දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල සේවය කරන සියලු ගුරුවරුන්ට වැටුපට අමතර ව දීමනාවක් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ.
සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටී ස්ථානයට අද (07) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.
පදිංචිය සහතික කිරීම සඳහා ග්‍රාම නිලධාරිවරයා විසින් ලබාදෙනු ලබන සහතිකය මින් ඉදිරියට ප්‍රදේශිය ලේකම්වරයා විසින් සහතික කිරීමක් සිදු කිරිමක් අවශ්‍ය නොවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් නිකුත් කළ නව චක්‍ර ලේඛනයේ සදහන් වේ.
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ පෙබරවාරි 20 දක්වා අයැදුම්පත් භාර ගැනේ.