පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලු පාසල් පෙබරවාරි 09 වන දින වසා තැබේ. මීට අමතරව තවත් පාසල් 19 ක් හා විද්‍යාපීඨ දෙකකට පෙබරවාරි මස 07, 08 සහ 09 දිනවලත් වසා තැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දේශපාලන කටයුතුවලට ළමුන් යොදගැනීම ළමයගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් බවත් ළමුන් දේශපාලන කටයුතුවලට යොදා නොගන්නා ලෙසත් ජතික ළමා අරක්ෂක අධිකාරිය සියලු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටියි.
නැනෝ තාක්ෂණය ඔස්සේ පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පයාගල මලේගොඩ ප්‍රදේශයේ දී පසුගියදා සිදු කරන ලදි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අනෙකුත් ප්‍රදේශවල තැනින්තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගාල්ලේ පැවැත්වෙන හැත්තෑවැනි නිදහස් සැමරුමට හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය පවසයි. ගාල්ල දිස්ත්‍රික් නිදහස් දින සැමරුම, දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 8.00 සිට ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට දී පැවැත්වීමට සූදානම් කර ඇත.