරතල් බඩපිස්සගේ අත තම්බලාවට තිබ්බා තිබ්බම තමයි. අද එයා ඉන්න තලයට එන්න පුළුවන් වුණේ මගේ මහත්තයාගේ ආශිර්වාදයයි මගෙ මල්ලිගෙ පිනටයි.”

ඇය කියන්නේ සෙහෙනසින් හදවත ම පුරවාගෙනය. ඒ ආදරණීය සහෝදරිය ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද මල්කාන්ති නන්දසිරිය. මෙවර අක්කා-මලෝ විශේෂාංගය සරසන්නේ අක්කලා සිවුදෙනකු සහ අයියා කෙනෙකුගෙන් යුතු පවුලක බඩපිස්සෙකි. ඔහු විශාරද මනෝජ් පීරිස් ය. ඔහු මල්කාන්ති නන්දසිරි, කුමාර් පීරිස්, නිර්මලා රණතුංග, නිරංජලා සරෝජිනි, සකුන්තලා යන සොයුරු සොයුරියන්ගේ දයාබර මලණුවන් වන අතර මහාචාර්ය සනත් නන්දසිරි, විශාරද විජේරත්න රණතුංග හා ප්‍රවීණ ගායන ශිල්පී අබේවර්ධන බාලසූරියගේ මස්සිනාය. එදා හුරතල් දරුවකු ලෙස මහාචාර්ය සනත් නන්දසිරි වෙතින් තබ්ලා වාදනයේ මුල් පොත කියවූ ඔහු අද රටත් ලෝකයත් හඳුනන දක්ෂ තබ්ලා වාදන විශාරදයෙකි. ඔහු ලබා තිබෙන දෙස් විදෙස් සම්මාන සහ ගෞරව නාම රැසකි. චිත්‍රපට 3ක් සහ ටෙලිනාට්‍ය 2ක් ද සංගීතවත් කර ඇති විශාරද මනෝජ් පීරිස් වසර 15ක් තිස්සේ ස්වාධීන රූපවාහිනියේ ‘චැට් ඇන්ඩ් මියුසික්’ වැඩ සටහන සංගීතවත් කරයි. ඊට අමතරව ජනප්‍රිය රූපවාහිනි නාළිකාවක රියැලිටි වැඩසටහන් දෙකක් සහ තවත් රූපවාහිනී නාළිකා දෙකක වැඩසටහන් දෙකක් සංගීතවත් කරයි. 1986 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වාදක මණ්ඩලයේ සහ ෆෝචූන්ස් වාදක කණ්ඩායමේ සාමාජිකත්වය දැරූ ඔහු කලක් ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය. පණ්ඩිත් අමරදේවයන්, විශාරද නන්දා මාලිනිය ඇතුළු කලා ශිල්පීන් රාශියක් සමඟ මේ වන විට රටවල් 42ක සංචාරය කරමින් වාදනයෙන් සහාය වී ඇති විශාරද මනෝජ් පීරිස් රයිගම් සම්මාන උළෙලේ එක්වරක් පමණක් පිරිනමන ලියෝනි කොතලාවල සම්මානය මෙවර ලබාදීමට නියමිතව තිබුණේ ද විශාරද මනෝජ් පීරිස්ටය. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එම සම්මාන උළෙල නොපැවැත්වුවද එය තමාගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් බව ඔහු කීවේය. තබ්ලා වාදනය පිළිබඳ ඔහු විසින් රචිත ශාස්ත්‍රීය කෘතිය එම්.ඩී. ගුණසේන ප්‍රකාශනයක් ලෙස ළඟදීම එළිදැක්වීමට නියමිතය. විශාරද මනෝජ් පීරිස් බාල වියේ සොඳුරු මතක අවදි කළේ මෙලෙසනි.

“අපේ පප්පගේ ගම මොරටුවේ. මමී නුගේගොඩ. මට මතක ඇති කාලේ ඉඳලම අපි පදිංචි වෙලා හිටියේ නුගේගොඩ. මම ඉස්කෝලේ ගියෙ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයට. අපේ පප්පා හැරිසන් පීරිස් කාලයක් මැසෙන්ජර් පුවත්පතේ කර්තෘ විදිහට වැඩ කළා. මමී රෙජිනා පීරිස්. පප්පට ඒ දවස්වල එකෝඩියන් එකක් තිබුණා. පප්පා ඒක ප්ලේ කරද්දි අක්කලා හතරදෙනාම සින්දු කියනවා. අයියා නම් සංගීතය පැත්තට එච්චරම නැඹුරුවක් තිබුණේ නැහැ. හැබැයි එයා හොඳ ආට්ස්ට් කෙනෙක්. ඒත් අයියා කලා ක්ෂේත්‍රයට යොමු වුණේ නැහැ. අදටත් ඔහු වෙනත් ක්ෂේත්‍රයේ රැකියාවකයි නියැළී ඉන්නෙ”

ගායනයට උපන් හපන්කම් දැක්වූ සහෝදරියන්ගෙන් කලා ජීවිතයට ලැබුණු ආලෝකය ගැන විශාරද මනෝජ් පීරිස් සිහි කළේ සතුටිනි.

