Thursday, 02 May 2024

මහා සංඝරත්නයේ ආශීර්වාද මැද මිලින්ද මොරගොඩ ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයෙහි රාජකාරි කටයුතු අරඹයි

Posted On Monday, 30 August 2021 13:37

 

ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් නම් කරන ලද මිලින්ද මොරගොඩ මහතා අද (අගෝ. 30 පෙරවරුවේ) නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී නිල රාජකාරි ඇරඹීය. කැබිනට් නිල තත්ත්වය සහිතව පත් කරන ලද මොරගොඩ මහතා ඉන්දීය ජනාධිපති රාම් නාත් කොවින්ද් මහතා වෙත සිය අක්ත පත්‍ර භාරදීමට නියමිතය.
වැඩ බලන මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා ඇතුළු කාර්ය මණ්ඩලය අභිනව මහ කොමසාරිස්වරයා පිලිගත් අතර ආගමික කටයුතු වලින් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඡායනා මැද රාජකාරි ආරම්භ කරන ලේඛනවලට අත්සන් තබා ඇත. සියම් නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය, ආචාර්ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් පිරිස පංචශීලයෙහි පිහිටුවන ලද අතර කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද, සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී සාමග්‍රී සංඝ සභාවේ අනු නායක මහාචාර්ය කොටපිටියේ රාහුල සහ ඉන්දියානු මහාබෝධි සංගමයේ මහ ලේකම් පැලවත්තේ සීවලී යන හිමිපාණාන් වහන්සේලා සූම් ඇප් යෙදවුම මගින් අන්තර්ජාලය භාවිතා කර සෙත් පිරිත් දේශණා කිරීම විශේෂත්වයක් විය.
2021-23 මිලින්ද මොරගොඩ මහතා ගේ ධුර කාලය තුළ ඉන්දීය, ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාෂ්ට්‍ර ක්‍රමෝපාය මෙහි දී ප්‍රකාශයට පත් කළේය. ඉන්දු ශී්‍ර ලංකා සබ`දතා තවදුරටත් ශක්තිමත් කරනු ස`දහා දැක්මක් එමගින් ඉදිරිපත් කර තිබේ. බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දේශනා කරන ලද සද්ධා, සීල, ත්‍යාග, සහ පඤ්ඤා යන සතර සම්පදා මෙම ප්‍රකාශනයට පදනම් කරගෙන ඇත. එහි ස`දහන් මූලික අංශ දෙකකි. දූත මණ්ඩල උපාය මාර්ග රාමුව හා එහි පරමාර්ථ සහ අරමුණු පළමු කොටසට අඩංගු අතර එකී පරමාර්ථ හා අරමුණු විග්‍රහ කොට එක් එක් අරමුණු ක්‍රීයාත්මක කළ යුතු ව්‍යුහාත්මක ආකාරය වෙන් කර දැක්වීම දෙවැනි කොටසට ඇතුලත් කර තිබේ. දූතමණ්ඩල පරමාර්ථ හතක් හා ඒවාට යටත් අරමුණු තිහක් ද මෙම රාශ්ට ක්‍රමෝපායේ දක්වා ඇත.
දේශපාලන සබඳතා තරකරගනිමින්, රටවල් දෙක අතර දැනට පවතින ද්විපාර්ශ්වික සබඳතා ක්‍රමෝපායී මට්ටමකට රැගෙන ඒම, විදේශ ආයෝජන සහ රටට අවශ්‍යම කරන අපනයන ආදායම වැඩි කිරීම ඇතුළු කරුණු එහි ඇතුලත්ය. Zසෞභාග්‍යයේ දැක්මZ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සාර්ව ආර්ථික ඉලක්ක සපුරා ගැනීමේ පරමාර්ථයෙන් මෙහෙයැවෙන අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රමෝපායී සහයෝගීතාව අරමුණු කෙරේ. රටවල් දෙක අතර භූමි කලාපයේ හා ඉන්දියානු සාගරයේ ආරක්ෂාව යන ක්ෂේත්‍රවල අවධානය, ශ්‍රී ලංකාවේ අභිලාෂයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ සහිතව සංස්කෘතික, අධ්‍යාපන සහ විද්‍යා-තාක්ෂණ වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම ගැන ද මෙහි ස`දහන්ය. ඉන්දියාවේ ජනතාව වෙත සමීපවීමේ මෙන්ම දෙරටේ ජනතාව අතර සබඳතා තර කිරීමේ අරමුණෙන්, ජනතාවාදී සහ රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් හරහා ශ්‍රී ලංකාව පිළිබඳ වඩාත් ධනාත්මක ප්‍රතිරූපයක් ඉන්දියාව ඇතුළත නිර්මාණය, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධකතාව ඉහළ නැංවීම සහ අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ සාගර සම්පත් ආරක්ෂා කරගැනීමට ඇති අභිලාෂයන් ප්‍රවර්ධනය කිරීම යන කරුණු මෙම සංග්‍රහයෙහි තවදුරටත් ඇතුලත්ය. සම්පූර්ණ ලියැවිල්ල https://www.slhcindia වෙබ් අඩවියෙන් කියැවිය හැකිය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා සලකා කැපවීමෙන් හා කණ්ඩායම් හැ`ගීමකින් ක්‍රියා කරන අතර දැනට පවතින අසීරු අවස්ථාවේ දී විදේශගත දූත මණ්ඩල නියෝජිතයන් රට වෙනුවෙන් කරන සේවාව අගය කරන බව ද මිලින්ද මොරගොඩ මහ කොමසාරිස් ධුරයෙහි වැඩ භාරගනිමින් කියා සිටියේය.