Saturday, 20 April 2024

ඡන්දය භාවිත කිරිම සඳහා වලංගු හැදුම්පතක් අනිවාර්යයි

Posted On Thursday, 31 October 2019 08:23

ඡන්දය භාවිත කිරිම සඳහා වලංගු හැදුම්පතක් අනිවාර්ය බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.



එසේ නොමැති නම් වලංගු ජාතික හැඳුනුම්පත,වලංගු ගමන් බලපත්‍රය මෙන් වලංගු රියදුරු බලපත්‍රය මෙන්න පැහැදිලි වැඩිහිටි හැදුනුම්පතින් ද තම ඡන්දය පාචිච්චි කළ හැක. එසේ නොමැතිව කිසිදු අයෙක්ට ඡන්දය භාවිත කිරිමට නොහැකි බව පැවසු මැතිවරණ කොමිසන් සභාපතිවරයා පැවසීය.

ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කරන  ලද තාවකාලික හැඳුනුම්පත යන පිළිගන්නා වූ හැඳුනුම්පතක් සියලුම තැපැල් ඡන්ද දායකයින් විසින් භාවිතා කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කර සිටියි.

ඒ අනුව, ඉහත සඳහන් කිසිඳු හැඳුනුම්පතක් හෝ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් වන රාජකාරි හැඳුනුම්පත හෝ  නොමැති කිසිවෙකුට තම අනන්‍යතාවය සනාථ කළ නොහැකි බැවින් තැපෑලෙන් ඡන්ද ප්‍රකාශ කිරීමේ දී වුව ද
ඡන්දදායකයෙකු ලෙස සලකා කටයුතු නොකළ යුතු බවත්, රාජකාරි හැඳුනුම්පත තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා  පිළිගනු ලැබුව ද පසුගිය ඡන්ද විමසීම් වලින් පසුව ඒ සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු සැළකිල්ලට ගෙන මෙම  ඡන්ද විමසීමේ දී තැපැල් ඡන්දදායකයෙකු රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කරන්නේ නම් එම තැපැල් ඡන්දදායකයා  හඳුනාගැනීම හෙවත් අනන්‍යතාවය පරික්ෂා කිරීම, සහතික කිරීමේ නිළධාරී කාර්යයාල වල කටයුතු අධීක්ෂණයට  තේරීම්භාර නිළධාරීන් විසින් පත්කොට ඇති නිළධරයා විසින් සිදු කළ යුතු වන බවත්, එසේ නොවන අවස්ථාවල  රාජකාරි හැඳුනුම්පතට තැපැල් ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා නොදිය යුතු බවත්, තැපැල් ඡන්ද  නිරීක්ෂණ කටයුතු සඳහා යොදවන සහකාර තේරීම්භාර නිළධාරීන්/ වෙනත් නිළධාරීන් මඟින් තැපැල් ඡන්ද කටයුතු  ආරම්භ කිරීමට පෙර සහතික කිරීමේ නිළධාරීන් දැනුවත් කිරීමට පියවර ගත යුතු බවත් නිවේදනයෙන් කියැවෙයි.

Read 510 times