“ලොකු අක්කා මල්කාන්තිගේ සැමියා මහාචාර්ය සනත් නන්දසිරි තමයි මගේ සංගීත ජීවිතයේ මුල් ගුරුතුමා. මම සනත් අයියගෙ තබ්ලාව හොරෙන් ගහනවා කියලා අක්කා කිව්ව සිද්ධිය මටත් අද වගේ මතකයි. ඒ කාලේ අක්කලා එක්ක මමත් ළමා පිටියට යනවා. අක්කලා සින්දු කිව්වට මගෙ ආසාව තිබුණේ තබ්ලාවට. නිර්මලා අක්කා විවාහ වුණු විජේරත්න අයියා නිසා ඒ ආසාව තවත් වැඩි වුණා. “

ඔහු එහෙම කියද්දී පවුලේ ආදරණීය බඩපිස්සා ගැන මල්කාන්ති අක්කා මෙසේ කීවාය.

“පුංචි කාලේ මල්ලි හරිම දඟකාර චරිතයක්. අපේ ගේ තිබුණේ පාර අයිනෙ. ඉස්කෝලේ ඇරිලා ආව ගමන් පාරට දුවනවා බෝල ගහන්න. සරුංගල් අරින්නත් හරි කැමතියි. කොච්චර දඟ වුණත් මල්ලි පොඩි කාලේ ඉස්කෝලේ වැඩ හරියටම කරපු දරුවෙක්. එයාට උගන්වන්න අපි පස් දෙනෙක්ම හිටියා. ඒ නිසා එයා ඉගෙනීමේ කටයුතු හොඳින් කළා. මල්ලිගේ ජීවිතේ එයා වැඩිපුරම ආදරේ කළේ මමීට. මමීගේ මරණය එයාගේ ජීවිතේට ගොඩක් බලපෑවා. විශාල වේදනාවක් වින්දා. සිහියත් නැති වුණා මට මතකයි. මමීගේ, පප්පගේ වියෝවින් පසුව මල්ලි ගොඩක් හැදුණේ වැඩුණේ මගෙ ළඟ. මටත් මහත්තයාටත් මල්ලි දරුවෙක් හා සමානයි. අපේ දුව අනුරාධාටත් එයා හරිම ආදරෙයි. දුවත් එහෙමයි. දෙන්නා වෙලාවකට යාළුවො වගේ. මල්ලි නිතරම මගෙ අවවාද අනුශාසනා පිළිගන්නවා. ගායනයට කැමැත්තක් තිබුණට එයාට ඒකට ලොකු හැකියාවක් තිබුණේ නැහැ. මට හිතෙන්නෙ එයාගේ අත්දෙක හැදිලා තියෙන්නෙම තබ්ලා වාදනයටම තමයි. මල්ලි අද සිටින තත්ත්වය ගැන මමත් මහත්තයාත් අපේ පවුලේ හැමෝමත් ලොකු සතුටක් විඳිනවා. අපිට තාමත් එයා අපේ චූටි මල්ලිම තමයි. ඒ තරම් ම ආදරණීය චරිතයක්”

ඊළඟට ඔහු ගැන ආදරණීය මතකය අවදි කළේ ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද නිර්මලා රණතුංග ය.

“ඒ කාලේ අක්කලයි අයියලයි ක්‍රිකට් සෙල්ලම් කරද්දි මල්ලිව සෙල්ලමට ගන්නෙ නෑ එයා පොඩි නිසා. මල්ලි ගිහින් තරහට විකට් ගලවනවා. එතකොට මමී කියනවා අනේ පව් මල්ලිවත් සෙල්ලමට ගන්න කියලා. ඉතින් අක්කලාටයි අයියටයි දුකයි මල්ලි ගැන. විවාහ වුණාට පස්සේ මම පදිංචි වෙලා හිටියේ කැලණියේ. එහෙ ඉඳන් ගෙදර ආපු ගමන් මම කරන්නේ මල්ලිව නාවන්න එක්ක යන එක. චූටි කාලේ මල්ලි නාන්න ටිකක් හොරයි. ඉතින් මමී මට කියනවා මල්ලිව ඇදගෙන ගිහින් නාවන්න කියලා. මම කතා කළාම මල්ලි නාන්න යන්න එනවා. ඒක තමයි මට මල්ලිගේ චූටි කාලේ ගැන තියෙන හොඳම මතකය”

ඇය පැවසුවේ සිනාසෙමිනි. ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී ද සොහොයුරා ගැන මතකය අවදි කළේ සෙනෙහසිනි.

