Wednesday, 05 February 2025

උතුරු මැද පුරප්පාඩු පුටුව එන්.වී.සමන්තට ලැබෙයි

Posted On Sunday, 01 January 2017 09:48

උතුරු මැද පළාත් සභාවේ පුරප්පාඩුව පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධූරය සඳහා එන්.වී.සමන්ත මහතා පත්කර තිබේ.

උතුරු මැද පළාත් සභාවේ හිටපු සභා නායක ආනන්ද සරත් කුමාර රත්නායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩුව පැවති මන්ත්‍රී ධූරය සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්ය.


පළාත් සභා ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත සිදුකළ දැනුම්දීමක් අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ මහලේකම්වරයා විසින් පත්කිරීම සිදුකර තිබේ.

එන්.වී.සමන්ත මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් උතුරු මැද පළාත් සභාවට පසුගිය පළාත් සභා මැතිවරණයේදී තරග කර තිබුණි.

Read 1447 times