Tuesday, 21 May 2024

කිසිවක් සිදු වන්නේ නැති අදුරු කාල පරිච්ඡේදයක් තිබු යුගයක තිබු බවත් එයට දොස් නඟමින් සිටිමෙන් ඉදිරියට යා නොහැකි බවත්,එය පැත්තකට දමා රට හදන්නට පටන් ගත යුතු බව නාගරික සංවර්ධන හා වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි.

Posted On Saturday, 22 August 2020 16:11

කොවිඩ් හේතුවෙන් නිවාඩු ලබා දී යලි ආරම්භ කරන ලද රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල දැනට ක්‍රියාවට නැංවෙන 10,11,12,13 ශ්‍රේණි සඳහා පාසල් කාලය එළඹෙන සැප්තැම්බර් මස 02 වැනි බදාදා දින සිට පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

Posted On Saturday, 22 August 2020 16:06


August 21, 2020
කෙරවලපිටිය විදුලි බලාගාරයේ නඩත්තු කටයුත්තකදී විදුලි අධිකාරිවරයෙක් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පවසයි.
“අද දෙරණ BIG FOCUS“ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මෙ සිද්ධිය ආරම්භ වෙලා තියෙන්නේ කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ නඩත්තු කටයුත්තක් කිරීමේ දී, ඒ නඩත්තු කටයුත්ත සැහෙන දුරට නිම කරලා. අවසාන කොටස නිම කිරීමේ දී එය බාරව හිටපු විදුලි අධිකාරි මහත්මයාගේ අතින් අත්වැරැද්දක් වෙලා තියෙනවා. ඒ අත්වැරැද්ද හේතුවන්. අපි ඒකට කියනවා “අර්ත්“ වෙනවා කියලා. “අර්ත්“ වීම නිසා ෆෝට් එකක් ඇතිවෙලා. ඒ දෝෂය නිසා හටගත්තු ප්‍රතිඵයක් ලෙස අවසානයේ දී නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය ඒ වෙන විට ක්‍රියාකරමින් තිබූ විදුලි ජනන යන්ත්‍ර තුන විසන්ධිවෙලා තියෙනවා. තුනම එකපාර නෙමෙයි යම් කාලයත් තුළ පද්ධතියෙන් විසන්දි වෙලා තියෙනවා.“ යනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

“මේ සිද්ධිය වුණේ දවල් 12.30ට විතර, සාමාන්‍යයෙන් සතියේ දිනක දවල් 12.30 වන විට පද්ධතියේ විදුලි ඉල්ලුම තියෙනවා මෙගා වොට් 2100-2200 වගේ. සමහර දිනවල ඊට වැඩිවෙන්ත් පුළුවන්. ඒ ඉල්ලුම සමග බලනවිට නොරොච්චෝලයෙන් 810යි, ඒ වෙනකොට මුලින් දෝෂය ඇති වුණ කෙරවලපිටිය උප පොළෙන් මෙගා වොට් 135ක් පමණ පද්ධතියට සම්බන්ධවෙලා තිබුණා. ඒත් සමග විශාල ප්‍රමාණයකට විදුලි ඉල්ලුම සපයන්න බැරි වෙලා තියෙනවා. එහෙම වුණාම පද්ධතියේ ලොකු අසමතුලිත තත්ත්වයක් ඇති වුණා.“ යැයි ඒ මහතා සඳහන් කළේය.

“නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ක්‍රියා විරහිත වුණාම නැවත පණගන්වන්නට ඕනේ. එලෙස පණගැන්වීම සාමාන්‍යයෙන් එම බොයිලේරුවේ උෂ්ණත්වය පන්සිය ගණනකට වැඩි වෙනවා. එකක් නැවැත් වූ විට උෂ්නත්වය පහළ බහින්නේ නැහැ. එහි උෂ්නත්වය ස්වාභාවිකව අඩුවන තුරු සිටිය යුතුයි. බොයිලේරුවට වතුර පුරවලා ඒ ක්‍රියාවලිය පටන්ගන්න, එය සිහිල් වෙන කාලය තමයි දවස් තුන හතරක් ගතවෙන්නේ. යනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර පසුගිය දා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් රුපියල් කෝටි 100ක පමණ අලාභයක් ආර්ථිකයට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පැවසීය.

Posted On Friday, 21 August 2020 09:38
විවිධ බාධක හමුවේ අප රට කර­වූ ආකා­රය ගැන ජන­තාව පැහැදී සිටි බව ­ජන­ව­ර­මෙන් ඔප්පු වුණානව වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සැසි­වා­රය විවෘත කර­මින් ජන­පති කියයිකිසිම අමා­ත්‍යාං­ශ­ය­කට හෝ ආය­ත­න­ය­කට අන­වශ්‍ය පරිදි කාර්ය මණ්ඩල බඳවාගන්නේ නැහැ:නාස්ති­යට, දූෂ­ණ­යට තරා­ති­රම නොබලා නීතිය ක්‍රියා­ත්ම­කයි:
 
 

ස්වර්ණා විජේ­කෝන්, නුවන් කොඩි­කාර සහ

මහින්ද අලු­ත්ගෙ­දර...

ගෙවී­ගිය මාස 9ක කාල­යේදී විවිධ බාධක හමුවේ රට පාල­නය කළ ආකා­රය සම්බ­න්ධ­යෙන් රටේ ජන­තාව පැහැ­දී­මෙන් සිටින බවට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ලැබූ අති­වි­ශාල ජන­ව­ර­මෙන් ඔප්පු වී තිබෙන බව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අව­ධා­ර­ණය කළේය.

දේශ­පා­ලන සංස්කෘ­තියේ සිදු­වෙ­මින් පව­තින වෙනස ජන­තාව අගය කර­මින් සිටින බව පෙන්වා දුන් ඒ මහතා ජන­තාව මේසා විශාල ජන­ව­ර­මක් රජ­යට ලබා­දුන්නේ කුමන අපේක්ෂා පෙර­දැරි කර­ගෙන ද යන්න සම්බ­න්ධ­යෙන් හොඳ අව­බෝ­ධ­යක් තිබෙන බවද මොනම හේතු­වක් නිසා­වත් ඒ අපේක්ෂා බිඳ­වැ­ටෙන ආකා­ර­යට කට­යුතු නොක­රන බවද පැව­සීය.

ජනා­ධි­ප­ති­ව­රයා ඊයේ (20) මේ බව සඳ­හන් කළේ නව­වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සැසි­වා­රය විවෘත කර ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඉදි­රි­පත් කර­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙසේද කීය.

අගෝස්තු 5 වැනිදා පැවැ­ත්වුණේ, ලංකාවේ පාර්ලි­මේන්තු මැති­ව­රණ ඉති­හා­සයේ සුවි­ශේෂී පෙරැ­ළි­යක් සිදු වූ මැති­ව­ර­ණ­යක්. ස්ථාවර ආණ්ඩු­වක් පිහි­ටු­වීම සඳහා 2/3 ක බල­යක් ලබා­දෙන ලෙස අප ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටියා. ඉති­හා­සයේ ප්‍රථම වතා­වට, සමා­නු­පා­තික ක්‍රමය යටතේ පව­ත්වන ලද මැති­ව­ර­ණ­ය­කින් 2/3ක ඓති­හා­සික ජන­ව­ර­මක් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ හා එහි මිත්‍ර කණ්ඩා­ය­ම්ව­ලට ලබා­දුන් දේශ­ප්‍රේමී ජන­තා­වට මම මුලින්ම ස්තූති කර­නවා. සර්ව­ජන ඡන්ද බලය අප සැම­දෙනා විසින් ගරු කළ­ යුතු හා අප විසින් ‍රැකගත යුතු, ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­ති­යක්. ඒ නිසා මේ මැති­ව­ර­ණයේ දී තම වටිනා ඡන්දය භාවිත කළ සිය­ලුම ශ්‍රී ලාංකික ඡන්ද දාය­ක­ය­න්ටත් මම මේ අව­ස්ථාවේ ස්තූතිය පුද කර­නවා.

පසු­ගිය වසරේ නොවැ­ම්බර් මාසයේ පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දි 69 ලක්ෂ­ය­කට අධික ජන­තා­වක් සුවි­ශේෂී ජන­ව­ර­මක් ලබා­දුන්නේ මා ගැන තැබූ මහත් විශ්වා­ස­යෙන්. ඒ විශ්වා­සය කඩ නොක­රන බවට මා දුන් පොරො­න්දුව මෙතෙක් මා ක්‍රියා­වෙන් ඔප්පු කර තිබෙ­නවා. ජනා­ධි­ප­ති­ව­ර­ණයේ සිට පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය දක්වා වූ කාලය, අපට ඉතා­මත් අභි­යෝ­ගා­ත්මක කාල­ප­රි­ච්ඡේ­ද­යක් වුණා. අප බාර ගත්තේ කඩාවැටී තිබූ ආර්ථි­ක­යක්. පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය නොමැති නිසා අපට වැඩ කරන්න සිදු ­වුණේ සුළු­තර ආණ්ඩු­වක් සමඟ. මීට අම­ත­රව, අපට මේ කාලයේ මුළු ලෝක­යම අඩ­පණ කළ කොවිඩ්-19 වසං­ග­ත­ය­ටත් මුහුණ දෙන්න සිදු වුණා. කොවිඩ්-19 ව්‍යස­නය හමුවේ ලෝකයේ ප්‍රබල රට­වල් පවා අස­රණ වෙද්දී, එම අභි­යෝ­ග­යට සාර්ථ­කව මුහුණ දෙන්න අපට පුළු­වන් වුණා. වසං­ගත තත්ත්ව­යක් පැති­ර­යාම වැළැ­ක්වී­මට අප කට­යුතු කළ ආකා­රය විදේශ රට­වල පවා ප්‍රසා­ද­යට ලක් වුණා.

මේ මාස 9 ක කාල පරා­සයේ විවිධ බාධක හමුවේ අප විසින් රට පාල­නය කළ ආකා­රය ගැන රටේ ජන­තාව පැහැ­දී­මෙන් සිටින බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ලැබූ අති­වි­ශාල ජන­ව­ර­මෙන් ඔප්පු වුණා. දේශ­පා­ලන සංස්කෘ­තියේ සිදු­වෙ­මින් පව­තින වෙනස ජන­තාව අගය කර­මින් සිටි­නවා. ජනතා නියෝ­ජි­ත­යන් ලෙස, බහු­තර ජන­තා­වගේ අපේ­ක්ෂා­වන්ට අප හැම­වි­ටම ගරු කර­නවා. ජනතා පර­මා­ධි­ප­ත්‍යය සුර­කින්න පුළු­වන් වන්නේ එවි­ටයි. අපේ රටේ උත්ත­රී­තර ව්‍යව­ස්ථා­වට අනුව මගේ ධුර කාලයේ රටේ ඒකීය බව ආරක්ෂා කරන බව­ටත්, බුද්ධ ශාස­නය සුර­ක්ෂිත කොට, පෝෂ­ණය කරන බව­ටත් මා පොරොන්දු වී තිබෙ­නවා. ඒ අනුව රාජ්‍ය පාල­නය සඳහා උප­දෙස් ලබා­ගැ­නී­මට මම ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහ­න්සේ­ලා­ගෙන් සම­න්විත උප­දේ­ශක සභා­වක් පිහි­ටුවා තිබෙ­නවා. ඒ වගේම, පුරා­වි­ද්‍යා­ත්මක වටි­නා­ක­ම­කින් යුතු ස්ථාන ආරක්ෂා කිරී­ම­ටත්, අපේ බෞද්ධ උරු­මය රැක­ගැ­නී­ම­ටත් මම විශේෂ කාර්ය සාධක බළ­කා­යක් පිහි­ටුවා තිබෙ­නවා.

බුද්ධා­ග­මට ප්‍රමු­ඛ­ත්වය තහ­වුරු කරන අත­රම, මේ රටේ ඕනෑම පුර­වැ­සි­ය­කුට තමන් කැමති ආග­මක් ඇද­හීමේ නිද­හස වඩාත් හොඳින් සුර­ක්ෂිත වී ඇති බව ජන­තා­වට මේ වන­විට පැහැ­දි­ලියි. පාර­ම්ප­රික උරු­මය, සංස්කෘ­තිය හා අපේ­කම ආරක්ෂා කිරී­මට මෙන්ම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ආරක්ෂා කොට, ප්‍රව­ර්ධ­නය කිරී­මට රජය විශේෂ අව­ධා­න­යක් යොමු කොට තිබෙ­නවා. 2019 වසරේ සිදූ වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය නිසා, අප රජය භාර­ගන්නා විට ජන­තාව අතර රටේ ආර­ක්ෂාව පිළි­බඳ විශ්වා­සය දැඩි ලෙස බිඳ වැටී තිබුණා. අපේ රජයේ මූලික ප්‍රති­ප­ත්තිය වන රටේ ආර­ක්ෂාව තහ­වුරු කර­මින් ආර­ක්ෂක සහ බුද්ධි අංශ ප්‍රති­ව්‍යු­හ­ගත කොට ජන­තාව තුළ ඇතිවී තිබුණ බිය නැති කොට රටේ ආර­ක්ෂාව යළි සුර­ක්ෂිත කරන්න අප කට­යුතු කර තිබෙ­නවා. ඕනෑම පුර­වැ­සි­ය­කුට තමන්ගේ හා තම පවුලේ ආර­ක්ෂාව ගැන බිය නොවී නිද­හසේ ජීවත් විය­හැකි වට­පි­ටා­වක් අප යළි ලබා දී තිබෙ­නවා.