“ පවුලේ බාලයා නිසා මල්ලි හරිම හුරතල්. ඒ වගේම හුරුබුහුටියි. අපි පස්දෙනාම මල්ලිට ගොඩක් ආදරේ කළා. දඟ කළත් දඬුවමක්වත් දෙන්න හිතෙන්න නැති තරම් හුරතල්. කලාවට යොමුවෙයි කියලා නම් ඒ කාලේ හිතුණේ නැහැ. නමුත් පවුලේ පසුබිම එක්ක එයාටත් ඒ ආශාව ඇතිවුණා. මමයි අබේයි තමයි මල්ලිව මුලින්ම ඇමෙරිකාවේ සංචාරයකට එක්ක ගෙන ගියේ. අදටත් අපි හැමෝම මල්ලිට ආදරෙයි වගේම මල්ලිත් අපිට ආදරෙයි. එයා ආගමට ගොඩක් ලැදියි. දෙවියන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. වැඩිහිටියන්ට සලකන ගුණගරුක කෙනෙක්. විහිළු තහළු කළාට එයා අපේ පප්පා වගේ නිහඬ, තැන්පත් චරිතයක්. ඒ වගේම හරිම ලැජ්ජාශීලීයි. ”

කුමාර් අයියාට මෙන්ම සකුන්තලා අක්කාට ද මනෝජ් මල්ලී ගැන ඇත්තේ එවැනි සොඳුරු මතකයන්ය. ඒ අතර අක්කලා මෙන්ම අයියා ද ආදරණීය මල්ලී ගැන සිත් තැවුලින් සිටින කරුණක් ද වේ. ඒ ගැන මල්කාන්ති නන්දසිරි පැවසුවේ දොම්නසිනි.

“ මට තියෙන එකම වේදනාව එයා සහකාරියක් සොයාගන්න මැළිකමක් දැක්වීමයි. එයාට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා. නමුත් තෝරා ගැනීම ගැන මොකක් හරි ප්‍රශ්නයක් තිබෙන නිසා වෙන්නැති තවම විවාහයක් සිදු නොවුණේ. එයාට කිසිම අඩුපාඩුවක් නැහැ. ජීවිතේ හැමදේම තිබිලත් ඒ දේ විතරක් නොලැබේවිද කියලා හිතද්දි ගොඩක් දුකයි. එයාව ආදරෙන් බලාගන්න සහකාරියක් එයා ළඟ සිටිය යුතුයි කියලයි මම හැමවෙලාවෙම හිතන්නේ”

ඒ වදන් මවුවත්කමින් පිරී තිබේ. සහෝදරියගේ ඒ සෙනෙහස ළඟ ඔහු ද හැඟීම්බරය.

” මමී නැතිවුණාට පස්සේ හැමදේටම මං ළඟ හිටියේ අක්කලා. විශේෂයෙන් මල්කාන්ති අක්කා මට අම්මා වගේ. 2006 වෙනකම් මම මල්කාන්ති අක්කා ළඟ හිටියේ. අක්කලා හතර දෙනාටත් අයියටත් මම එදා වගේම ආදරෙයි. ඔවුනුත් එහෙමයි. අක්කලා විවාහ වුණාට පස්සේ මට ඔවුන් නිතර ළඟ නැති අඩුව දැනුණා. ඒත් කාලයත් එක්ක ඒ පාළුවට මම පුරුදු වුණා. සමහර වෙලාවට තනිකම කියන්නේ දරාගන්න ගොඩක් අමාරු දෙයක්. නමුත් දැන් ඒකට පුරුදු වෙලා. තනිකමත් සුන්දරයි කියලා හිතෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි හැමදේම සිදුවෙන්නෙ කියලා මම විශ්වාස කරනවා.”
උපුටා ගැනීමකි.

සුරේකා නිල්මිණි ඉලංගකෝන්
 රසඳුන 

Posted On Wednesday, 26 August 2020 04:58 Written by
Page 2 of 2