Sunday, 08 September 2024
නව පුවත්

දිවයිනේ පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (31) දිනයේදී පවතින වැසි තත්වයේ වැඩි වීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ඟිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

Posted On Tuesday, 31 October 2017 07:19

2008 වසරේ සිට පාර්සල් ප්‍රවාහන ගාස්තුව ඉහළ නංවා නොමැති අතර වසර නවයකට පසුව මෙලෙස ගාස්තු වැඩිවීමක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Posted On Tuesday, 31 October 2017 07:14

අන්තර් නිවර්තන අභිසාරි කලාපය දිවයිනට දකුණු දෙසින් පවතින අතර දිවයින හරහා අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වී ඇති බැවින් සවස් කාලයේ දී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

Posted On Wednesday, 25 October 2017 06:12

වනාන්තර සහ කැලෑ විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. රටේ වන සම්පත රැක ගැනීම සඳහා රජය සුවිශේෂී අවධානයක් යොමුකර කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට රජය ප‍්‍රමාදයකින් තොරව කටයුතු කරන බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
 

Posted On Wednesday, 25 October 2017 06:10

කොළඹ ජාතික රෝහලේ ඉදි කළ ජාතික අපස්මාර මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (24) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි. ශ්‍රී ලංකා රජයේ සහ සංවර්ධනය සඳහා වන සවුදි අරමුදලේ ආධාර මත මේ සඳහා වැයකර ඇති මුදල් රුපියල් බිලියන 4.5 කි.
 

Posted On Wednesday, 25 October 2017 05:31