Wednesday, 21 May 2025

මහ මැතිවරණය අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය හෙට

Posted On Sunday, 21 June 2020 17:00

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය හෙට (22) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.



එතුමා වැඩිදුරටත් සදහන් කරන ලද්දේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුකූලව අනුගමනය කළ යුතු සෞඛ්‍යමය නිර්දේශ මෙම ගැසට් පත්‍රයේ අන්තර්ගත බවයි.

ඒ අනුව මහ මැතිවරණය මෙම ගැසට් නිවේදනයට අනුකූලව පැවැත්වීම සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරුන් දැනුවත් කිරීමට නියමිතව ඇත.

Read 634 times