වියට්නාමයේ හැනෝයි නුවරදී අද (අගෝස්තු 27) සහ හෙට (28 ) දෙදින තුළ ඉන්දීය සාගර සමුළුව පැවැත්වෙයි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුව සඳහා සහභාගී වීමට වියට්නාමය බලා පිටත්ව ගොස් ඇත.
විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලාංකීය ජනතාවගේ සුවසෙත උදෙසා ඉන්දීය රජය මඟින් පරිත්‍යාග කළ 1990 සුව සැරිය ගිලන්රථ සේවාවෙන් ගිලන් රථ 26 ක් ඌව පළාතට ලබාදී තිබේ.
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද (21) වීථි සංචාරය කෙරේ.
රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 03වන සඳුදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඕනෑම හදිසි ආපදා තත්ත්වයදී මෙන් ම ආපදා තත්ත්වයන් පිළිබඳ තොරුතුරු ලබාගැනීමට අවශ්‍ය නම් ක්ෂණික දුරකථන අංක 117 අමතන්න යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.