Thursday, 18 April 2024

තරංග සමග දික්වැල්ල වාර්තා පොත අලුත් කරයි

Posted On Wednesday, 08 February 2017 03:57

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ රාත්‍රියේ පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගයේදී නව වාර්තා කිහිපයක් බිහි වුණා.



මෙම තරගයේදී කණ්ඩායම් දෙකම රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 694 ක්.

එය දකුණු අප්‍රිකාවේදි කණ්ඩායම් දෙකක් රැස් කළ සිව්වන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 327 දකුණු අප්‍රිකාවේදි හඹාගොස් පරාජය වූ තරගයක කිසියම් කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 139 ක සබදතාවක් ගොඩනැගුවා.

ශ්‍රී ලංකාව ආරම්භක පිතිකරුවන් තරග 25 කට පසුව පළමු කඩුල්ලට ශතක සබදතාවක් ගොඩනැගූ පළමු අවස්ථාව මෙයයි.ශ්‍රී ලංකාව ආරම්භක පිතිකරුවන් යුගලක් 2001 වසරින් පසුව මෙවැනි දස්කමක් දැක්වූ දෙවන අවස්ථාව මෙයවීමද විශේෂත්වයක්.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලේ ලකුණු සියය වාර්තා කළේ පන්දුවාර 10 ක් තුළයි.

එය ශ්‍රී ලංකා කන්ඩායමක් පළමු පන්දුවාර 10 තුළ රැස්කළ දෙවන වැඩිම ලකුණු සංඛයාවයි.2006 වසරේ එංගලන්තයට එරෙහිව ලකුණු 133ක් ලබාගැනීම පන්දුවාර 10ක් තුළ ශ්‍රීලංකා කණ්ඩායම රැස්කළ වැඩිම ලකුණු සංඛයාවයි.

උපුල් තරංග ඊයේ තරගයට නායකත්වය දෙමින් ශතකයක් රැස් කළ අතර ශ්‍රී ලංකාව නායකයෙක් ශතකයක් රැස් කළේ වසර 3 කට පසුවයි.

එමෙන්ම ඔහු මීට පෙර එක්දින ඉනිමකදී එල්ල කළ වැඩිම 6 පහර සංඛයාව ලෙස වාර්තා වූයේ 6 පහර හතරකි.නමුත් ඊයේ ඔහු 6 පහර 7ක් රැස් කර ගැනීමට සමත්විය.

.ඔහු ශතකයක් රැස්කළේ වසර 4 කට පසුව වීමද විශේෂත්වයක්.