Thursday, 09 May 2024
Editor

Editor

ශ්‍රී ලංකාවේ මේවන විට ආඝාත රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයන් දහසකගෙන් නව දෙනෙක් මෙම රෝගයට මුහුණ පා සිටින බව වෛද්‍යවරු පවසති.

දිවයිනේ සියලු ම පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන්ට 2019 වර්ෂය වෙනුවෙන් නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ වැඩපිළිවෙළ පළමු පාසල් වාරය අවසන් වීමට පෙර සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන  අමාත්‍යාංශය පවසයි.

නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපාන් ශ්‍රී ලාංකික ජනතාවට හදුන්වාදීමේ අරමුණින් මිලියන 21 ක් වූ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීම පෙබරවාරි 21 දා කළුතර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඇමරිකානු වානිජ පර්යේෂණ ආයතනයකින් නිකුත් කළ නවතම වාර්තාවක් ලෝක අවධානයට ලක් ව තිබේ. වර්තමානයේ ජුගුප්සාජනක බොහෝ කෘමි සතුන් අනාගතයේ දී රසවත් ආහාර වශයෙන් ගැනේ. වගාවට හානිකරන කෘමීන් සේ සලකා විනාශ කරන්නට රසායනික යොදවන නමුත් ඉතාම නුදුරු කාලයේ එම කෘමීන් බත් පිගානට බොවන්නට නැඹුරු වනු ඇත. එය වැලැක්විය නොහැකිය.

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජාතික ගුවන්විදුලියෙන් පිදෙන ගීතමය උපහාරය''නිදහසේ ගී'' ප්‍රසංගය අද (14) ප.ව. 6.00ට කොළඹ 07, නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ  - 2017 විභාගය සමත් එහෙත් සරසවි වරම් අහිමි සිසුන්ට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීමට පොලී රහිත ණය ලබාදෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සඳහන් කරයි.

අත්‍යාවශ්‍යය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද (13) බදාදා පෙරවරු 8.00 සිට පසුදා පෙරවරු 5.00 දක්වා පැය 21ක කාලයක් මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

මහරගම අපේක්ෂා රෝහලේ දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

2016 හා 2017 අ.පො.ස.(උ.පෙ) ප්‍රතිඵල මත 2018 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමට අදාළව මාර්ගගත ක්‍රමවේදය (Online System) ඔස්සේ අයදුම් කිරිම ද 2019.01.25 දින ගැසට් නිවේදනය තුළ අනිවාර්ය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.