Monday, 29 April 2024
නව පුවත්

මහ මැතිවරණය තුළදී කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය නිලධාරීන් හා හෙඳ නිලධාරීන් යොදා ගැනීමටත් ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ඡන්දපොළ සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමටත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විධායක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඡන්දපොළ විශබීජ හරණය කිරීමටත් කටයුතු යොදා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

Posted On Friday, 24 July 2020 08:07

ඡන්දය පැවැත්වීමේදී සෞඛ්‍ය ක්‍රියාමාර්ග බලාත්මක කරමින් ඡන්ද මධ්‍යස්ථානවල කොරෝනා ව්‍යාප්තිය සිදු නොවන ආකාරයෙන් ඡන්දය පවත්වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡාවක් දින(23) දින මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Posted On Friday, 24 July 2020 08:02

ඡන්ද විමසීමේ කාලය තුළ සංවිධානය කරනු ලබන දේශපාලනමය ස්වරූපයේ වැඩමුළු,සාකච්ඡා,සුහඳ හමු,භෝජන සංග්‍රහ පිළිබඳ පැමිණිලි

Posted On Friday, 24 July 2020 08:01

තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසා අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකරමින් මුදල් වංචාකළ ජාවාරමක් පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු අනාවරණය වී තිබෙන එම කාර්යාංශය පවසයි.

Posted On Thursday, 23 July 2020 09:49

රජයේ පාසල් නිවාඩු නිසා ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක් පැවතීම සහ රජයේ බොහෝ කාර්යාල වල සම්පූර්ණ සේවක ප්‍රමාණයම සේවයට කැඳ වන්නේ නැති බැවින් මෙම තත්වය උද්ගත වී ඇති බවත් ඒ වෙනුවෙන් එළඹෙන 25 වන සිකුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා අමතර වේලාවක් ලබා දෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

Posted On Wednesday, 22 July 2020 15:59