මා පොරොන්දු වූ ආකා­ර­ය­ටම, සාමාන්‍ය ජන ජීවි­ත­යට බාධා­වක්ව තිබුණ පාතාල ක්‍රියා­කා­ර­කම්, මත්ද්‍රව්‍ය උව­දුර වැනි සමාජ ව්‍යස­න­ය­න්ගෙන් ජන­තාව ගලවා ගැනී­මට විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියාත්මකව තිබී­මත් ජනතා විශ්වා­සය ඉහළ යාමට හේතු වී තිබෙ­නවා. මේ නිසා ගුණ­ග­රුක, වින­ය­ග­රුක, නීති­ග­රුක සමා­ජ­යක් රටේ ගොඩ­නැ­ඟෙ­මින් තිබෙ­නවා. මේ රටේ දේශ­පා­ලන සංස්කෘ­තියේ පැහැ­දිලි වෙන­සක් කිරී­මට අප කට­යුතු කර­මින් සිටි­නවා. මා ජනා­ධි­ප­ති­ව­රයා වශ­යෙන් පත් වූ පසු රාජ්‍ය ආය­ත­න­ව­ලට ප්‍රධා­නීන් පත්කි­රීම සඳහා එතෙක් පැවති සම්ප්‍රදාය වෙනස් කර­මින්, විද්වත් මණ්ඩ­ල­යක් හරහා සුදු­සු­කම් සොයා­බලා පත්වීම් සිදු­ක­රන විධි­මත් යන්ත්‍ර­ණ­යක් හඳුන්වා දුන්නා. ඥාතීන්, හිත­ව­තුන්, මිත්‍ර­යන් හා අනු­ගා­මි­ක­යන් පත් නොකොට වෘත්ති­ක­යන්, ව්‍යව­සා­ය­ක­යන් අධ්‍යා­ප­න­ඥ­ය­න්ගෙන් සම­න්විත පළ­පු­රුදු කණ්ඩා­ය­මක් පත් කළා. ඒ ප්‍රති­ප­ත්තිය ඉදි­රි­ය­ටම ගෙන යනවා.

ඒ වගේම අප නිෂ්පා­දන ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟී­මට කට­යුතු කළා. වී ගොවි­යන්ට තම නිෂ්පා­දන සඳහා ඉහළ සහ­තික මිලක් ලබා දුන්නා. අප­න­යන භෝග ප්‍රති­අ­ප­න­ය­නය සඳහා ආන­ය­නය කිරීම නැවැ­ත්වීම මෙන්ම මෙරට වගා­කළ හැකිව තිබූ භෝග ආන­ය­නය කිරීම සම්පූ­ර්ණ­යෙන්ම නැවැ­ත්වීම මගින් දේශීය ගොවියා ආරක්ෂා කිරී­මට අප කට­යුතු කළා. ගොවි­යන්ට අවශ්‍ය පොහොර නොමිලේ ලබා දුන්නා. රට පුරා අත­හැර දමා තිබූ වගා ඉඩම් යළි අස්ව­ද්දන්න ජන­තාව උනන්දු කළා. මේ සියල්ල හරහා අප මේ රටේ කෘෂි­ක­ර්මා­න්ත­යට නව පණක් ලබා­දුන්නා. අප බල­යට ආවාට පසු දේශීය ව්‍යව­සා­ය­කයා අර­මුණු කර­ග­නි­මින් බදු සහන ලබා­දී­මට කට­යුතු කළා. ව්‍යාපාර දිරි­මත් කිරීම සඳහා පොලී අනු­පාත අඩු කළා. දේශීය ව්‍යාපා­රි­ක­යන් හා කර්මා­න්ත­ක­රු­වන් ආරක්ෂා කිරීම සඳහා තර­ග­කාරී ආන­යන සීමා කළා. මේ මැති­ව­ර­ණයේ දී ජන­තාව දැඩි උද්‍යෝ­ග­ය­කින් අපට සහාය ලබා­දුන්නේ මේ ආකා­ර­යට අප සම්බ­න්ධ­යෙන් ඔවුන් තුළ ගොඩ­නැඟී ඇති විශ්වා­සය නිසා බව පැහැ­දි­ලියි. අප ඒ විශ්වා­සය තහ­වුරු වන ආකා­ර­යට දිග­ටම ජන­තා­වට සේවය කර­නවා.

ජන­තාව දුන් ජන­ව‍රම නිවැ­රැ­දිව අර්ථ­ක­ථ­නය කර­ගැ­නී­මත් මෙහිදී වැද­ගත් වෙනවා. මා කෙරෙ­හිත්, අග­මැති ඇතුළු අභි­න­ව­යෙන් පත්වී සිටින ජනතා නියෝ­ජි­ත­යන් කෙරෙ­හිත් ජන­තාව තැබු විශ්වා­ස­යට අප ගරු කර­නවා. ජන­තාව මේසා විශාල ජන­ව­ර­මක් රජ­යට ලබා­දුන්නේ කුමන අපේක්ෂා පෙර­දැරි කර­ගෙ­නද යන්න ගැන අපට අව­බෝ­ධ­යක් තිබෙ­නවා. මොනම හේතු­වක් නිසා­වත් ඒ අපේක්ෂා බිඳ­වැ­ටෙන ආකා­ර­යට අප කට­යුතු කරන්නේ නැහැ. ජනතා ඡන්ද­යෙන් පත්වන මහ­ජන නියෝ­ජි­ත­ය­කුගේ මූලික වග­කීම ජනතා සේවය බව හැම විටම මතක තබා­ගත යුතුයි. මේ සියලු තන­තුරු, වර­ප්‍ර­සාද නොව වග­කීම් බව මතක තබා­ගෙන ජන­තා­වගේ අව­ශ්‍ය­තා­ව­යන් ඉටු­කි­රී­මට සංවේදී වෙනවා. මම මේ මැති­ව­ර­ණයේ දී අප කණ්ඩා­යම නියෝ­ජ­නය කළ සෑම අපේ­ක්ෂ­ක­ය­කු­ටම සහා­ය ­දී­මට රට ­පුරා සංචා­රය කළා. දේශ­පා­ලන ‍රැස්වීම් පව­ත්ව­නවා වෙනු­වට මේ සංචා­ර­වල දී මම ජන­තාව අත­රට ගොස් ඍජු­වම ඔවුන්ගේ ගැට­ලු­ව­ලට සවන් දුන්නා.

