Thursday, 25 April 2024

ජපානයේ නව අගමැති ලෙස යොෂිහයිඩ් සුගා නිල වශයෙන් නම්කරයි Featured

Posted On Wednesday, 16 September 2020 06:08

කාඩ්බෝඩ් කර්මාන්තශාලා සේවකයෙකු මෙන්ම ගොවියෙකුගේ පුත්රයෙකු වන යොෂිහයිඩ් සුගා මහතා ලෝකයේ තුන්වන විශාලම ආර්ථිකය හිමි රටේ නායකයා ලෙස තෝරාගෙන ඇත. .පසුගිය බදාදා (15-09-2020) එරට පාර්ලිමේන්තුවේ පවතී ජන්ද  විමසීමෙන් පසුව  සුගා මහතා ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වී  ඇත.71 හැවිරිදි ඔහු පාලක ලිබරල ඩිමොක්‍ටීස් පක්ෂයේ නායකයා ලෙස 70% ජන්ද ප්‍රතිශතයක් ලබා ගත අතර නිල වශයෙන් අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීමට නම් රටේ ජාතික ව්‍යවස්ථාදායක සභාවේ සහය අවශ්‍යය. ඒ අනුව පවතී ජන්ද විමසීමේදී  පහල මන්ත්‍රී මණ්ඩලයේ ජන්ද 465 න්  314ක් සහ ඉහල මන්ත්‍රී මණ්ඩලයේ ජන්ද 240 න් 142 ක් ලබාගනිමින් මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා සිය කැබිනට් මණ්ඩලය පත්කිරීමට නියමිත අතර හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ කැබිනට මන්ත්‍රීන්ගෙන්  බොහෝ පිරිසක් නව කැබිනට මණ්ඩලයට ද ඇතුලත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

65 හැවිරිදි  ෂින්සෝ අබේ මහතා  පසුගිය දා අග්රමාත්යධුරයෙන් ඉල්ලා අස්විය. ඒ ඔහුගේ පුද්ගලික සෞඛ්‍ය ගැටළුවක් හේතුවෙනි. නව අග්‍රාමාත්‍යවරයාට ගෝලීය කොරෝනා වයිරසය හමුවේ ජපානය මෙහෙයවීම  මෙන්ම 2021 ඔලිම්පික් තරගාවලිය ඇතුළු විශාල අභියෝග රැසකට මුහුණ දීමට ජපානය පෙළගැස්විය යුතුය.

Read 858 times