Sunday, 28 April 2024
Editor

Editor

ණය නිකුත් කිරීමේදී වාණිජ බැංකු විසින් අය කරනු ලබන පොළී අනුපාතය අඩුකළ ඇති දැයි සොයා බලා වාර්තා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කොට ඇත.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06ක් සඳහා පානිය ජලය බෙදා දිමේ කටයුතු ආරම්භ කර තිබේ.

අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් සූර්යා පවතින බවත් අද දින (06) දහවල් 12.12 ට අහුන්ගල්ල, ගනේගොඩ, කලුබෝවිටියාන, කැටවල, වලල්ගොඩ, සූරියවැවසහ ගල්කඩුව යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විදේශ රැකියා සඳහා ගොස් රැකියාව අවසන්ව දිවයිනට පැමිණෙන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා මෙරට පාසැල්වල හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීම සදහා අවස්ථාව ලබාදීමසම්බන්ධයෙන් විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුවී තිබේ.

අයවැය තෙවනවර කියැවීම පිළිබඳ ඡන්ද විමසීම අද (05) පස්වරු 5.00 ට සිදුකිරිමට නියමිතය.

රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතික මංගල්‍යය වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද මෙවර සෙනසුරාදා හා ඉරිදා දිනවල යෙදී ඇති බැවින් ශ්‍රී ලාංකීය ජනතාවට අලුත් අවුරුදු සැමරීම සඳහා අප්‍රේල් 15 වැනි දිනය ද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීමට   (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.

මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසේ දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා වූ අවසන් පරීක්ෂණ දුම්රිය ධාවනය කෙරිණි.

පොලිස් මත්ද්‍රව්‍ය කාංර්යංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් වු මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 769යි ග්රෑම් 464 විනාශ කිරිමේ කටයුතු අද (01) දින ගෝනවල පිහිටි කැළණිය දි සිදුවිය.

ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ලියාපදිංචි කර ඇති ණය සංඛ්‍යාව 46,673කි. මේ යටතේ රුපියල් මිලියන 78,621.6ක් වටිනා ණය ලබා දී තිබේ.