ජන­තාව ඉදි­රි­පත් කළ ඉල්ලී­ම්ව­ලින් අති­බ­හු­ත­රය පෞද්ග­ලික අව­ශ්‍යතා නොව පොදු අව­ශ්‍ය­තායි. නිද­හ­සින් වසර 72කට පසු­වත් ජන­තා­වගේ බොහෝ සරල අව­ශ්‍ය­තා­වන්ට විස­ඳුම් ලැබී නැහැ. වසර ගණ­නා­වක් පුරා තමන් ජීවත් වූ ඉඩ­ම්ව­ලට නිසි අයි­ති­යක් නැති ජන­තා­වක් සිටි­නවා. ඔවුන්ට අප නිසි ක්‍රම­වේ­ද­ය­කට ඔප්පු ලබා දෙනවා. නිසි වික­ල්ප­ය­කින් තොරව පර­ම්පරා ගණ­නා­වක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කට­යුතු කළ ඉඩ­ම්ව­ලින් කිසි­වෙක් ඉවත් කරන්නේ නැහැ. අලි මිනිස් ගැටුම අද විශාල ප්‍රශ්න­යක් වී තිබෙ­නවා. මේ ගැන විස­ඳු­මක් සෙවී­මට දැන­ට­මත් විද්වත් මණ්ඩ­ල­යක් පත්කර තිබෙ­නවා. මේ විෂය සඳහා වෙනම රාජ්‍ය අමා­ත්‍යාං­ශ­යක් ඇති කළේ තිර­සාර විස­ඳු­මක අව­ශ්‍ය­තාව නිසයි. විශ්වාස කළ නොහැකි තරම් ඉහළ ජන ප්‍රති­ශ­ත­යක් රට ­පුරා පානීය ජලය නොමැ­තිව දුක් විඳි­නවා. අප මේ මානු­ෂික ගැටලු කඩි­න­මින් විස­ඳී­මට පිය­වර ගන්නවා. ජාතික ප්‍රති­ප­ත්ති­යක් ලෙස ඉදිරි වසර කිහි­පයේ රටේ සෑම ප්‍රදේ­ශ­ය­ක­ටම පානීය ජලය ලබා­දීම සඳහා අප විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කර­නවා.

මව්­පි­යන් ඉල්ලා සිටින්නේ දරු­වන්ට අධ්‍යා­ප­නය ලබන්න සුදුසු පාසල් ලබා දෙන ලෙසයි. ප්‍රමා­ණ­වත් තරම් ජාතික පාසල් නැති­කම හැම තැන­ක­දීම පෙනී ගියා. බොහෝ පාස­ල්වල විශාල අඩු­පා­ඩු­කම් තිබෙ­නවා. ගුරු හිඟය මෙන්ම ප්‍රමා­ණ­වත් තරම් විද්‍යා­ගාර, පුස්ත­කාල හා ක්‍රීඩා පහ­සු­කම් නැති­කම නිතර අසන්න ලැබෙ­නවා. ආර්ථි­ක­යට ඵල­දායී දාය­ක­ත්ව­යක් ලබා­දීම සඳහා විද්‍යා හා තාක්ෂ­ණික විෂ­යන් හදා­රන ලෙස අප දරු­වන්ට කීවත් ඒ සඳහා මූලික පහ­සු­ක­ම්වත් බොහෝ පාස­ල්වල නැහැ. මේ රටේ සෑම දරු­ව­කු­ටම තමන් අපේක්ෂා කරන අනා­ග­තය ගොඩ­න­ඟා­ගැ­නීම සඳහා අවශ්‍ය කරන අධ්‍යා­ප­නික දැනුම ලබා­ගැ­නී­ම­ටත්, ඔවුන්ගේ නිපු­ණතා වර්ධ­න­යට උප­කාර කිරී­ම­ටත් රජය දරන විය­දම අනා­ග­තය වෙනු­වෙන් කරන ආයෝ­ජ­න­යක්. අලු­තින් වග­කීම් පවරා ඇති අමා­ත්‍යාංශ හරහා අප මේ ගැටලු විස­ඳී­මට ප්‍රමු­ඛ­ත්වය දෙනවා.

ග්‍රාමීය රෝහ­ල්වල සම්පත් හා පහ­සු­කම් ඉතා අඩුයි. වෛද්‍ය­වරුන්, හෙදි­යන් හා අනෙ­කුත් රෝහල් කාර්ය මණ්ඩ­ල­වල විශාල ඌන­තා­වක් තිබෙ­නවා. සම­හර ප්‍රදේ­ශ­වල රෝගීන්ට ප්‍රති­කාර ලබා­ගැ­නී­මට බොහෝ දුරක් ගමන් කරන්න සිදු­වෙ­නවා. නිද­හස් සෞඛ්‍ය සේවා­වන් ජන­තා­වට ලබා­දී­මේදී පව­තින මේ විෂ­මතා අප ඉවත් කර­නවා. ආයු­ර්වේ­දය හා දේශීය වෙද­කම දියුණු කිරී­ම­ටත් අප කට­යුතු කර­නවා. විශාල විදේශ විනි­ම­යක් වැය­කොට ඖෂධ ආන­ය­නය කර­නවා වෙනු­වට බොහෝ ඖෂධ වර්ග මෙර­ට­දීම නිෂ්පා­ද­නය කිරීම අප ආරම්භ කර තිබෙ­නවා. ඖෂධ ආන­ය­නයේ දී සිදු­ වන අති­ම­හත් දූෂණ ක්‍රියා තුරන් කිරී­මට කට­යුතු කර­නවා. ඖෂධ නිෂ්පා­ද­නය, සැප­යීම හා නියා­ම­නය සඳහා වෙනම රාජ්‍ය අමා­ත්‍යාං­ශ­යක් ඇති කළේ ඒ සඳ­හායි. මේ රටේ ජන­තා­ව­ගෙන් විශාල පිරි­සක් අදත් ජීවත් වන්නේ ස්වයං රැකියා කිරී­මෙ­නුයි. තව බොහෝ දෙනෙක් යැපෙන්නේ කෘෂි­ක­ර්මා­න්ත­යෙන්. ඔවුන් ඉල්ලා සිටින්නේ නිසි කලට වතුර හා පොහොර ලබා­දෙන ලෙසයි. මේ ඉල්ලීම් ඉටු­කළ යුතුයි. ඒ අනුව රට ­පුරා පව­තින වැව් ප්‍රති­සං­ස්ක­ර­ණ­යට හා වාරි­මාර්ග සංව­ර්ධ­න­යට පුළුල් වැඩ­පි­ළි­වෙ­ළක් අප ක්‍රියා­ත්මක කර­නවා.

