Saturday, 20 April 2024

වියළි කලාගුණයේ වෙනසක්

Posted On Monday, 26 December 2016 05:20

දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස් වීමක් ඇතිවිය හැකි බවත් විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලින් එය බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
 
මධ්‍යම සහ සබරගමු පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

 
හිමිදිරි පාන්දර දිවයින පුරා ශිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවලට උදේ කාලයේ දී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.