Thursday, 16 May 2024

නොතිර දියත පෙනෙන ඉමක
නොමැත සදා සුපිපි මලක්
නොනිම් ගගන කිනම් තැනක
වෙයිද සදා දිලෙන සඳක්

Posted On Friday, 30 December 2016 08:25

වසන්තයේ ලා හිරු රැස් කැපූ ගොයම් සිඹිනවා ද
එදා වගෙම පුංචි එවුන් ඉපනැල්ලේ දුවනවා ද
දෙවැට දිගේ රතු පාටට එරබදු මල් පිපෙනවා ද
කොහෝ උඹත් මං නැතිවට තවම සිංදු කියනවා ද

Posted On Friday, 30 December 2016 08:23

හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ
බලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ
පොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ
මල් මොකටද මට හිතෙනව විඩ විඩ

Posted On Friday, 30 December 2016 08:10

කෝ්මාරිකා ශාකය ඖෂධයක්් වශයෙන්් මෙන්්ම ආහාරයක්් වශයෙන්්ද භාවිත කළ හැකි වන අතර අතීතයේ්දී කුමාරිකාවන්්ගේ් රුව වැඩීමට බහුලව භාවිත කළ ඖෂධයක්් වන නිසා කුමාරිකා යන නාමය ද හිමිවේ.

Posted On Thursday, 29 December 2016 15:33

නිරිත දිග මෝසම සහ දෙවැනි අන්තර් මෝසම් සමයේ බලාපොරොත්තු වූ පරිදි දිවයිනට වර්ෂාව නොලැබීමත් ඉදිරියේ දී ඊසාන දිග මෝසම කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිය නොහැකි හෙයින් ලබන වසරේ නියඟයක් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Posted On Thursday, 29 December 2016 15:10