රැකියා වියු­ක්තිය අද තරුණ පර­පුර මුහුණ දෙන බර­ප­තළ සමාජ ගැට­ලු­වක්. මේ ගැට­ලුව විස­ඳීම සඳහා අප කෙටි කාලීන හා දිගු කාලීන විස­ඳුම් රැසක් සාකච්ඡා කොට තිබෙ­නවා. අප මේ වන ­වි­ටත් රටේ ජීව­ත්වන දුප්පත්ම පවුල් ඉලක්ක කර­ගෙන රැකියා ලක්ෂ­යක් ලබා­දී­මට වැඩ­ස­ට­හ­නක් ආරම්භ කර තිබෙ­නවා. ඊට සම­ගා­මීව උපා­ධි­ධා­රීන් පන­ස්ද­හ­ස­කට රැකියා ලබා­දී­ම­ටත් ඔවු­න්ගෙන් ඵල­දායී සේවා­වක් ලබා­ගැ­නීම සඳහා විධි­මත් පුහු­ණු­වක් ලබා­දී­ම­ටත් කට­යුතු යොදා තිබෙ­නවා. රජයේ රැකියා ලබා­දීමේ දී රටේ දුප්පත්ම පවු­ල්ව­ලට ප්‍රමු­ඛ­තාව දෙන්න කට­යුතු කර­නවා. එමෙන්ම රැකියා අවස්ථා ලබා­දීමේ දී සෑම පළා­ත­ක­ටම සම අවස්ථා හිමි ­වන ආකා­ර­යට එය ක්‍රියා­ත්මක කළ යුතුයි. රජයේ පත්වී­මක් ලබන සෑම කෙනෙ­කු­ගෙන්ම රටට ඵල­දායී සේවා­වක් ඉටු ­විය යුතුයි. ඒ නිසා කිසිදු අමා­ත්‍යාං­ශ­ය­කට හෝ ආය­ත­න­ය­කට අන­වශ්‍ය පරිදි කාර්ය මණ්ඩල බඳවා ගන්නේ නැහැ. සෑම අමා­ත්‍යාං­ශ­ය­කම හා රාජ්‍ය අමා­ත්‍යං­ශ­ය­කම ඒ ඒ ක්ෂේත්‍ර­වල පෞද්ග­ලික අංශයේ සහා­යත් ඇතුව රැකි­යා­වන් උත්පා­ද­න­යට ක්‍රියා කර­නවා.

ඒ වගේම අදාළ ක්ෂේත්‍ර­යන්හි ස්වයං රැකියා ප්‍රව­ර්ධ­න­ය­ටත් ව්‍යව­සා­ය­ක­ත්වය දිරි­මත් කිරී­ම­ටත් කට­යුතු කර­නවා. අපේ යුතු­කම හා වග­කීම වන්නේ රැකියා බෙදා­දීම නොව නව රැකියා උත්පා­ද­න­යයි. දේශීය හා ගෝලීය අභි­යෝග ජය­ගෙන ආර්ථික පුන­ර්ජී­ව­නය උදා­ක­ර­ගැ­නී­මට නම්, අප අලු­තෙන් සිත­න්නට පුරුදු විය යුතුයි. මෙවර අමා­ත්‍යාශ වෙන් කොට තිබෙන්නේ එම අර­මුණ පෙරදැරි කර­ගෙ­නයි. සැබෑ ආර්ථික පුන­ර්ජී­ව­න­යක් සඳහා ජනතා කේන්ද්‍රීය ආර්ථි­ක­යක අව­ශ්‍ය­තාව අප හඳු­නා­ගෙන තිබෙ­නවා. අමා­ත්‍යාංශ වෙන් කි­රීමේ දී සහ ඒවාට විෂ­ය­යන් හා කාර්ය­යන් පැව­රීමේ දී රටේ බහු­තර ජන­තා­ව­කට බල­පාන කෘෂි, වැවිලි, ධීවර කර්මාන්ත හා පාර­ම්ප­රික කර්මාන්ත සහ ස්වයං රැකියා අවස්ථා ප්‍රව­ර්ධ­නය සම්බ­න්ධ­යෙන් සැල­කිල්ල යොමු කළා. දේශීය ආර්ථි­කය ශක්ති­මත් කිරීම මෙන්ම අප­න­යන ආදා­යම වැඩි­කර ගැනී­මත් අපේ මූලික ඉලක්ක වෙනවා. මේ වන­විට අපේ අප­න­යන වැවිලි භෝග වන තේ, පොල්, රබ­ර්ව­ලින් ලැබෙන ආදා­යම සතු­ටු­දා­යක මට්ට­මක නැහැ.

‘තේ’ වගාව දියුණු කිරී­මට කට­යුතු කරන අත­රම කුඩා සහ මධ්‍ය තේවතු හිමි­යන්ට රජය උදව් කර­නවා. වැසී ගොස් ඇති තේ කර්මා­න්ත­ශාලා නිසා ඔවුන් විශාල අප­හ­සු­තා­ව­කට පත්වී සිටි­නවා. ඒවා නැවත ආරම්භ කිරී­මට ක්‍රියා­ක­රන අතර අක්‍ර­මි­කතා තුර­න්කොට ඉහළ ප්‍රමි­ති­ය­කින් යුතු තේ අප­න­ය­නය දිරි­මත් කර­නවා. CEYLON TEA සන්නා­ම­යට තිබුණු පිළි­ගැ­නීම ශක්ති­මත් කර­නවා. පොල් අලු­තින් වගා කිරී­මට දිරි දෙනවා. රබ­ර්ව­ලට නිසි මිලක් ලබා­දීම සඳහා මෙරට නිප­ද­වන රබර් භාවිත කිරී­මට, රබර් ආශ්‍රිත කර්මා­න්ත­ක­රු­වන් උනන්දු කර­නවා. කටු­පොල් වගාව අප සම්පූ­ර්ණ­යෙන්ම නතර කර­නවා. ගම්මි­රිස්, කුරුඳු වැනි අප­න­යන භෝග නිෂ්පා­ද­නය අප දිරි­ග­න්ව­නවා. කෘෂි නිෂ්පා­ද­න­ව­ලට අගය එකතු කර අප­න­ය­නය කිරීම හරහා ගොවි­යාට ස්ථාවර මිලක් ලබා­දෙන අතර එම­ගින් විශාල විදේශ විනි­ම­යක් උපයා ගැනී­මට කට­යුතු කර­නවා. අමා­ත්‍යාං­ශ­ව­ලට වග­කීම් පැව­රීමේ දී, නාග­රික මෙන්ම ග්‍රාමීය යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­න­යට හා ජන­තා­වගේ නිවාස ගැට­ලු­වට විස­ඳුම් සෙවී­මට විශේෂ අව­ධා­න­යක් යොමු කළා.

රටේ සංව­ර්ධ­න­යට ඍජු­වම දායක විය හැකි ක්ෂේත්‍ර රැසක් හඳු­නා­ගෙන ඒවාට වග­කි­යන රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන් පත්කි­රී­ම­ටත්, ඔවුන් වෙත අදාළ විෂ­ය­යන් සහ කාර්ය­යන් පව­රා­දී­ම­ටත් කට­යුතු කර තිබෙ­නවා. මානව සම්පත් සංව­ර්ධ­නය අප ප්‍රමු­ඛ­තා­වක් ලෙස හඳු­නා­ගෙන තිබෙන නිසා අමා­ත්‍යාංශ නම් කිරීමේ දී අධ්‍යා­පන විෂය එක් අමා­ත්‍යාං­ශ­යක් යට­තට ගෙන එහි වෙනස් වග­කීම් සඳහා රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන් 4 දෙනෙකු නම් කරනු ලැබූවා. පෙර­පා­සල්, අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ, නිපු­ණතා සංව­ර්ධ­නය මෙන්ම දහම් පාසල් හා භික්ෂු අධ්‍යා­ප­න­යට වෙන වෙනම රාජ්‍ය අමා­ත්‍යාංශ පිහි­ටුවා තිබෙන්නේ ඒවායේ ඇති වැද­ග­ත්කම නිසයි. අපේ අනා­ගත ඉලක්ක සපුරා ගැනීමේ දී තාක්ෂ­ණික අධ්‍යා­ප­න­යට විශේෂ අව­ධා­න­යක් යොමු ­විය යුතුයි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­වල දී අප විශේ­ෂ­යෙන් සැල­කි­ලි­මත් වෙනවා.

