Thursday, 25 April 2024
නව පුවත්

තැපැල් දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සේවා අවශ්‍යතාවය අනුව,දෛනික වැටුප්මත රාජකාරි ඉටුකරවා ගැනිම සඳහා ආදේශකයින් ලියාපදිංචි කරවා ගැනිම වෙනුවෙන් 2019 අප්‍රේල් 01 දින දක්වා ප්‍රාදේශීය තැපැල් අධිකාරි කොට්ඨාස මට්ටමින් අයදුම්පත් කැඳවන බව තැපැල් දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේ  ජේෂ්ඨ (පාලන) ලේකම් රවින්ද්‍ර ගුණරත්න රජයේ නිල වෙබ් අඩවියට පැවසිය.

Posted On Thursday, 21 March 2019 10:01

දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 ක ඉදිකෙරෙන ආඝාත ඒකක වල ඉදිකිරිම් කටයුතු කඩිනම් කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Posted On Monday, 18 March 2019 04:47

ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වීම,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18)කොළඹ,ෂැන්ග්‍රිලා හෝටලයේ දී පවැත්වීමට නියමිතය.

Posted On Monday, 18 March 2019 04:45

2019 ලෝක සමාජ වැඩ දිනය සැමරීම සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් පා ගමනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 18 දා පෙ.ව. 9.00 ට කොළඹ විහාරමහාදේවී උද්‍යානයෙන් ආරම්භ කෙරෙන මෙම පාගමන ශ්‍රී ලංකා පදනම් ආයතනය දක්වා යාමට සැලසුම් කොට ඇත.

Posted On Friday, 15 March 2019 09:06

ජ්‍යාත්‍යන්තර ක්‍රමෝපායන්ට අනුව සැකසුණු නව උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

Posted On Friday, 15 March 2019 09:03