Monday, 06 May 2024

පළාත් පාලන මැතිවරණය - ගම්පහට නව රථවාහන සැලැස්මක්

Posted On Thursday, 14 December 2017 06:55

පළාත් පාලන මැතිවරණය - 2018 නාමයෝජනා පත්‍ර භාරදීමේ පළමු අදියර අවසන් දින වන අද (14) දිනයේ ගම්පහට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා පැවසීය.
 


නාමයෝජනා පත්‍ර භාරදීමේ අවසන් දිනය හා නාමයෝජනා පත්‍ර විරෝධතා පළ කිරීම සිදු කෙරෙන හෙට දිනයේ මෙසේ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව ඒ මහතා සඳහන් කළේය.
 
මෙම වාහන සැලැස්මට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ආධාරකරුවන්ගේ රථවාහන ගාල් කොට තැබීම පිණිස වැරැල්ලවත්ත ලංගම ඩිපෝව මාර්ගයත්, ජනතා විමුක්ති පෙරමුණ ආධාරකරුවන් සඳහා මිරිස්වත්ත - වතුරුගම (205) මාර්ගයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආධාරකරුවන් සඳහා ගම්පහ - ඔරුතොට මාර්ගයත්, එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් සඳහා නව මිනුවන්ගොඩ මාර්ගයත් වෙන් කොට ඇත.
 
සියලු ස්වාධීන කණ්ඩායම්වල ආධාරකරුවන් සඳහා ගම්පහ නගරයේ නගර සභා රථගාල වාහන ගාල් කිරීම සඳහා ලබා දී ඇති බව පොලිසිය සඳහන් කරයි.

Read 1052 times