උසස් පෙළ සම­ත් වන සියලු සිසුන්ට විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­න­යක් ලබා­ගැ­නීම සඳහා, විශ්වවිද්‍යා­ල­වල ධාරි­තාව වැඩි කර­නවා. එතැ­නින් නොනැ­වතී විවෘත විශ්ව­වි­ද්‍යාල පද්ධ­තිය දියුණු කිරී­ම­ටත්, දුරස්ථ අධ්‍යා­ප­නය දියුණු කිරී­ම­ටත් කට­යුතු කර­නවා. විෂය මාලා­වන් නවී­ක­ර­ණය කොට මේ උපාධි, ආර්ථි­ක­යට ඍජුව දාය­ක­ත්වය ලබා­දිය හැකි විෂ­ය­යන් බවට තහ­වුරු කර­නවා. විදුලි මිල රටේ ආර්ථික සංව­ර්ධන ක්‍රියා­ව­ලියේ දී බල­පාන වැද­ගත් සාධ­ක­යක්. ඒ නිසා පුන­ර්ජ­න­නීය බල­ශක්ති උත්පා­දන මාර්ග ප්‍රව­ර්ධ­නය සඳහා වෙනම රාජ්‍ය අමා­ත්‍යාං­ශ­යක් පිහි­ටුවා තිබෙ­නවා. අගය එක­තු­කි­රීම සඳහා නව තාක්ෂ­ණය භාවි­ත­ය­ටත්, නවෝ­ත්පා­දන දිරි­ගැ­න්වී­ම­ටත්, නිර්මා­ණ­ශීලි ලෙස නව වෙළෙ­ඳ­පොළ සොයා යාමට ව්‍යාපා­රි­ක­යන්ට සහාය වීම­ටත් අදාළ අමා­ත්‍යාං­ශ­වල අව­ධා­නය යොමු කර­නවා. අපේ රට ස්වාභා­වික සම්ප­ත්ව­ලින් පොහො­සත් රටක් වුවත් අගය වැඩි කිරීමේ කර්මාන්ත තව­මත් ජාත්‍ය­න්තර මට්ට­මට දියුණු වී නැහැ. මැණික්, ඛනි­ජ­වැලි වැනි ස්වාභා­වික සම්පත් අප­න­ය­නය කිරීමේ දී අගය එකතු කිරී­මෙන් රටට විශාල විදේශ විනි­ම­යක් ලබා ගැනී­මට ක්‍රියා කර­නවා.

අපේ පාර­ම්ප­රික කර්මාන්ත වන බතික්, දේශීය ඇඟ­ලුම්, පිත්තල, වේවැල්, මැටි, ලී බඩු, මැණික් හා ස්වර්ණා­භ­රණ කර්මාන්ත නිසි­යා­කා­රව දියුණු කිරී­මෙන් ස්වයං රැකියා ප්‍රව­ර්ධ­නය, නව රැකියා උත්පා­ද­නය මෙන්ම ව්‍යාපාර ගොඩ­නංවා විශාල විදේශ විනි­ම­ය­කුත් රටට ලබා­ගැ­නී­මට අව­ස්ථාව සල­ස­නවා. රටේ ජන­තා­ව­ගෙන් 1/3 ක් ජීවත් වන්නේ කෘෂි­ක­ර්මා­න්තය, වැවිලි කර්මා­න්තය හා ධීවර කර්මා­න්තය මතයි.

රාජ්‍ය සේව­යෙන් තමන් බලා­පො­රොත්තු වන සේවාව කාර්ය­ක්ෂ­මව සහ නිසි අයු­රින් නොලැ­බෙන බවට මහ­ජ­න­තාව අතර චෝද­නා­වක් පව­ති­නවා. ඒ නිසා ඔබ යටතේ තිබෙන සෑම අමා­ත්‍යාං­ශ­යක්, දෙපා­ර්ත­මේ­න්තු­වක් හා ආය­ත­න­යක් විසින් ජන­තා­වට ලබා­දෙන සේවා­වන් කාර්ය­ක්ෂ­මව සහ කඩි­න­මින් ලබා­දෙන ලෙස අමා­ත්‍ය­ව­රු­න්ගෙන් හා රාජ්‍ය අමා­ත්‍ය­ව­රු­න්ගෙන් මා ඉල්ලා සිටි­නවා.

ජන­තා­වට හෝ රජ­යට කිසිදු අග­යක් එක් නොක­රන සම­හර ආය­ත­නික ක්‍රියා­ව­ලි­ය­න්ගෙන් සිදු­ වන්නේ කාලය නාස්ති­වීම පම­ණක් බව මම පසු­ගිය කාලයේ විවිධ රාජ්‍ය ආය­ත­න­යන්ට ගිය අව­ස්ථා­වල දුටුවා. ජන­තා­වට සේවා­වන් ලබා­දීමේ දී අනු­ග­ම­නය කරන සම්ප්‍ර­දා­යික ක්‍රම­වේද වෙනු­වට ආය­ත­නික ක්‍රියා­ව­ලීන් කාර්ය­ක්ෂම කොට ජන­තා­වට පහ­සු­වෙන් හා කඩි­න­මින් සේවා ලබා­දීම සඳහා නව ක්‍රම­වේද ඔබ හඳුනා ගත යුතුයි. ‍You need to re-engineer the processes for greater productivity and customer satisfaction. මේ සඳහා හැකි­තාක් දුරට නව තාක්ෂ­ණික විස­ඳුම් සොයා ගත යුතුයි. ‘සෞභා­ග්‍යයේ දැක්ම’ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යෙන් නාස්තිය හා දූෂ­ණය පිටු දකින බව අප ජන­තා­වට පොරොන්දු වුණා. මෙය අප සියලු දෙනා­ගේම ප්‍රමුඛ වග­කී­මක්. සියලු අමා­ත්‍යාංශ හා ආය­ත­න­වල නාස්තිය සහ දූෂ­ණය සම්පූ­ර්ණ­යෙන්ම නතර කිරී­මට කට­යුතු කර­නවා. ඉදි­රියේ දී නාස්ති­යට, දූෂ­ණ­යට සම්බන්ධ වන පුද්ග­ල­යන්ට තරා­ති­රම නොබලා නීතිය ක්‍රියා­ත්මක කිරී­මට මම පසු­බට වන්නේ නැහැ.

ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රාජ්‍ය­යක සාර්ථ­ක­ත්වය රඳා පව­තින පද­නම වන්නේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වයි. 1978 සිට 19 වතා­වක් සංශෝ­ධ­නය වී ඇති අපේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව තුළ ඇති අවි­නි­ශ්චිත භාවය හා ව්‍යාකූ­ල­ත්වය නිසා වර්ත­මා­නයේ ගැටලු රැසක් නිර්මා­ණය වී තිබෙ­නවා. ව්‍යව­ස්ථාවේ වෙන­සක් සඳහා අප ඉල්ලු ජන­ව­රම ජන­තාව අපට ලබා දී තිබෙන නිසා අපගේ පළමු කාර්යය ලෙස අප ජන­තා­වට පොරොන්දු වූ පරි­දිම, 19 ව්‍යවස්ථා සංශෝ­ධ­නය ඉවත් කිරී­මට කට­යුතු කර­නවා. ඉන්පසු සියලු දෙනා සමඟ එක්ව රටට අවශ්‍ය සහ ගැළ­පෙන නව ව්‍යව­ස්ථා­වක් ගෙන එනවා. මෙහිදී මේ රටේ සිය­ලූම ජන­තාව සම්බ­න්ධ­යෙන් ‘එක රටක් එක නීති­යක්’ යන සංක­ල්ප­යට මූලි­ක­ත්ව­යක් දෙනවා.

පැහැ­දිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්ත­වා­දයේ බල­පෑ­මට නිර­න්ත­ර­යෙන් යට­පත් වන, අස්ථා­වර පාර්ලි­මේ­න්තු­වක් රට­කට සුදුසු නැහැ. නව ව්‍යව­ස්ථා­වක් හඳු­න්වා­දීමේ දී වර්ත­මාන මැති­ව­රණ ක්‍රමයේ වෙන­ස්කම් සිදු­කි­රී­මට අවශ්‍ය වෙනවා. සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධ­නීය ලක්ෂණ රැක­ගන්නා අත­රම පාර්ලි­මේ­න්තුවේ ස්ථාවර භාවයද, ජන­තා­වගේ ඍජු නියෝ­ජ­නය ද තහ­වුරු වන ලෙස මේ වෙන­ස්කම් සිදු කර­නවා. මම මගේ රටට ආද­රය කර­නවා, මම මගේ රට ගැන ආඩ­ම්බර වෙනවා, මට මගේ රට ගැන දැක්මක් තිබෙ­නවා. අපේ අර­මුණ වන්නේ ඵල­දායී පුර­වැ­සි­යෙක්, සතු­ටින් ජීවත් වන පවු­ලක්, ගුණ­ග­රුක සමා­ජ­යක් හා සෞභා­ග්‍ය­මත් දේශ­යක් ගොඩ­නැ­ඟී­මයි. මේ දක්වා අප විසින් කරන ලද සියලු දේ මෙන්ම, මින් ඉදි­රි­යට ක්‍රියා­ත්මක කිරී­මට අපේ­ක්ෂිත ක්‍රියා­මා­ර්ග­යන් ද සැල­සුම් කරනු ලබන්නේ මේ අර­මුණ පෙර­දැරි කර­ගෙ­නයි.

අප ඉති­හා­සයේ ඉතා වැද­ගත් සන්ධි­ස්ථා­න­ය­කට පැමිණ තිබෙ­නවා. ජන­තාව වත්මන් රජ­යට විශාල ජන­ව­ර­මක් ලබා දී තිබෙ­නවා. කිසිදු බල­වේ­ග­ය­කට යටත් නොවී මේ රටේ ස්වෛරී­ත්වය රැක­ගෙන ජන­තාව ආරක්ෂා කර­ගෙන රට සෞභා­ග්‍යය කරා ගෙන­යා­මට අපට වග­කී­මක් පැවරී තිබෙ­නවා. රටේ අනා­ගත පර­පුර වෙනු­වෙන් වත්මන් පර­පුර ඒ වග­කීම ඉටු­කළ යුතුයි. මේ අප සිය­ලු­දෙ­නා­ගේම මවු­බි­මයි. ඒ නිසා ජාති, ආගම්, පක්ෂ බේද­ය­කින් තොරව අප සියලු දෙනාම රට වෙනු­වෙන් එක්විය යුතු අව­ස්ථා­වක් පැමිණ තිබෙ­නවා. ජන­තා­වට අප පොරොන්දු වූ සෞභා­ග්‍ය­මත් දේශය ගොඩ­නැ­ගීම සඳහා මා සමඟ එකතු වන ලෙස ඔබ සිය­ලු­දෙ­නා­ටම මා මිත්‍ර­ත්වයේ දෑත් දිගු­කොට ආරා­ධනා කර­නවා. ඔබ සැමට තෙරු­වන් සර­ණයි.

පාර්ලි­මේ­න්තුව අද (21)

පෙර­වරු 9.30ට යළි රැස්වී­මට නිය­මි­තයි.

කටු පොල් වගාව

සම්පූර්ණයෙන්ම

නතර කරනවා

වසර ගණනාවක් ජීවත් වූ

ඉඩම්වලට නිසි ක්‍රමවේදයකින්

ඔප්පු ලබා දෙනවා

ජාතික ප්‍රතිපත්තියක් ලෙස

සෑම ප්‍රදේශයකටම

පානීය ජලය සපයනවා

Posted On Friday, 21 August 2020 04:20
"මගේ තාත්තා මිනි­සුන් වෙනු­වෙන් කළ වීර ­ක්‍රියා"

සෙව්මිණි දිව්‍යාං­ජලී වන මා බප/ජය සේද­වත්ත සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබමි. මගේ තාත්තා 1996 අවු­රුද්දේ යුද හමු­දා­වට බැඳුණේ රූප­වා­හි­නියේ ත්‍රස්ත­වා­දීන් අහිං­සක මිනි­සුන්ව කපා මරා දම­නවා දැක­ලයි. තාත්තා හමු­දා­වට උස මදි නිසා කොළඹ හමුදා කඳ­වු­රෙන් තාත්තාව හරවා එවලා තිබුණා. ඊට පසු තාත්තා අනු­රා­ධ­පු­ර­යෙන් හමු­දා­වට බැඳු­ණාලු. මගේ තාත්තාගේ උස අඩි 4 අඟල් 10 යි. මාගේ තාත්තාගේ ක්‍රීඩා සහ­තික බලලා බඳවා ගත්තාලු.

