Friday, 26 April 2024

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය

Posted On Tuesday, 15 September 2020 04:00
 

එළඹෙන 18 වැනිදා සිට 27 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී, 2020 කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ආරම්භසියලු කටයුතු සූදානම් කොට ඇත.

ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 22 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය, කෝවිඞ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි.

ඒ පිළිබඳ කරුණු දැක්වූ ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය කියා සිටියේ සියලූම සෞඛ්‍ය උපදෙස් සහ නීතිරීතිවලට අනුව එම කටයුතු සංවිධානය කෙරෙන බවයි. පුද්ලගයින් අතර පරතරය පවත්වාගෙන යෑම කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කර ඇති බවත් පෙන්වා දුන්නා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට සමගාමීව මෙරට නවකතාකරුවන් දිරිගැන්වීම වෙනුවෙන් සෑම වසරකම ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ද සංවිධාන කෙරෙනවා. මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමි වුණේ එරික් ඉලයප්පආරච්චි රචනා කළ පේ‍්‍රත නම් කෘතියටයි. ඒ සම්බන්ධයෙන් ද ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ මණ්ඩල තුනකින් විනිශ්චය සිදු කෙරෙන එකම සම්මාන උළෙල ස්වර්ණ පුස්තක සම්මාන උළෙල බවයි.