ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පොහෝ දින (22) ආරම්භ කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළතේ ප්‍රධාන සංඝ නායක හා පැල්මඩුල්ල රජමහ විහාරයේ විහාරවාසි පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසුහ.
2018 අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) විභාගය අවසන් වන 2018-12-12 දින දක්වා සම්පූර්ණ කාලය තුළ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම,එම පන්ති මෙහෙයවීම,දේශන සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සපුරා තහනම් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන්දියානු සහන ණය වැඩ පිළිවෙල යටතේ ශ්‍රි ලංකාවට ආනයනයන කල ද්විත්ව බලවේග කට්ටලයක් සහ ඩීසල් විදුලි එන්ජිමක් 2018-12-03 වන දින පෙ.ව. 10.00 කොළඹ වරායේ පිහිටි බණ්ඩාරණායක ජැටියට ගොඩබාන ලදි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2018 - දෙසැම්බර් 03 වන දා අද සිට 12 වන දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
“සේනා” මර්දනයට කෘමිනාශක වර්ග 3ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරයි.