Monday, 09 June 2025
Editor

Editor

දිවයිනේ දකුණු අර්ධයේ විටින් විට හමන සුළං පැයට කිලෝමීටර් 40 - 50 පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් කොළඹ, කළුතර, මහනුවර, නුවරඑළිය, මාතර සහ හම්බන්තොය දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය බලපා හැකිය.
 
එමෙන් ම මඩකලපුව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ද ඇති වන අතර ම මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ද ඇතිවිය හැකිය.

නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල ජනතාවට වියළි ආහාර සලාකය ලබාදීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් බිලියන 1.5 ක මුදලක් මේ වන විට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර තිබේ.
 

නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල, ගොවි ජනතාවට වියළි ආහාර සලාකයක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දුන් උපදෙස් අනුව එම කටයුතු මේ වන විට විධිමත්ව ක්‍රියාත්මක වෙමින් පවතී.
 

බස්රථ හා පොදු මගී ප‍්‍රවාහන රථ සඳහා ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියර අද (22) සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව කටුබැද්ද මංසන්දියේ සිට මැලිබන් මංසන්දිය දක්වාත්, බම්බලපිටිය මංසන්දියේ සිට පිත්තල මංසන්දිය දක්වාත් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මක වෙයි.
 

හෙට (22) සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත් කර ඇත.

අද (21) පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන අතර මෙම  සූර්ය ග්‍රහණය උතුරු ඇමරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙස දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සඳහන් කරයි.  එමෙන් ම මෙම සුර්ය ග්‍රහණය අර්ධ සූර්ය ග්‍රහනයක් ලෙස  බටහිර යුරෝපා රටවලට, ඊසාන දිග ආසියාව, දකුණු ඇමරිකාව සහ  අප්‍රිකාවේ වයඹ ප්‍රදේශයට දර්ශනය වේ.
 

2017 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත සකස්කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙම කෙටුම්පත  මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරේ.

ඉදිරි දින කීපයේ දී (විශේෂයෙන් 18 සහ 19 දිනවලදී) දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය  කරයි.

කළු ගං රක්ෂිතයේ ඉදිකර ඇති සියලු ම ඉදිකිරිම් වහාම ඉවත් කිරිමට කළුතර දිස්ත්‍රික් පාරිසරික කමිටුව තීරණය කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
 

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය  එක්ව දෙවන වරටත්  සංවිධානය කරනු ලබන රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල 2017,  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනි දින  නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.