මගේ තාත්තා තමයි ලංකාවේ සොල්දාදු පුහු­ණුව අව­සන් වෙලා යාප­න­යට ගිය උස අඩුම පුද්ග­ලයා. යාප­නයේ අවු­රු­ද්දක් විතර නිවාඩු නැතුව සේවය කරලා ගෙදර එන­විට තාත්තාගේ අම්මාට (මගේ ආච්චිට) තාත්තා ගැන බය­වෙලා පිස්සු හැදිලා අංගොඩ මාන­සික රෝහලේ නැවැ­ත්තුවා. ඒ වෙලාවේ හෙදි නැන්දා කෙනෙක් කියලා තියෙ­නවා අම්මාව හොඳ කරලා ගෙදර එක්ක යන්න හැබැයි තාත්තාට ගෙදර ඉන්න වෙනවා කියලා. ඉතිං තාත්තා නැවත යාප­න­යට ගිහින් නැහැ. නැවත තාත්තා ත්‍රීවිල් රස්සා­වම කළා.

දව­සක් කොළඹ කොටු‍වේදී තාත්තාගේ ත්‍රීවිල් එකට ඉස්ස­ර­හින් ගිය ත්‍රීවිල් එකට කකු­ලක් නැති හමුදා නිල­ධා­රි­යෙක් නව­ත්තලා හයර් එකක් යන්න කතා කරලා. ඒ රියැ­දුරා වැඩි මුද­ලක් ඉල්ලලා. ඒ හමුදා සෙබළා යන්න ඕනෙ නැහැ කියලා. ඊට­පස්සේ පිටු­ප­සින් සිටි මගේ තාත්තා සල්ලි ඕන නැහැ කියලා ඔහු රැගෙන ගිහින් බැස්සු­වාලු.

එදා තාත්තා ගෙදර ඇවිත් චිත්‍ර අඳින කෙන­කුට කියලා "ත්‍රිවිධ හමු­දාවේ හා පොලි­සියේ ආබා­ධිත රණ­වි­රු­වන් ප්‍රවා­හ­නය නොමිලේ" කියලා ලියවා ගත්තාලු. මගේ තාත්තා තමයි මුලින්ම ඒ දේ කළේ. මගේ තාත්තා ත්‍රීවිල් රස්සාව කරන්න පටන් අරන් අවු­රුදු 26ක් විතර වෙනවා. තවම මගේ තාත්තා පාරේ අන­තු­රක් දැකලා නැහැ. මගේ තාත්තා මිනි­සුන්ට හරිම ආද­රෙයි. මහින්ද රාජ­පක්ෂ හිටපු ජනා­ධි­ප­ති­තුමා කුරිරු යුද්ධය අව­සන් කළ නිසා තාත්තා එතු­මාට සල­කන්නේ දෙවි කෙන­කුට වගේ. 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට කලින් තාත්තා හීනෙන් දැකලා තියෙ­නවා මහින්ද මහ­ත්තයා පර­දි­නවා. මගේ තාත්තා මහින්ද මහ­ත්ත­යාව දින­වන්න හයර් යන මිනි­ස්සුන්ට යුද්ධය සිහි­කර කතා කරලා තියෙ­නවා.

2014.12.21 වෙනිදා උදේ මගේ තාත්තා දකුණු අතේ ඇඟි­ල්ලක් කපා බෞද්ධා­ලෝක මාවතේ රූප­වා­හිනි සංස්ථාව ඉදි­රි­පිට එල්ලුවා. මිනි­සුන්ට කුරිරු යුද්ධය සිහි­පත් කොට ජනා­ධි­පති මහින්ද මහ­ත්ත­යාට සුබ පැතු­වාලු.

මේ Covid 19 වයි­ර­සය ගැනත් තාත්තා සිහි­න­යක් දැකලා බෝධීන් වහන්සේ ළඟ පහ­නක් පත්තු කරලා තිබෙ­නවා. පසුදා තාත්තා අස­ල්වා­සීන් හැමෝම එකතු කර­ගෙන පහන් 200ක් විතර පත්තු කළා. ලංකාවේ කොරෝනා වයි­ර­සය වෙනු­වෙන් පළ­මුව පහ­නක් දැල්වූයේ මගේ තාත්තායි.

එහෙත් මගේ තාත්තා හීනෙන් දැක්කේ බෝධි­යක් ළඟ පහ­නක් පත්තු කර­නවා. නාවික හමු­දාවේ අය ලෙඩ වෙන­කොට ජය සිරිමා බෝධීන් වහන්සේ ළඟ පහ­නක් දල්වා නාවික හමු­දාවේ අයගේ ජීවිත රැක­දෙන්න කියා ඉල්ලන්න තාත්තාට හිතු­නාලු.

මගේ තාත්තා මැයි මාසයේ 11 වෙනිදා අස­ල්වාසී අයියා කෙනෙක්ගේ බයි­සි­ක­ල­යක් ඉල්ලා­ගෙන ඇඳි­රි­නී­තිය තියෙද්දී අනු­රා­ධ­පු­ර­යට ගියා. අපි බයෙන් හිටියේ තාත්තාට කර­ද­ර­යක් වෙයිද කියලා. තාත්තා මම දන්න කාලෙක බයි­සි­ක­ල­යක් පැදලා නැහැ. නමුත් තාත්තා ගෙද­රින් යන වෙලාවේ කිව්වා “චූටි දුව මනු­ස්සයො වෙනු­වෙන් හොඳ දෙයක් කරන විට බය­වෙන්න එපා කියලා.” මම දවස් 4 න් එනවා කිසිම කර­ද­ර­යක් නැතුව ගෙදර එනවා කියලා. ඒ වගේම 14 වෙනිදා හවස තාත්තා ගෙදර ආවා. දවස් 4 ක්ම මගේ තාත්තට කෑමට බත් නැහැ. තේ ටිකක් නෑ. බීම විත­රයි බීලා තියෙන්නේ.

රාත්‍රී කාලයේ ඉඳලා තියෙන්නේ පාළු තැන්වල. ඉතිං මගේ තාත්තා මිනි­සුන් වෙනු­වෙන් හැම දුකක්ම විඳපු කෙනෙක්. සම­හර අය තාත්තාට බනි­නවා පිස්සු වැඩ කර­නවා කියලා. නමුත් මගේ තාත්තා මට වීර­යෙක්.

අද මගේ තාත්තා ගොඩක් අස­රණ වී සිටින්නේ. මගේ තාත්තාගේ ත්‍රීවිල් එක මාර්තු මාසයේ ෆිනෑන්ස් එකෙන් අරන් ගිහින් තාත්තාට දැන් රස්සා­ව­කු­ත්නැහැ. අපිට දැන් ජීව­ත්වී­මට අමා­රුයි. මගේ තාත්තාට උද­ව්වක් කරන්න කියලා මම ඉල්ලා සිටි­නවා.

සෙව්මිණි දිව්‍යාං­ජලී

බප/ජය සේද­වත්ත සිද්ධාර්ථ

මධ්‍ය මහා විද්‍යා­ලය

දිනමිණ 

Posted On Friday, 21 August 2020 03:35 Written by