Wednesday, 15 May 2024

විදුලි බිල ස්මාර්ට් වෙයි

Posted On Saturday, 26 December 2020 12:13

විදුලි බිල්පත් SMS මාර්ගයෙන් හෝ ඊමේල් මාර්ගයෙන් විදුලි පාරිභෝගිකයාට යොමු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට විදුලි බල අමාත්‍යාංශය සූදානම් වෙයි.

දැනට මනු කියවන්නන් විසින් විදුලි බිල්පත් පිළිබඳ තොරතුරු නිවසට පැමිණ ලබාදෙයි.

නව තාක්ෂණය භාවිත කරමින් සවි කරන ‘‘ස්මාට් මීටර’’ ක්‍රමය තුළින් කාර්යාලයේ සිට විදුලි බිල්පත සකස් කිරීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කරයි.

මෙම වැඩපිළිවෙළ මගින් මනු කියවන්නන්ගේ රැකියා අහිමි වීමක් සිදුනොවන බව ද ඔහු අවධාරණය කරයි.

ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත.