Thursday, 28 March 2024

පොප් ගායක ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වෙයි!

Posted On Monday, 26 December 2016 09:10

ජනප‍්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වී තිබේ.

 ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 53කි.

එංගලන්තයේ දී උපත ලද ජෝර්ජ් මයිකල් 1980 දශකයේ දී අතිශය ජනප‍්‍රියත්වයට පත් වුණි.

ඔහු විසින් ගායනා කරන ලද කේයාර්ලස් විස්ෆර්, වන් මෝ ට‍්‍රයි, වේක් මී අප් බිෆෝ යූ ගෝ ගෝ, ලාස්ට් ක‍්‍රිස්මස්, ෆ‍්‍රීඩම් යන ගීත ජනපි‍්‍රයත්වයට පත්වුණේ ගීත ඇල්බම ද මිලියන ගණනක් අලෙවි වෙමිනි.


ජෝර්ජ් මයිකල් විසින් ගායනා කළ ගීත ඇතුළත් ඇල්බම මිලියන සියයකට වැඩි ප‍්‍රමාණයක් අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍යයන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් ප‍්‍රකාශයට පත් වී නැත.

Read 1465 times