2020-08-07
ශ්‍රී ලංකාවේ පාලක රාජපක්ෂ සහෝදරයන්ගේ පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයකින් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගනී.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය (එස්එල්පීපී) තනිවම 146 ක් ජයග්‍රහණය කළ අතර සාමාජිකයින් 225 දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාදායකයේ අවම වශයෙන් ආසන 5ක සහයෝගය ලබාගතහොත් තුනෙන් දෙකක අති බහුතරය ඔවුන්ටයි.
නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් හිටපු ජනපති රාජපක්ෂ ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය හට පොරොන්දු වූ ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කිරීම සඳහා තුනෙන් දෙකක 'සුපිරි බහුතරයක්' අවශ්‍ය වේ.
ජනාධිපතිගේ බලතල සීමා කරන පෙර පරිපාලනය විසින් සිදුකරන ලද ව්‍යවස්ථාමය වෙනස්කම් ආපසු හැරවීමට සහෝදරයන්ට අවශ්‍යය.
නිල ප්‍රතිපල වලින් පෙනී ගියේ කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් දෙවරක් කල් දැමූ මැතිවරණයක් උවත් ජයග්රාහි පක්ෂයට මිලියන 6.8 ක මහජන ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇති බවයි. මිලියන 16.2 ක ඡන්දදායකයින්ගෙන් සියයට 70 කට වැඩි පිරිසක් බදාදා ඡන්දය ප්‍රකාශ කළහ.
ප්‍රතිපල ලැබෙමින් තිබියදීත්, අග්‍රාමාත්‍යවරයාගේ බාල සොහොයුරා වන ජනපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “මේ දක්වා ඇති ප්‍රතිපල මගින් විශිෂ්ට ජයක් SLPP ලබමින් සිටින බවයි.
එස් එල් පී පී ප්‍රබල සාමාජිකයෙකු වන උදය ගම්මන්පිල පැවසුවේ ජයග්‍රහණය බලාපොරොත්තු වූවාට වඩා විශාල බවයි.
“අපි බලාපොරොත්තු වුණේ ජයග්‍රහණයක්, දර්ශනීය ජයග්‍රහණයක්, නමුත් මෙතරම් විශාල ජයග්‍රහණයක් නොවේ,” ගම්මන්පිල වාර්තාකරුවන්ට පැවසීය.
ජය තහවුරු වීමටත් පෙර පෙර අගමැති නරේන්ද්‍ර මෝදි මහින්ද රාජපක්ෂට දුරකථන ඇමතුමක් දෙමින් සුබපැතුම් එක්කර තිබේ.
ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කියා ඇත්තේ අගමැති මෝදි සමඟ “සමීපව” කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, දෙරටේ “මිතුදම තව තවත් ශක්තිමත් කරන බවයි “රාජපක්ෂ පවුල පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකා දේශපාලනයේ ආධිපත්‍යය දැරීය. මහින්ද 2005 සිට 2015 දක්වා ජනාධිපති විය.
ගෝඨාභය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ දා සිට ශ්‍රී ලාංකිකයන් බොහෝ දුරට පවුලේ ජනතාවාදී වේදිකාව නැවත වැලඳගෙන තිබේ.
පුද්ගලයන් 279 දෙනෙකු ඝාතනය කළ මුස්ලිම් රැඩිකල්වාදීන් විසින් 2019 දී එල්ල කළ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇති වූ ජාතිකවාදී රැල්ලකින් ඔවුන් ජයග්‍රහණය කරා ගමන් කර තිබේ.
2009 දී මහින්ද ජනාධිපති සිටින අවදියේ ඔහුගේ සහෝදරයා වූ ගෝඨාභය ප්‍රධාන චරිතයක් වූ ආරක්ෂක ලේකම් ධුරය දරමින් දශක ගණනාවක් පුරා පැවති දෙමළ බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීම සඳහා නිර්දය මිලිටරි මෙහෙයුමක් දියත් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ සහෝදරයන් රටේ සිංහල බහුතරය විසින් වීරයන් ලෙස සලකනු ලැබේ.
බෙදී ගිය විරුද්ධපක්ෂය විනාශ විය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට තම ඡන්ද කොට්ඨාශය ද අහිමි වූ අතර, පෙර පාර්ලිමේන්තුවේ ආසන 106 ක් තිබූ ඔහුගේ පක්ෂය එක් ආසනයක් දක්වා අඩු කෙරිණි.
මියගිය ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත්ගේ නායකත්වයෙන් යුත් වික්‍රමසිංහගේ පක්ෂයෙන් වෙන් වූ පක්ෂයකට සියයට 20 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ අතර ආසන 53 ක් ලබා දෙවන ස්ථානයට පත්විය.
පසුගිය පාර්ලිමේන්තුවේ ආසන 16 ක් තිබූ මධ්‍යස්ථ දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) ද දරුණු ලෙස පසුබැස ඇත. අගෝස්තු 20 වනදා රැස්වීමට නියමිත නව සභාවේ ඔවුන්ට ආසන 10 ක් පමණක් ඉතිරිව තිබුණි.
මීට පෙර ආසන හයක් තිබූ වාමාංශික පක්ෂයක් බදාදා පැවති ඡන්දයෙන් පසුව තුන දක්වා අඩු විය. හිටපු ලෝක කුසලාන ජයග්‍රාහී නායක අර්ජුන රණතුංගට ද අසුන අහිමි විය.
NDTV ඇසුරෙන් -