Thursday, 18 April 2024

සියලු පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැදවයි

Posted On Wednesday, 04 December 2019 05:42

විශේෂ සාකච්ඡාවක් සදහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (04) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව වාර්තා වේ.



මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවත් ඉදිරියේදි පැවැත්වෙන මහා මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වනු ඇති බව සදහන් වේ.

එමෙන්ම නව මැතිවරණ නීති සම්බන්ධයෙන් හා දැනට පවතින මැතිවරණ නීති රෙගුලාසි කාලීන අවශ්‍යතා මත සංශෝධනය කිරිම සම්බන්ධයෙන් ද  අවධානය යොමු කිරිමට නියමිතයි.

මැතිවරණ අවස්ථාවන්හිදි දේශපාලන පක්ෂ විසින් සිදුකරන ප්‍රචාරක වියදම් සීමා කිරිමට හා ඊට නව නීති රෙගුලාසි පැනවීමේ යෝජනාවන් පිළිබදව ද දේශපාලන පක්ෂ ලේකම්වරුන් මෙහිදි දැනුවත් කිරිමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

Read 621 times