Monday, 06 May 2024

ලංකාවිදුලිබලමණ්ඩලඉංජිනේරුසංගමයටඑහිනිලධාරීමණ්ඩලයටසහසාමාජිකයින්ටකිසිදුවැඩවර්ජනයකහෝවෘත්තීයසමිතික්‍රියාමාර්ගයකප්‍රතිඵලයක්ලෙසසාමාන්‍යජනතාවටවිදුලියසැපයීමබිඳවැටීමවළක්වාලමින්කොළඹදිසාඅධිකරණයඅදජූනි 09 වාරණනියෝගයක්නිකුත්කළේය.

ලංකාවිදුලිබලමණ්ඩලයවිසින්ගොනුකරනලදපැමිණිල්ලකටඅනුවකොළඹදිසාඅධිකරණවිනිසුරුපූර්ණිමාපරණගමගේමහත්මියමෙමනියෝගයකළාය.

ලංකාවිදුලිබලමණ්ඩලඉංජිනේරුසංගමයේනිලධාරීමණ්ඩලයඇතුළුවිත්තිකරුවන්ට 2022 ජූනි 22 වැනිදිනදක්වාවාරණනියෝගයහැකිලෙසකොළඹදිසාඅධිකරණයනොතීසිනිකුත්කරඇත.

සනත්විජේවර්ධනමහතාගේඋපදෙස්මතනීතීඥරුවන්තකුරේල්සහනමික්නෆත්සමඟජනාධිපතිනීතිඥරොමේෂ්සිල්වාමහතාපැමිණිල්ලවෙනුවෙන්පෙනීසිටියේය.

Posted On Thursday, 09 June 2022 10:43

ඩෙංගු අධි වසංගත තත්ත්වයකට - එය ආපසු හැරවීමට සැවොම දායක වන්න - විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

Posted On Thursday, 09 June 2022 08:16

කොරියානු රැකියා ප්‍රශ්ණයට තිත- 119ක් කොරියාවට - මාස හයක් ඇතුළත 5800 ක්

Posted On Thursday, 09 June 2022 08:10

ඉන්ධන හිඟය හේතුවෙන් තවදුරටත් පෞද්ගලික පොදු ප්‍රවාහන සේවාවලට බාධා මතුව ඇති බව වාර්තා වේ.

Posted On Wednesday, 08 June 2022 09:29

හෙක්ටයාර දෙකට අඩු කුඩා ඉඩම්වල වී වගා කරන ගොවීන්ගේ ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

එම තීරණය වහාම ක්‍රියාත්මක කරන බව ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා සඳහන් කළේය.

කුඩා ඉඩම්වල වී වගා කරන ගොවි පවුල් අතිදුෂ්කර තත්ත්වයට පත්ව සිටිනා හෙයින් එම තීරණයට එළැඹි බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

සීමාවක් නැතිව රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම හේතුවෙන් කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව පහළ තලයකට පත්ව ඇති බව පැවසූ අගමැතිවරයා එම නිසා රාජ්‍ය සේවය පූර්ණ ප්‍රතිසංවිධානයකට හා ප්‍රතිසංස්කරණයකට භාජන කළ යුතු බව ද පැවසීය.  පුරවැසියකුට සිය ජීවිත කාලය පුරා කඩිනම් හා කාර්යක්ෂම සේවාවන් කරදරයකින් තොරව ලබා ගැනීමට හැකි රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණ බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

 

අපට අවශ්‍ය දූෂණයෙන් හා වංචාවෙන් තොර රටක් ගොඩනැංවීමට බවත් එය අනිවාර්යයෙන්ම විය යුත්තක් බවත් හොරකමින් තොර සමාජයක්, හොරුන්ට ඉඩක් නැති රටක්, හොරුන්ට දඬුවම් දිය හැකි ශක්තිමත් නීතිරීති ඇති පාලනයක් ඇති කරන බවත් ඒ මහතා කියා සිටියේය.

ස්වර්ණභූමි මහවැලි ආදි ඔප්පු මඟින් ජනතාවට පවරා ඇති රජයේ ඉඩම් අයිතිය සින්නක්කරවම දෙන බව පැවසූ අගමැතිවරයා නගරාසන්න තට්ටු නිවාස ගණනාවක කුලී පදනම මත ජීවත් වන පවුල් සඳහා සහනදායි පදනමක් යටතේ නිවාසවල අයිතිය පදිංචිකරුවන්ට දෙන බව ද කීවේය.

චීනය ඉදි කරන තට්ටු නිවාස ජනතා අයිතියට පත් කරන බවත් තමා කලින් අගමැති ධුරයේ කටයුතු කරන අවස්ථාවේ චීන මහජන සමූහාණ්ඩුවෙන් කළ ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1888ක් ඔවුන් ත්‍යාගයක් ලෙස පිරිනමා තිබෙන අතර මේ නිවාස අතුරින් නිවාස එකසියඅටක් කලාකරුවන්ට වෙන් කර ඇති අතර මේ සියලු නිවාස කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සුදුස්සන්ට නොමිලේ දීම තම බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා කියා සිටියේය.

Posted On Wednesday, 08 June 2022 02:36