Thursday, 18 April 2024

පළාත් සභා ඡන්ද ක්‍රමය අහෝසිකළ යුතුයි - යෝජනාව සම්මතයි

Posted On Tuesday, 15 September 2020 09:57

"පළාත් සභා ඡන්ද ක්‍රමය අහෝසිකළ යුතුයි" යන යෝජනාව වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේදී අද (15) ඒකමතිකව සම්මත වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රදේශිය සභා මන්ත්‍රී නාලක තරංග සමරසිංහ මහතා එම යෝජනාව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර ඇත.

පසුව මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසුමක් සිදු කළ බවත් ඒ අනුව 

වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් 25 දෙනාගෙන් අද පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් 23 දෙනෙක් පමණක්  වන පසුබිමක 

එම 23 දෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය විමසන අවස්ථාවේදී සභාවෙන් පිටතට ගොස් සිටි බවත් තවත් එක් මන්ත්‍රීවරයෙන් ඡන්දය ප්‍රකාශ නොකර සිටි බවත් වාර්තා විය 

අනෙක් මන්ත්‍රීවරුන් 21 දෙනාම "පළාත් සභා ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතුයි" යන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බැවින් එම යෝජනාව එකමතිකව සම්මත වී ඇත.