නිරිත දිග මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කීපයක ඩෙංගු රෝගීන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම තත්ත්වය අවම කරගැනීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය,සෞඛ්‍ය නිලධාරින් සමඟ ඒකාබද්ධව ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
ඉතිහාසයේ පළමු වරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් online ක්‍රමයට නිකුත් කිරීම අරඹයි
එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන,14 වැනිදා සිට 18වැනිදා අලුයම දක්වා එම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කරයි.
විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කරයි.
ජූනි මස 16 ඉරු දින පොසොන් පෝය දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි මස 12 අද සිට ජුනි මස 18 දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.