Thursday, 12 June 2025
Editor

Editor

බස්නාහිර පළාත් කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ගම්පහ දිස්ත්‍රික් කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (03) හෙට( 04) සහ 05 යම සෑම දිනයකදීම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා නිට්ටඹුව ගොවිජන සේවා පරිශ්‍රෙය්දී පැවැත්වේ.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද (03) වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අදින් ආරම්භ වන ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු 7දා දක්වා පැවැත්වෙන අතර 08දා පැවැත්වෙන දහවල් පෙරහරින් ඇසල පෙරහර මංගල්‍ය නිමාවට පත් වේ.
 

වියළි කාලගුණය හමුවේ විදුලි බිල වැඩි කිරීමක් හෝ විදුලිය කප්පාදුවක්  සිදු වන්නේ නැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා  පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම පිළිබදව පනත ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

විල්පත්තු ජාතික උද්‍යානය තුළට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය යටතේ සංචාරක කටයුතු පවත්වාගෙන යාමෙන් වනසතුන්ගේ පැවැත්වම තර්ජනයට ලක්වීම වළක්වාගැනීමේ අරමුණින් පෙරවරු 6.00 සිට පෙරවරු 11.30දක්වා පමණක් විල්පත්තු ජාතික උද්‍යානය සංචාරකයින් සඳහා විවෘත තැබීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

මෙම වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය ලබන 04 වන සිකුරාදයින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් වේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් රජයට පරිත්‍යාග කරන ලද මාළඹෙි නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (01) දින සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර සහ මාතර දිස්ත්‍රික් දෙක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
 

ඛනිජ තෙල් බෙදාහැරීම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම සේවාව හා සම්බන්ධ සියලු ම සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දෙයි.

මහජනතාව පත්වන පීඩා සහ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන වහාම සේවයට වාර්තා කරන ලෙස රජය වර්ජනයට එක්ව සිටින ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගෙන් ඉල්ලයි.