Thursday, 28 March 2024

අම්පාර ට ආසන්න මුහුදේ ගිනිගනිමින් ඇති ඉන්දන නෞකාවේ කාර්යමණ්ඩලය බේරා ගැනීමේ මෙහෙයුම.

Posted On Thursday, 03 September 2020 09:15

අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ  මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. "MT නිව් ඩයමන්ඩ්"  නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරා ගැනීමට අවශ්‍ය පියවර නාවික හමුදාව මේ වන විටත් ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ඒ අනුව MT නිව් ඩයමන්ඩ් තෙල් නෞකාවේ පිලිස්සුම් තුවාල ලැබූ අයෙක් නාවික හමුදාවෙන් බේරා ගත් අතර මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක  බව සන්නසට වාර්තා විය.

මෙම නෞකාව පැනමාවට අයත් වන අතර එය ඉන්දියාව බලා යමින් සිටිය බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරය සඳහන් කළේ.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත ලඟා වී ඇත.

මේ අතර මෙම නෞකාව සම්බන්ධයෙන් හා අදාළ මුහුදු ප්‍රදේශය නිරික්ෂණය කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ B-200 වර්ගයේ බිච් ක්‍රාෆ්ට් වර්ගයේ ගුවන් යානයක් ද පිටත කර යවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

118649108_10219748123946502_5201015406074139296_n.jpg

118356134_10219748123706496_6760872862657602682_n.jpg

118484730_10219748124866525_2008957626550440332_n.jpg