Saturday, 20 April 2024

චීනය නිසා ඇමරිකානු ජනපති සහ අධිකරණය අතර ගැටුමක්

Posted On Monday, 21 September 2020 03:32
 

චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට ට‍්‍රම්ප් පරිපාලනය ගෙන ඇති තීරණයට අමෙරිකානු අධිකරණයත් සිය විරෝධය පළ කර තිබෙනවා.

අමෙරිකානු මහේස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු ලෝරල් බිලර් පවසා ඇත්තේ මෙම තහනම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතු කරන බවයි.

නිදහසේ අදහස් පළ කිරීමට එමගින් බාධාවක් සිදුවන බවයි විනිසුරුවරයා අවධාරණය කර ඇත්තේ.

කෙසේවෙතත් ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ වී චැට් සමාජ මාධ්‍ය යෙදුම එරට වේලාවෙන් ඉරිදා මධ්‍යම රාති‍්‍රයේ සිට තහනම් කරන බවයි. 

එම තහනමත් සමග අමෙරිකානුවන් හට ටික් ටොක් හා වී චැට් යෙදුම් බාගත කිරීමට හෙවත් ඩවුන්ලෝ්ඞ් කිරීම නොහැකි වන අතර ඒවා හරහා පණිවිඩ යැවීම සහ වීඩියෝ බෙදාගැනීමට ද නොහැකි වනවා. ටික් ටොක් තහනම කි‍්‍රයාත්මක වන්නේ එළඹෙන නොවැම්බර් 12 වැනිදා සිටයි.

ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ ටික් ටොක් සහ වී චැට්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. කෙසේවෙතත් මෙම සියලූ චෝදනා චීනය තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. 

Read 767 times