පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔක්තෝබර් මාසයේ ගතවූ දින 17 ක කාලය ඇතුළත දිවයිනෙන් ඩෙංගු උණ රෝගීන් 3828 දෙනෙකු වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
සැප්තැම්බර් මස 10 දින සිට ඔක්තෝබර් 10 දින දක්වා ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ පමණක් හෙරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 4322ක් සිටින බව පොලීසිය පවසයි.
ජනාධිපතිවරණය සඳහා තම ඡන්දය භාවිත කිරිමට විදෙස් ගත වුවන් ද එක්වනු ඇතිව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා මේ බව කීය.
ජනාධිපතිවරණයේ මැතිවරණයට අදාළ සජිවි විකාශයන් නොවැම්බර් 07 වෙනි සිට නවතා දැමිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පාවිච්චි කිරීම ඔක්තොබර් 31 දා සහ නොවැම්බර් 01 දා යන දිනයන් හි සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ (සැළසුම්) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසිය.