ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයත්, FITIS (federation of IT Industry) ආයතනයත්, විසින් ඩිජිටල් ආර්ථිකයක් කරා තේමාවෙන් ක්‍රියාවට නංවා ඇති INFOTEL 2017 ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඊයේ (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි.
දිවයිනේ පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (31) දිනයේදී පවතින වැසි තත්වයේ වැඩි වීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ඟිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
2008 වසරේ සිට පාර්සල් ප්‍රවාහන ගාස්තුව ඉහළ නංවා නොමැති අතර වසර නවයකට පසුව මෙලෙස ගාස්තු වැඩිවීමක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අන්තර් නිවර්තන අභිසාරි කලාපය දිවයිනට දකුණු දෙසින් පවතින අතර දිවයින හරහා අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වී ඇති බැවින් සවස් කාලයේ දී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වනාන්තර සහ කැලෑ විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. රටේ වන සම්පත රැක ගැනීම සඳහා රජය සුවිශේෂී අවධානයක් යොමුකර කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට රජය ප‍්‍රමාදයකින් තොරව කටයුතු කරන බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.